The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ Empty බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ

    Post by Ethical Trader Thu Mar 30, 2017 9:44 am

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ

    BBC Sandeshaya 2017 මාර්තු 29

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් අගමැතිනි තෙරේසා මේ, ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව එම ලිපිය යුරෝපා සංගමය වෙත භාර දී තිබේ.

    බ්‍රසල්ස් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටිම් බැරෝ එම ලිපිය යුරෝපා සංගමය වෙත භාර දුන්නේය.

    මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ 'ඓතිහාසික මොහොතක්' බව අගමැතිනිය පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළාය.

    මේ සමගම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ සාකච්ඡා ආරම්භ කිරීමේ දෙවසරක නිල කාලය ඇරඹේ.

    '50 වැනි වගන්තිය' යනු කුමක්ද?

    ලිස්බන් සම්මුතියේ 50 වැනි වගන්තිය යනු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන ඕනෑම රටකට අදාළ ක්‍රියා සැළසුම ලෙස සැලකිය හැකිය. ලිස්බන් සම්මුතියේ කොටසක් ලෙස සංගමයේ සියලුම රටවල් අත්සන් කළ එම එකඟතාවය නීතියක් බවට පත්වූයේ 2009 වසරේදීය.

    එයට පෙර යම් රටක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් නොවීය.
    එහි අන්තර්ගතය කුමක්ද?

    එය ඉතා කෙටි පැහැදිළි කිරීමකි. පරිච්ඡේද පහකින් යුතු 50 වැනි වගන්තියට අනුව ඉවත්වීමට තීරණය කළ යුරෝපා සංගම් සාමාජිකයා තමන් ඉවත්වීමට තීරණය කළ බව යුරෝපා කවුන්සිලයට දැනුම්දිය යුතුය.

    ඉන් අනතුරුව ඒ සඳහා එකඟතාවකට පැමිණීමට දෙවසරක කාලයක් හිමි වේ. (සෙසු සියළු රටවල් එකඟවන්නේ නම් මෙම වසර දෙකක කාලය දීර්ඝ කළ හැකිය). ඉන්පසු ඉවත්වීම පිළිබඳව වුව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ රැස්වීම් වලට සහභාගීවීමට අදාළ රටට අවස්ථාව නොලැබේ.

    සංගමයෙන් ඉවත්වීම සඳහා 'සුදුසුකම් ලත් වැඩිදෙනාගේ' (යුරෝපා සංගමයේ ඉතිරි රටවල් 27ට අයත් 72% ක් හෝ ජනගහනයෙන් 65%ක්) අනුමැතිය ලැබිය යුතු අතර යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ අනුමැතියද ලබාගත යුතුවේ.


    50 වැනි 'වගන්තියේ' පස් වැනි පරිච්චේදයට අනුව කිසියම් රටක් සංගමයෙන් ඉවත්වී සිට යළි සම්බන්ධවීමට අදහස් කරන්නේ නම් එය 49 වැනි වගන්තියේ ප්‍රකාරව සිදුවේ.

    මෙම 50 වැනි වගන්තිය ලියන ලද්දේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේ ස්වාධීන සාමාජිකයෙකු වූ කර් සාමිවරයා (Lord Kerr) විසිනි. සාමාජික රටක සිදුවන කුමන්ත්‍රනයකදී හැර බ්‍රිතාන්‍යයේ ඉවත්වීම සඳහා 50 වැනි වගන්තිය යොදාගනු ඇතැයි තමන් කිසිසේත් නොසිතූ බව ඔහු පවසයි.
    50 වැනි වගන්තියේ සැලසුම් ඇරඹීමට මෙතරම් කාලයක් ගතවූයේ ඇයි?

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව ජනමත විචාරණයකින් තීරණය වූයේ 2016 වසරේ ජූනි මාසයේදීය. ඒඅනුව යුරෝපා කවුන්සිලයට එය දැනුම්දීම සිදුවන්නේ රජය එසේ කළ යුතු බව තීරණය කිරීමෙන් පසුවය.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ 2017 වසරේ මාර්තු මස අගදී එය සිදුකරන බවය. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවයන් පිළිබඳව එකඟතාවයකට පැමිණෙන තුරු ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසියක් නොතිබුණු බව අගමැතිනිය පැවසීය.
    මීළඟට සිදුවන්නේ කුමක්ද?

    ඉදිරි සිදුවීම් පහත ආකාරයෙන් සිදුවීමට නියමිතය.

    •2017 මාර්තු 29 වෙනි දින - 50 වැනි වගන්තියේ සැලසුම් ආරම්භයට අත්සන් තැබීම

    •අප්‍රේල් 29 වෙනි දින - බ්‍රිතාන්‍යය සමග සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් සමුළුවේදී සාමාජික රටවල් 27තේ අනුමැතිය ලබාදීම (මෙම සමුළුවට බ්‍රිතාන්‍යය සහභාගි නොවේ)

    •මැයි - ඉවත්වීමේ සාකච්ඡා සම්බන්ධ මාර්ගෝපදේශ යුරෝපා කිමිසම විසින් ප්‍රකාශයට පත්කිරීම

    •2017 මැයි/ ජුනි - සාකච්ඡා ආරම්භවීම

    •2017 සරත් සෘතුව - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නීතිය හඳුන්වාදී දැනට බලපවත්වන සියලු යුරෝපා නීති බ්‍රිතාන්‍ය නීතිය බවට පත්කිරීම

    •2018 ඔක්තෝබරය - ඉවත්වීමේ සාකච්ඡා අවසන් කිරීම

    •2018 ඔක්තෝබර සහ 2019 මාර්තු - එළඹෙන එකඟත්වය ගැන යුරෝපා කවුන්සිලයේ, යුරෝපා පාර්ලිමේන්තුවේ සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම්

    •2019 මාර්තු - බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ Empty Re: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ 'ඓතිහාසික ලිපිය' භාරදේ

    Post by Ethical Trader Thu Mar 30, 2017 9:56 am

    Brexit : "50 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම අඳුරේ කළ පිම්මක්"
    BBC Sandeshaya 2017 මාර්තු 29

    Brexit යන්නෙන් සැබවින්ම අර්ථනිරුපනය කෙරෙන්නේ කුමක්ද යන ගැටලුවට අගමැතිනි තෙරේසා මේ සතුව පිළිතුරු නැති බව ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නීය

    Brexit යනුවෙන් හැඳින්වෙන, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ වැඩපිළිවෙලට අදාළ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැංවීමට අගමැතිනි තෙරේසා මේ ගත් පියවර 'අඳුරේ කළ පිම්මක්' බව ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරියවන නිකොලා ස්ටර්ජන් පවසන්නීය.

    වෙන්වීම නිල වශයෙන් සනිටුහන් කරමින් අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී යුරෝපා සංගමය වෙත භාර දෙනු ලැබිණි.

    එම සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත එම ලිපිය භාර දෙනු ලැබුවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටීම් බැරෝ විසිනි.

    කෙසේවෙතත්, ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජන් පෙන්වා දුන්නේ Brexit යන්නෙන් සැබවින්ම අර්ථ නිරූපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට මෙතෙක් පිළිතුරු සැපයීමට අගමැතිනි තෙරේසා මේ අපොහොසත්වී ඇති බවය.

    බෙදා හැරුණු බලය ඉහළ නැංවීමක්

    ලිපිය භාරදෙන අතරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඇමතු අගමැතිනි තෙරේසා මේ, ස්කොට්ලන්ත ආණ්ඩුව ද ඇතුළුව එක්සත් රාජධානිය තුළ බලය බෙදා හැරුණු පාලනාධිකාරීන්ගේ බලය "සැළකිය යුතු ලෙස ඉහළ යාමකට" Brexit මග විවර කරන බවය සඳහන් කළාය.

    සාකච්ඡාවලදී යුරෝපා සංගමයට අයත් ජාතීන් ඇතුළුව "සමස්ත එක්සත් රාජධානියේ සෑම පුද්ගලයෙකුම නියෝජනය කිරීමට" ඇය පොරොන්දු වුවාය.

    යුරෝපා සංගමයේ සභාපතිවරයාට යැවුණු පිටු හයකින් යුතු ලිපියේ ස්කොට්ලන්තය පිළිබඳව ද සඳහනක් කර ඇති අගමැතිනිය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව, "බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව පවත්වාගන්නේ කුමන බලතල ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ස්කොට්ලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තයට බෙදා හැරෙන්නේ කවර බලතල ද යන්න සම්බන්ධයෙන් පුර්ණ සාකච්ඡාවකට" ආණ්ඩුව යොමුවන බව පෙන්වා දී ඇත.

    "මෙම වැඩ පිළිවෙලේ ප්‍රතිපලයක් ලෙස බලය බෙදා හැරුණු සෑම පාලනාධිකාරියකම තීරණ ගැනීමේ බලය සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි" යැයි ද ලිපියේ දැක්වේ.

    "අඳුරේ කළ පිම්ම"

    මේ අතර බීබීසී ස්කොට්ලන්ඩ් සමග අදහස් දැක්වූ ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන්, Brexit වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන නමුදු '50 වෙනි වගන්තිය' නිල වශයෙන් ක්‍රියාවට නැගීම 'බොහෝ පිරිස් තුළ ගැටලු රැසක්' මතු කළ හැකි බව සඳහන් කළාය.

    "අද සිදුවන දේ අඳුරේ කළ පිම්මක් වැනි තත්වයකට සමාන දෙයක් පෙන්නුම් කරන බවට සැකයක් නැහැ" යැයි පැවසූ ඇය, "ජනමත විචාරණයෙන් මාස නවයකට පසුව පවා ව්‍යාපාරවල, පොදුවේ ගත්විට ආර්ථිකයට මෙන්ම ඇප ජීවත් වෙන සමාජය කෙරෙහි Brexit තුළින් අර්ථ නිරුපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අගමැතිනියට හැකිවී නැහැ" යැයි සඳහන් කළාය.

    මුලික ප්‍රශ්නවලට අගමැතිනිය සතුව පිළිතුරු නැහැ
    නිකොලා ස්ටර්ජන්, ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි

    කෙසේවෙතත්, පසුගිය සඳුදා ග්ලාස්ගොව් හිදී සාකච්ඡාවක ද යෙදුනු ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනිය පෙන්වා දුන්නේ, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාළ බලය ස්කොට්ලන්තය වෙත පවරන්නේද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් මෙතෙක් පළවී නැති බවය.

    මාර්තු 13 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් කෙටුම්පතට සිය අනුමැතිය ලබා දුන්නේ, බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව නිදහස් රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්තය ස්ථාපනය කිරීම වෙනුවෙන් නැවතත් ජනමත විචාරණයකට යොමුවීම සඳහා ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන්වරම් ඉල්ලා තිබිය දීය.

    2018 වසන්ත කාලය සහ 2019 ගිම්හාන කාලය අතර ස්කොට්ලන්තය ජනමත විචාරණයක් කරා ගෙන යාමට නිකොලා ස්ටර්ජන් ප්‍රථම අමාත්‍යවරියට අවශ්‍ය වුවත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තෙක් ඇයගේ එම ඉල්ලීමට අවස්ථාවක් නොදීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ක්‍රියා කරනු ඇති බවට අනාවැකි පළ වී තිබිණි.

      Current date/time is Sat Jul 27, 2024 2:19 pm