The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? Empty මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද?

    Post by Ethical Trader Wed May 17, 2017 7:03 pm

    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද?
    BBC Sandeshaya පැයකට පෙර
    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? _96073616_gettyimages-186911845
    Image copyright Getty Images

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට වාර්තා පළ වේ.

    නීතිවේදියෙකු විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමත් සමග මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳ සමාජය තුළ යළි සංවාදයක් පැන නැගී තිබේ.

    2016 වසර සඳහාවන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් ආණ්ඩුව සඳහන් කළේය.

    කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය.

    මෙලෙස ලබාදුන් වාහන බලපත්‍ර තුන්වැනි පාර්ශවයකට විකිණීමට මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන් කටයුතු කරන බව පවසන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු එමගින් රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිවන බව පෙන්වා දෙයි.

    මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලක් රජයට අහිමිවන බව ඔහු කියා සිටී.

    ලක්ෂ දෙසීය පනහක්
    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? _96073619_gettyimages-84668186
    Image copyright Getty Images
    Image caption මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝට ලෑන්ඩ් කෘසර් රථය

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති.

    එලෙස විකුණු මන්ත්‍රී වාහන බලපත්‍රයක් මිලදී ගත් මෝටර් රථ අලෙවිකරුවකු වන සමන්ත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වර්තමානයේ ලබාදෙන වාහන බලපත්‍ර විකිණීමට කිසිදු තහනමක් නොමැති බවය.

    මන්ත්‍රී වාහන බලපත්‍ර යටතේ මිල දී ගත් මෝටර් රථයක් වසර පහකට පසු පමණක් විකිණිය හැකි බවට පසුගිය පාලන සමයේ පැවති කොන්දේසිය මේ වන විට ඉන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

    එවක වසර පහක සීමාව පනවා තිබියදීත් හොර රහසේ එම මෝටර් රථ විකුණා දැමීම සිදු වූ නමුත් මේ වන විට මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වාහන බලපත්‍ර විකුණා දමන බව සමන්ත පෙරේරා පවසයි.

    මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථය.

    ඇතැම් මන්ත්‍රීවරුන් ඒ හා සමාන වටිනාකමක් ඇති බීඑම්ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා තිබේ.

    එවැනි මන්ත්‍රීවරුන් හා නිලධාරීන් බහුතරයකට සිය රාජකාරි සඳහා නිල රථ ලබා දී ඇති බැවින් ඔවුහු මෙලෙස තම බලපත්‍ර විකුණා මුදල් ලබා ගැනීමට පෙළඹෙති.

    ලක්ෂ හාරසීයක පමණ වටිනාකමකින් යුත් නිල රථ දෙකක් හිමිවන රජයේ අමාත්‍යවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වේ.

    ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ
    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? _96073621_gettyimages-186911858
    Image copyright Getty Images

    ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් ද මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම සාධාරණීකරණය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට විරෝධය දක්වයි.

    මන්ත්‍රීවරුන් විසින් තීරුබදු වාහන බලපත්‍ර අවභාවිත කරනු ලබන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ තමන් තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව පමණක් පවසයි.

    කෙසේ වෙතත් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කරයි.

    "මන්ත්‍රී වාහන ආනයනය කළ වහාම අලෙවි කළත්, කලකට පසුව අලෙවි කළත් රජයේ බදු ආදායම අඩු වීම එලෙසම සිදුවෙනවා. වෙනසකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන් ලැබෙන ලාභය පක්ෂ අරමුදලට බැර කිරීම සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එම ලාභය තම පවුලේ ගිණුමට බැර කිරීම. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ," යනුවෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු කියා සිටී.

    මුදල් අමාත්‍යංශයේ පැවති පුවත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු මන්ත්‍රී වාහන බලපත්‍ර විකුණා දැමීම පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසූ අතර ඔහු එහිදී කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ තීරු බදු රහිත වාහන 30,000 ක් පමණ ලබාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකළේ මන්ද යන්නයි.

    මුදල් ඇමතිවරයාගේ ප්‍රතිචාරය
    මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: මේ කරුණු දැන සිටියාද? _96078159_gettyimages-521196756
    Image copyright Getty Images
    Image caption "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව"

    "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව. ඔය අහල තියෙන්නේ කුහකකමකින් දේශපාලකයන් විතරක් මේ වාසිය ලබාගන්නවා කියලා. රජයේ සේවකයනුත් ඒ ආකරයෙන්ම මේක ලබාගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අයත් ලබාගෙන තියෙනවා. ඉතින් ඇයි මේ එක කොටසක් ඉලක්ක කරලා තියෙන්නේ. එදා තිස් දහසකට තිබූ ප්‍රමාණය අපි පන්දහසකට විතර ගෙනත් අත්‍යවශ්‍ය අයට විතරයි දෙන්නේ," යනුවෙන් මුදල් ඇමතිවරයා පැවසීය

    තම මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණා එම මෝටර් රථ වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කර දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ නම් ලැයිස්තුවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

    පසුගිය වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය වාහන බලපත්‍ර විකිණූ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒවා ලියාපදිංචියට යොමු නොකිරීමට වග බලා ගන්නා බවත් නීතිඥවරයා පවසයි.

    මේ තත්වය යටතේ අලුත් අයිතිකරුවන් ලියාපදිංචිය වෙනස් නොකොට මන්ත්‍රීවරයාගේ නමටම වාහනය තබා ගන්නා බවත් ඔහු කියා සිටී.

    මෝටර් රථ ආඥා පනතට අනුව එය වරදක් බවත් ඒ පිළිබඳවත් තමන් පැමිණිලි කර තිබෙන බවත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වැඩිදුරටත් පවසයි.

      Current date/time is Sat Jul 27, 2024 7:05 pm