![උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙළා දකිනවා -ශ්‍රී ලංකාව _97123226_eeee266f-b8e2-477d-91f2-cdf3eff511cd](https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/F318/production/_97123226_eeee266f-b8e2-477d-91f2-cdf3eff511cd.jpg)
Image copyright AFP
සිය අලුත්ම මිසයිල අත්හදා බැලීම ඇමෙරිකා එක්සත් ජනපදය වෙත එල්ල කළ 'දැඩි අනතුරු ඇඟවීමක්' ලෙසින් විග්‍රහ කරන උතුරු කොරියාව එම අත්හදා බැලීම සාර්ථක වූ බව ද සඳහන් කරයි.
සමස්ත ඇමෙරිකා එක්සත් ජනපදයම දැන් සිය විදුම් පරාසයට ඇතුළත් බව සිකුරාදා අත්හදා බැලූ අලුත්ම අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය මගින් සනාථ කෙරුණේ යයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සඳහන් කළ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් උතුරු කොරියාවේ බොහෝ මිසයිලවලට නියමිත ඉලක්කයට ලඟාවිය නොහැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව පවසයි.
සියලු දෙනාගේ ආරක්ෂාව සහ සාමය සලකා සිය න්‍යෂ්ඨික සහ මිසයිල වැඩසටහන් නවතා දමන මෙන් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකාව, මෙම "භයානක තත්වය" සම්බන්ධයෙන් විසඳුම් සෙවීම් පිණිස එකමුතුව ක්‍රියා කරන මෙන් ජාත්‍යනතර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක් කරයි.
'අසාමාන්‍ය තත්වයක්'
සිය නවතම අන්තර් මහද්වීපික මිසයිලය විනාඩි 47 ක් ගුවනේ තිබූ බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව රාත්‍රියේ මිසයිලයක් අත්හදා බැලීම අසාමාන්‍ය තත්වයක් බව පෙන්වාදෙන විශ්ලේෂකයෝ, එයට හේතුව පැහැදිලි නැති බව ද පවසති.
එමෙන්ම ජගන්ග් (Jagang) ප්‍රාන්තයෙන් ගුවන්ගත කරන ලද පළමු මිසයිලය එයයි. මෙතෙක් හෙළි නොවූ මිසයිල මධ්‍යස්ථානයක් එහි තිබෙන බව එමගින් හෙළි වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාවේ අසල්වැසි රටවල් ද අලුත්ම මිසයිල අත්හදා බැලීම හෙළා දුටුවහ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය විස්තර කළේ "උතුරු කොරියානු පාලනාධිකාරියේ අලුත්ම සාහසික සහ භයානක ක්‍රියාව," ලෙසිනි.
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) ප්‍රථම වතාවට සාර්ථකව අත්හදා බැලූ බව මේ මාසය මුලදී උතුරු කොරියාව නිවේදනය කළේය.
![උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙළා දකිනවා -ශ්‍රී ලංකාව _97124163_korea](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/8D2E/production/_97124163_korea.jpg)
එක්සත් ජාතීන්ගේ තහනමක් ද නොතකා හරිමින් උතුරු කොරියාව අත්හදා බලන ලද නවතම මිසයිලයේ විදුම් පරාසය කෙතරම් ද යන්න අනාවරණය වී නැත.
පසුගියදා ප්‍රථම වතාවට අත්හදා බැලූ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විදුම් පරාසය සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ වන නමුත් එයට ඇලස්කාව දක්වා ලඟා විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ පවසති.
මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14 වෙනි මිසයිලයයි.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?