The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද? Empty උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද?

Wed Aug 09, 2017 5:54 pm
BBC Sandeshaya පැයකට පෙර
උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද? _97267355_9b72a9e5-bcae-4268-9d83-8dcaa80a964d
Image copyright Reuters
Image caption ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඇන්ඩර්සන් ගුවන් කඳවුර ගුවාම් දුපතේ පිහිටා තිබේ.

ඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බව උතුරු කොරියාව පවසයි.

ලෝකය මින් පෙර නොදුටු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී උතුරු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය නව අරමුණ පිළිබඳ වාර්තා කළේය.

උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය සඳහන් කළ අන්දමට, ඇමෙරිකාවේ බෝම්බ ප්‍රහාරක යානා ස්ථානගතකොට ඇති ගුවාම් වෙත මාධ්‍ය හා දිගුදුර පරාසය අතර වූ රොකට්ටු විදීමේ සැලසුමක් කෙරෙහි අවධානය යොමුකොට ඇත.

මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ "අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව "වන්දි ගෙවිය යුතුයි" යැයි ද පැවසීය.
'විනාශකාරී කෝපාග්නිය'

බදාදා (අගෝස්තු 09) උතුරු කොරියානු KCNA පුවත් ආයතනය පැවසුවේ සිය රටේ නිෂ්පාදිත මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් - 12 (Hwasong-12) මිසයිල උපයෝගී කරගනිමින් "ගුවාම් අවට ප්‍රදේශයට පහරදීම සම්බන්ධ මෙහෙයුම් සැලසුමක් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටිනවා" යැයි පැවසීය.

එම පුවත් ආයතනය උපුටා දැක්වූ හමුදා නිවේදනය අඟහරුවාදා නිකුත් වූයේ, ගුවාම් හි ක්‍රියාත්මක කෙරෙන ඇමෙරිකානු හමුදා අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙසිනි.

ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කළ ගුවාම් හි ආණ්ඩුකාර එඩී බාසා කැල්වෝ සිය දූපතට හෝ මරියානා දූපත් සමූහයට දැනට "තර්ජනයක් නැහැ" යැයි පැවසුවද "එවන් තත්ත්වයකට සූදානම්" බවද සඳහන් කළේය.

උතුරු කොරියාවේ නිවේදනය පවතින උණුසුම් තත්ත්වය තවත් ඉහළ නංවාලන සුළු අවස්ථාවකි.

පස් වතාවක් න්‍යෂ්ටික අත්හදාබැලීම් කළ ප්යෝන්ග්යැන්ග් පාලනය, ජූලි මාසයේදී අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) දෙකක් අත්හදා බැලුවේ, ඇමෙරිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට පහරදීමේ හැකියාව දැන් තමන් සතු බව පවසමිනි.

මේ අතර, අඟහරුවාදා ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ උතුරු කොරියාව සිය මිසයිලවල සවිකිරීමට හැකි තරමේ කුඩා න්‍යෂ්ටික යුදශීර්ෂයක් සෑදීමේ ඉලක්කය සපුරාගෙන ඇති බවය.

එය තහවුරු වී නැති වුවද, පූර්ණ න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක්වීම සඳහා උතුරු කොරියාව මුහුණ දී සිටි අවසන් බාධකය එය විය.

මීට පෙර අපේක්ෂා නොකළ තරමේ වැඩි වේගයකින් ඇමෙරිකාවට පහරදීමට සමත් න්‍යෂ්ටික අවි නිපැයීමෙහි උතුරු කොරියාව යෙදී සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකොට තිබිණි.

අවි වැඩපිළිවෙල "සැළකිය යුතු වර්ධනයක්" ලබා ඇති අතර බොහෝ දුරට උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි ඇති බව ජපාන රජයේ ආරක්ෂක ධවල පත්‍රිකාවක දැක්වේ.

මේඅතර ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය පිළිබඳව සැක මුසුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයෙකුවන ජෝන් ම'කේන් පැවසුවේ "ක්‍රියාත්මක වෙන්නට තරම් ජනාධිපති තරම් සුදානම් දැයි විශ්වාස නැහැ" යනුවෙනි.

____
සෝල් නුවර තත්ත්වය : බීබීසී වාර්තාකාරිනී යෝගිතා ලිමායේ

දැනට මතුවී ඇති තත්ත්වය, උතුරු කොරියානු දේශසීමාවේ සිට කිලෝමීටර 50ක් (සැතපුම් 30) තරම්වූ දුරක් මෙපිටින් ඇති සෝල් අගනුවර තුළට ගෙනවිත් ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. 62 හැවිරිදි කිම් සිඔන්ග් පවසන්නේ සිය පාලනය පවත්වාගැනීමට බොරු ගොතන උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සාධාරණීකරණය කරන බවය.

නමුත් අනෙක් බොහෝ පිරිසක් මේ පිළිබඳව සිටින්නේ අවධානයෙනි. තමන්ට මේ තත්ත්වය "බිය ගෙනදෙන්නක්" බව යිඔන් එයුඉ-සූක් පවසන්නීය. "හැමදෙනාටම සාමකාමීව සිටින්නට හැකි වේයැයි මා පතනවා. කිම් ජොන්ග් අන් අප හැම දෙනාවම කණස්සල්ලට පත්කරනවා" ඇය පැවසුවාය.

ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස ක්‍රියාත්මක කරද්දී, අගෝස්තු මාසය තුළ ප්යෝන්ග් යැන්ග් පාලනයෙන් සැමවිට මතුවුයේ ආවේගශීලී ප්‍රකාශන රටාවක් බව විශ්ලේෂකයෝ පවසති. එහෙත්, මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි වචන භාවිතයත් සමග ඝට්ටනශීලී බව පෙරට වඩා බියගෙන දෙන සුළු වී ඇත.

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර දැමීමට පෙළඹවීම සඳහා පීඩනයක් එල්ලකිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සෙනසුරාදා නව ආර්ථික සම්බාධක ප්‍රකාශයට පත්කිරීමත් සමග එරට කෝපයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීය.

උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් අඩුකිරීම එම සම්බාධකවල අරමුණ විණි.

මේ හේතුවෙන් උතුරු කොරියාව ප්‍රතිචාර දක්වනු ඇති අතර නව පියවර කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් "ඇමෙරිකාව වන්දි ගෙවීමට" සලසනු ඇති බව KCNA පුවත් ඒජන්සිය පැවසීය.

නව සම්බාධක "100%ක් ම" ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කැපවන බව ප්යෝන්ග්යැන්ග් පාලනයේ අතිශය සමීපතමයා වන චීනයද පවසා තිබිණි.

ප්යෝන්ග්යැන්ග් පාලනය මෙහෙයවා ගැනීම සම්බන්ධයෙන් රුසියාව හා චීනය මීට පෙර එකිනෙකාට වෙනස් මත දැරුවද ගෙවී ගිය මාස කිහිපය තුළ ඒ දෙරටම උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ මිසයිල අත්හදා බැලීම් නවතන ලෙසය. එසේම එකාබද්ධ යුද අභ්‍යාස නවතා දකුණු කොරියාවේ ඇති මිසයිල නාශක පද්ධතිය ඉවත් කරගන්නා ලෙස අමෙරිකාවෙන් හා දකුණු කොරියාවෙන්ද ඉල්ලා සිටියහ.
කුඩා එහෙත් වැදගත් ගුවාම් දූපත
උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද? _97267356_0dc3d04b-7e56-4a55-8801-1dd9c1ece71b
Image caption ගුවාම් දූපත

   ගුවාම්, ශාන්තිකර සාගරයේ පිලිපීනය සහ හවායි අතර පිහිටි වර්ග කිලෝමීටර 541 (වර්ග සැතපුම් 209) ක ප්‍රමාණයේ දුපතකි.

   "අසංවිධිත, සංස්ථාපිත නොවූ", ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බලප්‍රදේශයක් වන එහි 163,000ක පමණ ජනගහනයක් වෙසෙති.

   ගුවාම් දිවයිනෙන් හතරෙන් තුනක්ම ඇමෙරිකානු හමුදා කඳවුරුවලින් ආවරණය වී තිබේ. 6,000ක පමණ භට පිරිසක් එහි රඳවා ඇති අතර ඒ වෙත තවත් යොමු කිරීමේ සැලසුම් ද පවතී.

   ඇමෙරිකානු හමුදා මෙහෙයුම් සඳහා ඉතා වැදගත් ස්ථානයක් වූ මෙහි සිට දකුණු චීන මුහුද, කොරියානු අර්ධද්වීපය මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය වෙත ප්‍රවේශය සැපයේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum