The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? Empty තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?

    Post by Ethical Trader Wed Apr 26, 2017 5:13 pm

    තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?

    BBC Sandeshaya  පැයකට පෙර

      තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? _95793430_img_1382-2වෙනත් පිටුවක් විවෘත වේ

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සැරසෙන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳුදා (අප්‍රේල් 24) දියත්කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම ඉන්ධන බෙදාහැරීම ඇණහිට තිබුණි.

    තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ කිසිදු සූදානමක් නැති බවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නත්, සඳුදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසෙන තුරුම වර්ජනය අත්හැරීම සේවකයෝ ප්‍රතික්ෂේප කළහ.

    එම සාකච්ඡාවේදී අගමැතිවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකින් අනතුරුව වර්ජනය අත්හැරීමට වෘත්තීය සමිති තීරණය කළහ.

    අගමැතිවරයාගේ පොරොන්දුව කුමක්ද?

    සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාව තෙල් ටැංකිවලට අදාළ කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවට අගමැතිවරයා වෘත්තීය සමිතිවලට ප්‍රතිඥාවක් දී තිබේ.
    තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? _95778888_15279038-93ab-4695-9a96-fd7faa1ecf30Image caption අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කරයි (සංරක්ෂිත ඡායාරූපයක්)

    අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළේය.

    අගමැතිවරයාගේ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මැයි මස මුල භාගයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගණනාවකට අත්සන් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉතිහාසය කවරක්ද?

    පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි.

    එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ.

    ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.



    දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය.

    එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි.

    එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.

    වෘත්තීය සමිතිවල මතය

    ඒ අවස්ථාවේ අගමැතිවරයා එවැනි ගිවිසුමකට අත්සන් තැබීමේ අවශ්‍යතාව නොතිබුණ බව පවසන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල, එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ පිළිබඳව සිය විරෝධය ලිඛිතවම දන්වා තිබෙන බව ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

    එමෙන්ම අදාළ ගිවිසුම බලාත්මක වූයේ අත්සන් තැබීමෙන් මාස හයකට පසුව බැවින් නීතිය හමුවේ එය වලංගු නොවන බව වෘත්තීය සමිති නායකයාගේ තර්කය වේ.

    කෙසේ නමුත් ඉන්දීය සමාගම මෙතෙක් එම ටැංකි භුක්ති විඳ තිබෙන බැවින් ගිවිසුමේ කාලය අවසාන වනතුරු ඉන්දීය සමාගම දිගටම එම ටැංකි භාවිත කිරීම පිළිබඳව සිය විරෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

    එසේ නම් ඇයි මේ විරෝධය ?

    IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පෙන්වාදෙයි.

    එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයාගේ මතයයි.

    රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන ඔහු, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය.

       තෙල් ටැංකි 16 ක් අලුත්වැඩියා කරන්න වැයවෙන්නේ රුපියල් මිලියන 50 ක් විතරයි
       අසෝක රන්වල, සභාපති, ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය

    එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත.

    එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි.
    ආණ්ඩුවේ මතය කුමක්ද?

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ආණ්ඩුවේ උත්සාහය වී ඇත.

    IOC සමාගම සමග දැනට පවතින ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් ලක්ෂයක මුදලක් ලැබෙන අතර, නව ගිවිසුම මගින් එම ආදායම ඉහළ යනු ඇති අතරම ටැංකි අලුත්වැඩියාව පිණිස වැයවන මුදල ද ශ්‍රී ලංකාවට පමණක් දරාගැනීමට සිදු නොවන බව ආණ්ඩුවේ ස්ථාවරය වේ.
    තිරිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද? _95778884_trinco
    Image copyright Google Maps

    නව ගිවිසුම කෙතරම් කාලයක් සඳහා බලාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී නැත.

    පැරණි ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඇතැම් ගැටළු පවතින නමුත් 2003 සිට මේ දක්වා පැවති සෑම පක්ෂයටම අයත් ආණ්ඩු IOC සමාගමෙන් වසරකට ඩොලර් ලක්ෂයක ආදයමක් ලබාගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

    ඒ අනුව දැනට IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගමට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    "ලොකු දුර්මතයක් ගෙනියනවා ඒ තමයි මේක විකුණන්න හදනවා කියල," බව පවසන අමාත්‍ය චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි විකිණීමේ කිසිදු සැලසුමක් නොමැති බවද අවධාරණය කරයි.

      Current date/time is Sat Jul 27, 2024 8:26 am