The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව Empty ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව

on Wed Aug 30, 2017 5:20 pm
BBC Sandeshaya පැය 3 කට පෙර
ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව _97594314_hi041335910
Image copyright KCNA

තවදුරටත් මිසයිල අත්හදා බැලීමට ඇති සැලසුම් පිළිබඳ ඉඟි කරන උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම ශාන්තිකර කලාපයේ යුද මෙහෙයුම්වල "පළමු පියවර" බව පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපත සම්බන්ධයෙන් ද උතුරු කොරියාව සිය රාජ්‍යය මාධ්‍ය ඔස්සේ අනතුරු අඟවා තිබේ.

උතුරු කොරියාව විසින් අඟහරුවාදා (අගෝස්තු 29) විදින ලද මිසයිලය ජපානයේ හොකයිදෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය.

මිසයිලය පතිත වීමට පෙර, ආරක්ෂක ස්ථානවලට ගොස් ආවරණය සලසා ගන්නා මෙන් ජපාන බලධාරීන් හොකයිදෝ දූපත්වාසීන් වෙත දන්වා තිබිණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත දැඩි ලෙස හෙළා දකිනු ලැබීය.

මිසයිල අත්හදා බැලීම නවතා දමන ලෙස අඟහරුවාදා පස්වරුවේ නිව්යෝක් නුවරදී රැස් වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේය.
ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව _97594317_hi041335908
Image copyright KCNA

උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට තර්ජනයක් බව ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

නමුත් ප්යොංයෑං පාලනයට එරෙහිව අලුතින් සම්බාධක පනවන බවට එම නිවේදනය මගින් අනතුරු අඟවා නොමැත.

කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම ඉහළ යාමට ඇමරිකාව විසින් එම කලාපයේ සිදු කරනු ලබන හමුදා ක්‍රියාකාරකම් ද බලපා ඇති බව රුසියාව සහ චීනය පවසති.

උතුරු කොරියාව මත තවදුරටත් පීඩනය යොදවන ලෙස නිල සංචාරයක් සඳහා බදාදා (අගෝස්තු 30) ජපානයට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ චීනයෙන් ඉල්ලා සිටියාය.

එක්සත් ජාතීන් විසින් පනවන ලද තහනම නොතකා මෑත කාලය තුළ උතුරු කොරියාව විසින් දිගින් දිගටම මිසයිල අත්හදා බලනු ලැබීය.

අඟහරුවාදා ජපානයට ඉහළින් විදින ලද මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් :

   කිලෝමීටර් 2700 (සැතපුම් 1678) ට වඩා දුරක් පියාසර කර ඇත
   අලුතින්ම නිපැයූ මැදි දුර අවියක් වන හ්වාසොං - 12 විය හැකියැයි සැලකේ
   කි.මී. 550 (සැතපුම් 342) ක උපරිම උසකින් පියාසර කළ ද එය උතුරු කොරියාව මීට පෙර කළ බොහෝ අත්හදා බැලීම් වලට වඩා පහළ මට්ටමකින් ඇදී යාමකි
   කොටස් තුනකට වෙන් වීමෙන් පසු ජපාන වෙරළේ සිට කි.මී. 1180ක් දුරින් උතුරු ශාන්තිකර සාගරයට පතිත විය
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව Empty Re: ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව

on Wed Aug 30, 2017 5:24 pm
මෙය දකුනු කොරියා/අමෙරිකා ඒකාබද්ධ යුධ අභ්‍යාස වලට එකට එක කිරීමක් බව පෙනේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum