The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ගංවතුර සහ නාය යාම්: හේතුව පරිසර විනාශයද? Empty ගංවතුර සහ නාය යාම්: හේතුව පරිසර විනාශයද?

on Sun May 28, 2017 4:05 pm
ගංවතුර සහ නාය යාම්: හේතුව පරිසර විනාශයද?
BBC Sandeshaya පැය 3 කට පෙර

ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත මෝසම් වර්ෂාවෙන් අනතුරුව හටගත් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව එකසිය විසිපහ ඉක්මවා ඇත.

පන් ලක්ෂයකට ආසන්න පිරිසක් උන් හිටි තැන් අහිමිව සිටින බව ආණ්ඩුව පවසයි. තවත් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටියි.

මීට ඉහත වසරවලදී ද මෝසම් වැස්සෙන් අනතුරුව විශාල පිරිසක් මරුමුවට පත් වූ අතර, ඒ සෑම අවස්ථාවකම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමිවිය.

ස්වභාවික සංසිද්ධියක්වන මෝසම් වැස්ස නැවැත්වීමේ හැකියාවක් නැතත්, මෝසම් වැස්සෙන් අනතුරුව මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන ජීවිත සහ දේපොළ විනාශය වලක්වා ගත නොහැකිද?

"අපි හැමදාමත් දියුණු වෙන රටක්," බීබීසී සිංහල සේවය ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ පරිසරවේදිනී ආචාර්ය සුජාතා ගමගේ ගේ ප්‍රතිචාරය වූයේ එයයි.

'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව වසරක් පාසා මුහුණදෙන මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව අවිධිමත් සංවර්ධනයයි.

"ඇත්තටම අපේ රටේ ඉදිරි දැක්මක් ඇතිව ප්‍රත්පතිමය තීන්දු ගැනෙන්නේ නෑ. හරිම කණගාටුයි ඒ ගැන."

පරිසරවේදී හේමන්ත විතානගේ සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද ඒ මතය අනුමත කරති.

විශේෂයෙන්ම මිහිතලය රත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෝසම් වැසි එන්න එන්නම ආන්තික වෙමින් පවතින බව පවසන ඔවුහු, ඒ සඳහා පෙර සූදානමක් නොමැතිවීම මෙතරම් ජීවිත සහ දේපොළ විනාශයකට ප්‍රධානම හේතුව බවත් පෙන්වා දෙති.

"විශේෂයෙන්ම රටේ දැඩි වියලි කාලගුණයක් තිබිල දවස් දෙකක් ඇතුලත මේ වගේ ධාරානිපාත වැස්සක් වැටෙන්නේ මිහිතලය රත්වීම නිසා," පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඒ නිසා මේ වගේ දෙකට අපි සූදානම් වෙලා ඉන්න ඕන ඒත් අපි සූදානම් නෑ."

මිහිතලය රත්වීමේ බලපෑම අඩුකරගැනීම පිණිස ක්‍රියාකරනු වෙනුවට ශ්‍රී ලංකාවේ ජනතාව සහ බලධාරීන් කරනු ලබන්නේත් එය තවත් උග්‍රවන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම බවත් ඔහු සඳහන් කරයි.

වගුරු බිම් ගොඩ කිරීම
කැලෑ එලි පෙහෙළි කිරීම
කැලෑ කපා තේ වැවීම
නිසි සැලසුමකින් හෝ ඉදිරි දැක්මකින් තොර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති
අසීමිත ප්ලාස්ටික් භාවිතය

වැනි කරුණු සියල්ල මෝසම් වැස්සේ බලපෑම උග්‍රවීමට හේතු වී තිබෙන බව පවසන පරිසරවේදියා, එහෙත් පරිසරයට කෙලින්ම බලපාන එවැනි කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ තීරණ ගැනීමේ බලාධිකාරියක් නොමැති බවත් සඳහන් කළේය.

"උදාහරණයක් විදියට අපි ගනිමු දක්ෂිණ අධිවේගී මාර්ගය. දැන් ඒකෙ දොඩන්ගොඩ පිවිසුමත් යටවෙලා. ඒකට හේතුව අධිවේගී මාර්ගය නිර්මාණය කරද්දී ජලය බැස යන්න නිසි ආකාරයට බෝක්කු දැම්මේ නෑ," හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.

"අධිවේගී මාර්ගය කියන්නේ වේල්ලක් නේ? ඉතින් ඒ වේල්ල නිසා කොටු වෙන ජලය ගලා බසින ක්‍රමයක් තියෙන්න ඕන."

විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද එය අනුමත කරයි.

"වතුර කියන දේට කොහෙන් හරි ගලන්න ක්‍රමයක් තියෙන්න ඕන," නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

එහිදී ගංගාවක් පිටාර ගැලීම යනු සාමාන්‍ය සංසිද්ධියක්වන නමුත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වැසි වතුර ගලා යාමේ නිසි ජලාපවහන පද්ධතියක් නොමැතිවීම මෙහිදී මතුවන බරපතලම ප්‍රශ්නය බවත් ඔහු පෙන්වා දෙයි.

"මේ දෙකේ සංකලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි නිවාස සහ මාර්ග යටවෙන්නේ."

එබැවින් ශ්‍රී ලංකාවේ මේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික ව්‍යසන නොව මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ව්‍යසන (Man-made disasters) බව නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මිහිතලය රත්වීමට දායකවීම පිළිබඳව රටක පුරවැසියන්ද වගකීම භාරගත යුතු වුවත්, ජීවත්වීමේ අරගලයක නිරතව සිටින සාමාන්‍ය වැසියන්ට මේ සම්බන්ධයෙන් දොස් පැවරීම නිවැරදි නොවන බව ආචාර්ය සුජාතා ගමගේ ගේ අදහසය.

"වෙන රටක නම් මේ වගේ තැන්වල ගෙවල් හදන්න දෙන්නේ නෑ. එහෙම නැත්නම් හොඳ රක්ෂණ ක්‍රමයක් තියෙනවා," ඇය පවසන්නීය.

ස්වභාවික ප්‍රතික්‍රියාවලට 'සූදානමක් නෑ'
නගර අලංකරණය- ‘පිළිකා රෝගියකුට රූපලාවන්‍ය ලබා දීමක්’

කාලගුණ වෙනස්වීම් සහ මිහිතලය රත්වීමේ ප්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව, විධිමත් සැලැස්මක් ප්‍රකාර රටක දෛනික කටයුතු මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාවට නැගෙන්නේ නම් මෙවැනි ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපොළ හානි අවම කරගත හැකි බව ඔවුන් තිදෙනාගේම අදහසය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum