The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? Empty නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?

    Post by Ethical Trader Mon Jan 29, 2018 12:14 pm

    BBC Sandeshaya 2018 ජනවාරි 28
    නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? _99783654_2
    ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන නිවුන් අලි උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.

    නිවුන් අලි පැටවුන් දෙදෙනා බිහි කර ඇත්තේ නැගෙනහිර වනජීවි කලාපයේ මාදුරැඔය ජාතික වන උද්‍යානයේ පනිජ්ජාඔය ප්‍රදේශයේ සැරිසැරූ ඇතින්නියක විසිනි.

    කෙසේ නමුත් නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ දිවි ආරක්ෂා වී නොමැති අතර අඩු මාසයෙන් බිහි වී ඇති පැටවුන් දෙදෙනා එම අවස්ථාවේම මරණයට පත් වන්නට ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

    අලි පැටවුන් දෙනොගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර කියා සිටියේ ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අලි පැටවුන්ගේ ශරීර කොටස් කොළඹ වෙත රැගෙන යනු ඇති බවය.

    ලොව නිවුන් අලි උපත් පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් දුර්ලභ වශයෙනි.

       අම්මා කෙනෙකුට පැටියත් වටිනවා, රංචුවත් වටිනවා. නමුත් ඒ දෙකෙන් කුමක්ද තෝර ගන්නේ කියලා තීරණය කරන්න අවස්ථාවක් එනවා

       පශු වෛද්‍ය විජිත පෙරේරා

    නිවුන් අලි උපත් පිළිබඳ දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ අසල්වැසි ඉන්දියාවෙන් මීට පෙර වාර්තා වී තිබේ.

    එවැනි නිවුන් අලි උපත් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු අගයක් ගන්නා බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
    නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? _99783658_3
    එවැනිම නිවුන් අලි උපතක් මීට සිව් වසරකට පමණ ඉහත දී හම්බන්තොටින් වාර්තා වූ බව කී පශු වෛද්‍ය විජිත පෙරේරා ඒ අතර සිටි එක් පැටවෙකු මව සහ රංචුව විසින් හැර දමා ගොස් සිටියදී සොයා ගත් බව සඳහන් කළේය.

    "ගම්මු නිරීක්ෂණය කර තිබුණා චුටි පැටියෙක් අරන් තල්ලු කරගෙන යනවා. ටික වෙලාවක් යනකොට තව පැටියෙක් එතන කෑ ගහනවා. අපි ගිහින් පැටියව ගත්තා නමුත් බේර ගන්න බැරි වුණා,"

    නිවුන් අලි උපතක් සිදු වූ තවත් අවස්ථාවක දී ද එලෙස එක් පැටවෙකු හැරදමා ගොස් ඇති බව වාර්තා වී ඇතැයි කී පශු වෛද්‍යවරයා "අනෙක් පැටවා එතකොට නගිටලත් නැහැ. පැත්ත වැටිලා හිටියා. රංචුව හිටියත්, ඔවුන් පැටව් ගැන සැලකිලිමත් වුණත්, පැටියෙක් මග අරුනොත් මග ඇරුනම තමයි," යනුවෙන් පැවසීය.

    "හොඳ තත්ත්වයෙන් පැටව් දෙන්නා ඉපදුනත් එක පැටියෙක් බොහෝ විට මිය යාම සිදු වෙනවා"

    වන උද්‍යාන තුළ සැරිසරන ඇතින්නියකට වයසින් සහ ශරීර ප්‍රමාණයෙන් එක සමාන පැටවුන් සිටින අවස්ථා නිරීක්ෂණය කර නොහැකි බව කී පශු වෛද්‍යවරයා පින්නවල අලි අනාථාගාරය ඇතුළු මිනිස් ඇසුරේ වැඩෙන ඇතින්නියක නිවුන් පැටවුන් බිහි කළ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් කළේය.
    "පැටව දාල යනවා..."
    නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද? _99783662_gettyimages-83138894
    Image copyright Getty Images

    අලින්ගේ ගැබ් කාලය සාමාන්‍යයෙන් මාස 22 පමණ වේ.

    පැටවෙකු බිහි කරන අවස්ථාවේ මව් ඇතින්නගේ ශරීරයෙන් රසායන සංවේදන පිටවීම සහ ඇය වෙතින් පළ වන ප්‍රතිචාර හමුවේ ඇතැම් විට රංචුවේ සෙසු සාමාජිකයන් මව් ඇතින්න වටකර ගන්නා බව වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේය.

    ඔහු පවසන පරිදි අලි පැටවෙකු උපත ලබා පැය 2-3 අතර කාලයක් ගතවන විට තනිවම නැගිටිය හැකි තත්ත්වයකට පත් වේ.

    පැටවා උපත ලබා පැය කිහිපයක් ගත වුවත් නැගිට ගත නොහැකි අවස්ථා ඇතැම් විට වාර්තා වේ.

    "පැටවා සමග සිට අතරමං වනවාද නැතිනම් රංචුවත් සමග ගොස් ජීවත් වනවා දැයි" තීරණය කිරීමට මව් ඇතින්නට එහිදී අවස්ථාවක් පැමිණෙන බව පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි.

    "ඒක අලින්ගේ සාමාන්‍ය දෙයක්. අම්මා කෙනෙකුට පැටියත් වටිනවා, රංචුවත් වටිනවා. නමුත් ඒ දෙකෙන් කුමක් ද තෝර ගන්නේ කියලා තීරණය කරන්න ඇයට අවස්ථාවක් එනවා,"

      Current date/time is Sun Sep 01, 2024 7:28 am