The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට Empty ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට

    Post by Ethical Trader Fri May 26, 2017 9:18 pm

    ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට
    BBC Sandeshaya  පැය 3 කට පෙර

    රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නාය යාම්වලට හසු වූ 91 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර තවත් 110 දෙනෙකු අතුරුදහන්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අයහපත් කාලගුණය හේතුවෙන් 53,000 ක පිරිසක් අවතැන් වී සිතන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට පැවසීය.

    මේ වනවිට පවුල් 2811 ට අයත් 7856 දෙනෙකුට අයහපත් කාලගුණ තත්ත්වය බලපා තිබෙන බවත් බලධාරීහු පවසති.

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

    රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙන අතර, මියගිය, අවතැන් වූ සහ හානියට පත් නිවාස සහ දේපල සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම පවා අපහසුව තිබෙන බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම බීබීසී සිංහල සේවයට පැවසීය.

    ගංවතුර: සියයකට ආසන්න පිරිසක් මරුට _96224452_rath
    Image caption ගංවතුරෙන් යට වුණු රත්නපුර නගරය

    නිවිතිගල, කලවාන සහ ඇහැලියගොඩ ප්‍රදේශවල නායයාම් හේතුවෙන් මරණ වාර්තා වී ඇති අතර නිවාස තිහකට ආසන්න සංඛ්‍යාවක් නායයාම් නිසා හානියට පත්ව තිබේ.

    අවතැන් වූ පිරිස් සඳහා සහන සැලසීමේ දී පවතින අයහපත් කාලගුණ තත්ත්වය එයට ප්‍රබල බාධාවක් බව රත්නපුර‍ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    වර්ෂාපතනය ද වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රිකයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සිකුරාදා (මැයි 26) දහවල් 12.00 වනවිට කළු ගඟේ ජල මට්ටම මීටර් දහය ඉක්ම වූ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්එච් මුදිත මංජුල පැවසීය.

    රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගය ද, වෙනත් අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. ජලයෙන් යටවූ ඇතැම් නිවාස වල කොටු වූ ජනයා නිවාසවල වහල මත නැගී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.

    කොටු වූ සහ අනාරක්ෂිත පුද්ගලයන් පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා ආධාර ඉල්ලා ඇතත් ඔවුන්ට පිහිට වීමට ප්‍රමාණවත් නිලධාරීන් සහ බෝට්ටු ආදී පහසුකම් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

    කළුතර සහ ගාල්ල

    කළුතර දිස්ත්‍රික්කයේ නවදෙනෙකු මියගොස් ඇති අතර, මේ වනවිට දොළොස් දෙනෙක් අතුරුදහන්ව සිටිති.

    කළුතර දිස්ත්‍රික්කයේ පවුල් නවයකට අයත් 36 දෙනෙකු ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ආපදාවට ලක් වී සිටිති.

    මරණ සංඛ්‍යාව අඩු වුවත් ගංවතුර සහ නාය යාම් වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය.
    කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම්

    පවුල් 1866 කට අයත් 7157 දෙනෙකුට අයහපත් කාලගුණ තත්වය බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඉදිරි පැය 24 ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, උඩුගම සහ ඇල්පිටිය ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    රට පුරා සියලු ප්‍රදේශවල නිවාස ඇතුළු දේපොළ හානි සහ කොතරම් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් සවිස්තර වාර්තා ලැබී නැත.


    මේ අතර මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවදානම් සහිත ස්ථානවල විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
    හම්බන්තොට

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පවුල් 1889 ක් අවතැන් වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවුඑච් කරුණාරත්න පවසයි.

    එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු පාසල් වෑන් රථයෙන් බැස නිවසට යමින් සිටිය දී ජල ගැල්මට හසු වී මිය ගොස් ඇති අතර ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී මියගොස් තිබේ.

    ජල ගැල්මට හසුවූ නිවාස 87 කට පුර්ණ හානි සිදු වී තිබෙන බවත් ජලයෙන් යටවූ අනෙක් නිවාස පිළිබඳව සංගණනයක් සිදුකරන බවත් හම්බන්තොට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

    නොකඩවා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් කැකිරිඕබඩ ජලාශයේ ජලය පිටකිරීම සිදුවන බැවින් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඕබඩ යන ග්‍රාම නිලධාරි වසම් හතරක වෙසෙන ජනතාවට එම ප්‍රදේශයන්ගෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බවද ඔහු පැවසීය.

    කටුවන ඌරුබොකු ඔයේ ජල මට්ටම වැඩි වීම හේතුවෙන් කටුවන නගරයේ නිවාස සහ වෙළෙඳ සල් කීපයක් ජලයෙන් යටවී විශාල දේපල හානියක් සිදු වී තිබේ.
    'මහා ගංවතුර තත්වයක්'

    සිංහරාජය, නෙළුව, තවලම, හිනිදුම, මොරවක, ගාල්ල, මාතර, රත්නපුරය සහ කෑගල්ල ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, පොල්අතුමෝදර, බෙන්තර ගඟ, මාදු ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ පිටාර ගලා තිබේ.

    ඒ අතරින් නිල්වලා ගඟ, ගිං ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    විපතට පත්වූවන් බේරාගැනීම පිණිස ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හතරක් සහ නාවික හමුදාවේ ඩිංගි බෝට්ටු 21ක් යොදවා ඇති අතර, යුද හමුදා සෙබළුන් 300ක් ද එයට එක්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී. ගංවතුර වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය

    දිවා කාලයේ වර්ෂාව තරමක් අඩු වුවත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පලාත්වල සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදු තීරයේ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

    කැළණි ගඟේ ජල මට්ටමත් වේගයෙන් ඉහළ යමින් පවතින අතර වහාම ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත්ව යන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකාව මීට ඉහතදී මෙවැනි ගංවතුරකට මුහුණ දුන්නේ 2003 දී බව වාර්තාකරුවෝ පවසති.

      Current date/time is Sat Jul 27, 2024 12:41 pm