BBC Sandeshaya මිනිත්තු 58 පෙර
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් සිකුරාදා (ජුලි 07) පළමු වරට මුහුණට මුහුණ හමුවිය.
ලෝක නායකයන් දෙපළ එසේ හමු වූයේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වෙන G-20 සමුළුවේදීය.
එම හමුව තුළ ඔවුන් වෙතින් පළ වූ ශාරීරික ඉරියව් (Body language) පිළිබඳ සමාජ ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් පවතී.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් යන නායකයන් දෙදෙනාම එහිදී දැඩි ආත්ම විශ්වාසයකින් පසු වූ බව ශාරීරික ඉරියව් ප්‍රකාශනය පිළිබඳ ප්‍රවීණයෙකු වන මේරි සිවිඑල්ලෝ පැවසුවාය.
එසේ නමුත් දෙදෙනා වෙතින් ප්‍රකාශනය වූ ශාරීරික ඉරියව්වල විශාල වෙනසක් දැකිය හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතට අතදීම අවධානයට ලක් වූ අවස්ථා බොහෝය.
ට්‍රම්ප්, පූතින් සහ ඇමරිකානු ජනාධිපතිවරණය
ආධිපත්‍ය පෙන්නුම් නොකර එනම් අනෙක් පුද්ගලයාගේ අතට මදක් ඉහළින් අත දිගු නොකොට ජනාධිපති ට්‍රම්ප් හා ජනාධිපති පූතින් අතර සමාන මට්ටමේ අතට අතදීමක් සිදු වූ බව මේරි සිවිඑල්ලෝ පෙන්වා දෙයි.
උස සහ ශරීර ප්‍රමාණය ගත් විට ජනාධිපති පූතින් ජනාධිපති ට්‍රම්ප්ට වඩා සාපේක්ෂ වශයෙන් කුඩාය.
ඇමරිකාව සහ රුසියාව සාමාන්‍යයෙන් සළකනු ලබන්නේ විරුද්ධ මත දරන කඳවුරු දෙකක් වශයෙනි.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ දී එවක ජනාධිපති අපේක්ෂකයාව සිටි ට්‍රම්ප් වෙත රුසියාවේ සහාය හිමි වූ බවට චෝදනා එල්ල වේ.
දෙරටේ නායක හමුව ජාත්‍යන්තර අවධානයට ලක් වෙන්නේ එවන් වටපිටාවකදීය.
රුසියානු ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර සමානකම් මොනවාද?
බොහෝ රුසියානුවන් ප්‍රියකරන හැඩිදැඩි පුරුෂ ලක්ෂණ සහිත ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට පූතින් සමත් විය
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් KGB ඔත්තු සේවයේ හිටපු සාමාජිකයෙකි. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකි.
වසර 2000 සිට රුසියාවේ දේශපාලන වේදිකාවේ ඉහළින්ම සිටින ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි ධාරියෙකි(Black belt) . සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්හි රළු පරිසරයක හැදී වැඩුණු ඔහු වීදි සටන්කරුවෙකු වශයෙන් ද නමක් දිනා ගත් අයෙකි.
තම අතීත අත්දැකීම්වලින් උගත් දෑ සිහිපත් කරමින් ඔහු වරෙක කියා සිටියේ "ගැටුම වැළැක්වීමට නොහැකි නම් ඔබ පළමු ප්‍රහාරය එල්ල කළ යුතුයි" යනුවෙනි.
අනෙක් අතින් නිව්යෝක් නුවර දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු ගේ පුතෙකු වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා ධනවත් පවුලකින් පැවත එන්නෙකි.
වියට්නාම් යුද සමයේ හමුදා සේවය සඳහා තෝරා ගනු ලැබීමෙන් වැළකී සිටීමට ඔහු සමත් විය. සිය පියාගෙන් ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක ණය මුදලක් ලබා ගත් ඔහු තමාගේම දේපළ ව්‍යාපාරයක් ආරම්භ කළේය.
පසුව මහල් ගොඩනැගිලි, හෝටල්, ගොල්ෆ් පිටි ඇතුළු ක්ෂේත්‍ර දක්වා සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය.
පවුලේ සාමාජිකයන්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ ධවල මන්දිරයේ කටයුතු හා සම්බන්ධව සිටිති. නමුත් ජනාධිපති පූතින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින්නේ වෙනස් තත්ත්වයකි.
ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක් වෙන් කර ඇති අතර ඇයගේ ස්වාමි පුර්ෂයා ජෙරාඩ් කුෂ්නර් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.
ජනාධිපති පූතින් විසින් සිය පෞද්ගලික ජීවිතය හා පවුලේ සාමාජිකයන් පිළිබඳ කරුණු බාහිර ලෝකයෙන් දැඩි ලෙස ආවරණය කරගනු ලබයි.
ජනාධිපති පූතින් සහ ඔහුගේ පෙර බිරිඳ වූ ලුද්මිලා වසර තිහකට ආසන්න කාලයක් විවාහ වී සිටියහ.
ඔවුන්ගේ දික්කසාදය 2013 වසරේදී නිවේදනය කෙරුණු අතර ජනාධිපතිවරයා සිය දියණියන් දෙදෙනා මහජන අවධානයට ලක් නොවී තබා ගැනීමට වගබලා ගනියි.
පූතින්ගේ දියණිය
ජනාධිපති දියණියන් සම්බන්ධයෙන් කරුණු වාර්තා වූයේ අල්ප වශයෙනි.
නමුත් ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා වෙනත් නමක් භාවිත කරමින් මොස්කව් නුවර වාසය කරන බවට 2015 වසරේ දී මාධ්‍ය වාර්තා පළ විය.
ඇය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලයක් දරන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණි.
එමෙන්ම කතරිනා රොක් ඇන්ඩ් රෝල් නර්තන ශිල්පිනියකි.
ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නිරත ජනාධිපති පූතින්ගේ වැඩිමහල් දියණිය අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) පිළිබඳ හදාරන්නීය.
ව්ලැද්මීර් පූතින්: ඔත්තුකරුවෙකු ගේ සිට ජනාධිපති ධුරය දක්වා
1952 ඔක්තෝබර් 07 වෙනිදා ලෙනින්ග්‍රාද්හි (වත්මන් ශාන්ත පීටර්ස්බර්ග්) උපත ලැබීය
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු නීතිය හදාරා KGB ඔත්තු සේවයට සම්බන්ධ විය
කොමියුනිස්ට් පාලනයේ පැවති නැගෙනහිර ජර්මනියේ ඔත්තුකරුවෙකු වශයෙන් සේවය කළේය. KGB ඔත්තු සේවයේ ඔහු සමග කටයුතු කළ ඇතැම් සගයන් පූතින් පාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරිණි.
90 දශකය: තමන්ට නීති අධ්‍යාපනය දුන් ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා වූ අනතෝලි සොබ්චක්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වශයෙන් පූතින් කටයුතු කළේය.
බොරිස් යෙල්ට්සින් ගේ ක්‍රෙම්ලින් පාලනයට සම්බන්ධ වූ පූතින් FSB හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවයේ (KGB ඔත්තු සේවයේ ප්‍රධාන අනුප්‍රාප්තික ආයතනය) ප්‍රධානියා වශයෙන් පත් කෙරිණි. පසුව ඔහු අගමැතිවරයා බවට පත් විය.
1999 වසරේ ජනවාරි 01 වෙනිදා යෙල්ට්සින් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පූතින් පත් කෙරිණි.
2000 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පහසු ජයක් ලැබීය
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?