The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද? Empty EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද?

on Fri Aug 18, 2017 5:54 pm
Message reputation : 100% (2 votes)
BBC Sandeshayaපැයකට පෙර

යෝජිත නව ආදායම් බදු පනත මගින් විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් මත කිසිදු බද්දක් අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, යෝජිත නව ආදායම් බදු පනත පිළිබඳව බීබීසි සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නව ආදායම් බදු පනතින් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් මත බද්දක් පැනවීමේ යෝජනාවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගියදා මාධ්‍ය හමුවමක් අමතමින් කියා සිටියේය.

"මේ බදු පනතේ විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා වෘත්තිකයින් ඔවුන් උපයන ආදායම මත බදු අයකරගත යුතුයි කියලා. යුරෝපයේ බොහෝ රටවල අපේ රටේ වෘත්තිකයින් විශාල ප‍්‍රමාණයක් සේවය කරනවා. ඔවුන්ට බදු සහන දීලා දිරි ගන්වනවා වෙනුවට ඔවුන් අධෛර්යයට පත්කරන බදු පනවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා," යනුවෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසන්නේ වර්තමානයේ විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කරන ආකාරයටම ඉදිරියේදීද මුදල් සම්ප්‍රේෂණය කළ හැකි බවය.

නව පනත මගින් විදේශ ශ්‍රමිකයන්ගෙන් කිසිදු නව බද්දක් අය නොකෙරෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

"විදේශ ශ්‍රමිකයන් මාස් පතා ඒගොල්ලන්ගේ නිවසේ අයට. දරුවන්ට අම්මල තාත්තලට බලාගන්න එවන මුදල්වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් පවතින ක්‍රමයම තමයි මේ ආදායම් බදු පනතින් පස්සෙත් තියෙන්නේ," මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වල විශ්‍රාම වැටුප් අහිමි සේවකයන්ට හිමි අරමුදල් EPF /ETF අරමුදලෙන් විශේෂ බදු මුදල් අයකිරීමේ උත්සාහයක් ඇති බවට එල්ලවන විවේචනවලට පිළිතුරු දුන් අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ලක්ෂ 100,200,300ක් වැනි මුදලක් මෙම අරමුදලින් ලබාගන්නා අයගෙන් යම් බදු මුදලක් අය කරගන්නවාද යන්න ගැන යම් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

"සාමාන්‍ය පරිමාණයේ කාටවත් කිසිම බද්දක් නැහැ. සාකච්ඡාව තිබිල තියෙන්නේ හුඟාක් විශාල වශයෙන් මුදල් ලැබෙනවානම්, සමාජ සාධාරණතාව ගැන. මොකද රුපියල් 20,000 ක් මාසෙට ගන්න අය ඉන්නවා. ලක්ෂ 2ක් ගන්න අය ඉන්නවා. මාසෙට ලක්ෂ 200ක් ගන්න අයත් ඉන්නවා."
අන්තර්ජාල බදු: '30% කින් භාවිතය පුළුල් කිරීමට බාධාවක්'

එලෙස බදු පැනවිය යුතු මුදලක් පිළිබඳව මෙතෙක් අවසාන තීරණයකට එළැඹි නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින්නේ දශක ගනනාවක් පැරණි ආදායම් බදු පනතාක් බව පෙන්වාදෙන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, වර්තමානයට ගැලපෙන ආකරයට නව පනත සකස් කර ඇති බව ද පැවසීය.

"දේශපාලකයන්ට ගන්න පුළුවන් තීරණ අඩුකරලා තියෙනවා. දෙන නොදෙන දේවල් සියල්ල පනතේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා."

අනික් රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ බදු ගෙවන පුද්ගලයන් ඉතා අඩු බව පෙන්වාදෙන ඔහු, වැඩි ආදායම් ලබන බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් බදු ලබාගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද? Empty Re: EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද?

on Fri Aug 18, 2017 6:03 pm
Message reputation : 100% (1 vote)
යුරෝපා  රටවල  ශ්‍රමිකයන්ට  සල්ලි  එවන්න  පුළුවන්  ක්‍රම  අතේ  ඇඟිලි  ගානට  වඩා  තියෙනවා.  ආණ්ඩුව  විදෙස්  ශ්‍රමිකයන්   එවන  මුදල්  වලට   බදු  ගැහැව්වොත්  වෙන්නේ.  වාඩිවෙලා ඉන්න අත්ත තමන්ම  කැපීමක්  වගේ   වැඩක්. .

දැනට  වැඩිම  විදේශ  මුදල්  ලංකාවට   එවන්නේ  යුරෝපයේ  සිට. එයින්  යම්    ප්‍රමාණයක් එන්නේ  නීති  විරෝධී  ආකාරයට . ආණ්ඩුව  සිදුකල යුත්තේ  නීත්‍යානුකූලව  මුදල්  ලංකාවට  එවීම  සඳහා  ශ්‍රමිකයන්  දිරිමත්  කිරීමයි,  බදු  ගැහැව්වොත්  වෙන්නේ  නීත්‍යානුකූල නොවන  ක්‍රම  මගින්  මුදල්  ගනුදෙනු  වැඩි  වී.  දැනට බැංකු  හරහා    වැටෙන මුදල්  ටිකත්  බැංකු  වලට තැන්පත්  නොවීමයි.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum