The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් Empty "ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන්

on Wed Jul 05, 2017 1:53 pm
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන්
BBC Sandeshaya  මිනිත්තු 29 පෙර
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් _96810298_c2190cf5-b220-48ff-b20a-1fb084db887e
Image copyright KCNA
Image caption උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ ඡායාරූපය

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක නිරත වෙයි.

උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි බවට විශ්වාස කෙරේ.
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් _96810305_595d1aab-8730-4f4b-a08b-a15d2c6adf89
Image copyright KCNA/VIA REUTERS
Image caption නවතම අත්හදා බැලීමෙන් පසු සතුටුවන කිම් ජොන්ග් අන්

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

උතුරු කොරියාව ඊයේ (ජූලි 04) නිවේදනය කර සිටියේ තමන් අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සාර්ථක වූ බවය.
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් _96810302_capdgjlture
Image caption ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක

කෙසේ නමුත්, දුර විහිදුම් න්‍යෂ්ටික අවි තවමත් උතුරු කොරියාව සතුව නොමැති බව ඇතැම් විශේෂඥයෝ පවසති.

දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීන් එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම හමුදා ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කරන නමුත් එය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවය.

උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම, ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හඳුන්වා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් _96810304_93b1e693-6052-4117-8bb7-167275744905
Image copyright AFP
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන් _96810303_0abb5ad3-5a31-403b-8fc0-6c2598d72c54
Image caption ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" -උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

මෙවැනි "ත්‍යාග" නිතර නිතර ඇමරිකානුවන්ට යවන ලෙස උතුරු කොරියාවේ නායකයා පවසා ඇති බැවින් ඉදිරියේදී තවත් මිසයිල අත්හදා බැලීම් සිදුවනු ඇති බව උතුරු කොරියාවේ KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 2802ක් ඉහළට ගොස් කිලෝමීටර 933ක් ඈතින් මුහුදේ පිහිටි ඉලක්කයක් කරා පතිත වූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.

ලෝකයේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බලසම්පන්න ම අන්තර් මහද්වීපික මිසයිල මේවනවිට තමන් සතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum