The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
sapumal
serene
nihal123
7 posters

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by nihal123 Fri Apr 17, 2015 1:38 am

    එළවළු රොටියක් තරම් නිල් මැණිකක් - වටිනාකම කෝටි 200ටත් වැඩියිලු
    පතල්කරුවෝ සහ ව්‍යාපාරිකයා අතුරුදන්
    2015-04-16 11:15:26      
    පරකඩුව පොහොරබාව හිඳගල ප්‍රදේශයේ අනවසර මැණික් පතලකින් රුපියල් කෝටි 200ක් පමණ වටිනාකමක් ඇති නිල් මැණිකක් ලැබී ඇතැයි වාර්තා වනවා. මෙම නිල් මැණික ලද බව කියන පිරිස හා මැණික් ගල මිලදී ගත් ව්‍යාපාරිකයාත් මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇතැයි පැවසේ.

    පතල කැපූ පුද්ගලයින් පවසා ඇත්තේ මැණික් ගලේ හැඩය හා ප්‍රමාණය එළවළු රොටියකට සමාන බවයි.

    මෙම මැණික රුපියල් කෝටි 18 ට කුරුවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකුණා තිබෙනවා. බලපත්‍ර රහිත පතල්වලින් ලැබෙන මැණික් මිලදී ගැනීමත් එවැනි පතල් පවත්වා ගෙන යෑමත් නීති විරෝධී බැවින් මැණික මිලදී ගත් ව්‍යාපාරිකයාත් පතලේ හවුල්කරුවනුත් තමන් පදිංචි ප්‍රදේශවලින් බැහැරට යන්නට ඇතැයි ප්‍රදේශයේ කතාබහ වනවා.

    - See more at: http://offair.nethfm.com/article/16235#sthash.PeAUmmLU.dpuf


    Last edited by nihal123 on Sat Apr 18, 2015 7:37 am; edited 1 time in total
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by serene Fri Apr 17, 2015 6:57 am

    Thanks nihal.
    kohe giyada danne ne. Smile
    avatar
    sapumal


    Posts : 304
    Join date : 2014-09-10

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by sapumal Fri Apr 17, 2015 8:56 am

    පවු අහින්සක මිනිස්සු. යන්න තැනක් නැතිනම් අපේ ගෙදර හරි එන්න.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by serene Fri Apr 17, 2015 9:13 am

    sapumal wrote:පවු අහින්සක මිනිස්සු. යන්න තැනක් නැතිනම් අපේ ගෙදර හරි එන්න.
    Smile Very Happy
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by Backstage Fri Apr 17, 2015 10:09 am

    Aiyyo dhang mata nidahase elewalu rotiyak kanna bariwei oya nila mathakwewi No
    Leon
    Leon
    Top contributor
    Top contributor


    Posts : 1264
    Join date : 2014-03-11

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by Leon Fri Apr 17, 2015 10:11 am

    sapumal wrote:පවු අහින්සක මිනිස්සු. යන්න තැනක් නැතිනම් අපේ ගෙදර හරි එන්න.

    wonderful.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by Backstage Fri Apr 17, 2015 10:15 am

    Leon wrote:
    sapumal wrote:පවු අහින්සක මිනිස්සු. යන්න තැනක් නැතිනම් අපේ ගෙදර හරි එන්න.

    wonderful.

    Aawoth kanda deepang elewalu roti.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by nihal123 Sat Apr 18, 2015 7:30 am

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    අෑ නීල වන සළු පොරවා හිඳී. අෑ ගෙල බැඳි පෙණ පබළු මාලයකි. අෑ වට එලූ සිනිඳු සුදු මුදු සමුදුරු සේලයකි. ඇගේ උස් ළැම මඬල මත, මීදුම් සේල අතරින් පතරින් ඉරී බිඳී යයි. විටෙක අෑ මුව මත සිනා මල් පීදෙයි. තව විටෙක අෑ නෙතු කොනින් කඳුළු වැල් බේරෙයි. ලොව කෝටි ගණනක් මිනිස්සු ඇයට පෙම් කරති. ඇගේ රුව වනති. ලෝකයේ මහා අනගි දේ අෑ සතුය. මේ යළි යළිත් ලොව මවිත කළ එවන් කතාවක අග මුල සොයා 'මව්බිම' ගිය ගමනක වත ගොතයි. අපේ කතාවේ අෑ වනාහී ඔබෙත් මගේත් මවුබිමයි. ලොවක් මවිත කළ මේ මනෝරම්‍ය බිම් කඩයි. ලෝකයට ඇදහිය නොහැකි තරමේ වටිනාකම්, මේ වර්ග කිලෝමීටර 65610 තුළ තිබේ. අෑත වන බිම් අතර, උස් කඳු මුදුන්වල කවුරුවත්ම නොදන්නා තැන්වලින් පුංචියට ඇරඹෙන මහා ගංගා මේ බිම සරුකරමින් ගලායයි. ඒ යට සැඟව තියෙනා මිණිකැට ගැන මුළු ලොවම දනී. මේ තවත් එවන් වූ මිණිකැටයක කතාවයි.


    මේ අපූරු මිණිකැටය මතුවන්නේද හුරුපුරුදු විදියටම, මැණික්පුරයෙනි. මැණික්පුරය යැයි කියූ විට, එකපාරටම, අපේ ඔළුවට එන්නේ රත්නපුරයයි. නමුත් මේ කියන්නට යන්නේ රත්නපුරය ගැන නොව, රත්නපුරයට යාබද ඇහැළියගොඩ ගැනය. රත්නපුරය තරම්ම ඇහැළියගොඩද මැණික්වලට ප්‍රසිද්ධය. ඇහැළියගොඩ නගරය පසුකොට, බෝධිමළුවෙන් දකුණට හැරී යන විට ලංකාවේ පැරැණිම නුග ගස හමුවෙයි. එය තවත් පැත්තකින් ලංකාවේ පරණම ගස්වලින් දෙවැන්නයි. මේ නුග ගස පසුකොට අප ළඟාවෙන්නේ පොහොරබාවටය. රජ කාලයේ නින්දගමක් වූ පොහොරබාව විශාල ගමකි. වෙනත් විදියකට කියනවා නම් ගම් කීපයක එකතුවකි.
    ඉහළ පොහොරබාව, පහළ පොහොරබාව, උඩගංකන්ද, මොරගමුව, හැඩවකදෙණිය, මියෙනදෙණිය, වැලිකුඹුර, නැඟෙනහිර මුදුන්කොටුව, ඕපටගම, හඳගල පොහොරබාවට අයිති ගම්ය. මේ හැම ගමක්ම නාමමාත්‍ර නොවේ. මහා ඉල්ලම් මතුවෙනා බිම්ය. මේ හැම ගමකම අස්සක් මුල්ලක් නෑර මිණිකැට මතුවෙයි.


    "මේ ගම්වල මහ පොළොව හරි පුදුමාකාරයි. වැස්සකට පස්සෙ, එහෙන් මෙහෙං එකතු කරල බැලුවම මුක්කරුගල් හතඅටක් හොයා ගන්න පුළුවන්."
    ඒ අපට හමුවුණු අයකු කී කතාවයි. මුක්කරුගල් කියන්නේද මැණික් නොවනා නමුත්, යම් තරමක වටිනාකමක් සහිත ගල් විශේෂයකි. මේ ගම්වල අස්සක් මුල්ලක් නෑරම තියෙන්නේ මැණික් පතල්ය. සමහර ඒවා වෙල් ලියදිවල තැනූ කුඩා ඒවාය. සමහර ඒවා බැකෝ යොදා සකස් කළ මහා පරිමාණ ඒවාය. සමහර පතල් අතහැර දමා තිබේ. සමහර ඒවායේ වැඩකටයුතු තාමත් ගජරාමෙට කෙරීගෙන යයි. මේවායෙන් සමහර ඒවා අනවසර පතල්ය. සමහර ඒවා අවසර සහිත ඒවාය. සමහර ඒවාට අවශ්‍ය කරන බලපත්‍ර තිබේ. ඒවා මේවා කොයික කොහොම වෙතත් මේ පතල්වලින් කෝටි ගණන් වටිනා මැණික් මතුවෙයි. මේ අප හොයා යන්නේද එහෙම වටිනා, කෝටි ගණනක නිල් කැටයකි. අප යන විටද කෝටි ගණනක නිල් කැටයක් ගැන හාවක් හූවක් මිස, නිශ්චිත ආරංචියක් නැත.


    "අනේ මහත්තයො අපි ඕව දන්නෙ නෑ"
    "ඕව කියන්ඩ ගිහිල්ල ලෙඩ දාගන්න අපිට බෑ"
    "හම්බුණාය කියල නං ආරංචියි... වෙන මොකොවත් දන්නෙ නෑ"
    මේ ඒ ගැන සොයා ගිය අපට ගම්වැසියන්ගෙන් ලැබුණ උත්තරය. එක්කෝ කිසිවෙක් ඒ ගැන කිසිවක් නොදනී. නැත්නම් කිසිවෙක් ඒ ගැන කිසිවක් නොකියයි. සියල්ල කුරු ගඟ ගිලගත් සේය.

    "මේ පළාත්වල හැටි එහෙමය. මැණිකක් හම්බුණාම ඒ කතා හුඟාක් එළියට එන්නේ නැත. හොර හතුරු කරදරත්, කොටස් බෙදී යෑමේ ප්‍රශ්නත්, තැරැව්කරුවන්ගෙන් එන අනවශ්‍ය හිරිහැරත් නිසා මේ කතා එහෙමම සැඟව යයි. නැත්නම් මැණික් මුදලාලිලා උපක්‍රමශීලීව සඟවයි. ඒ නිසාම මේ සමහර කරුණු කාරණා නම්ගම්, ලිපින හෝ පුද්ගල ඡායාරූප සමඟ පළ කරන්නට අපට අවශ්‍ය නැත. අප දැනට මේ කතා කරනුයේ කෝටි දෙසීයක් පමණ වටිනා මැණිකක් ගැන යැයි පෙර සඳහන් කළෙමු. නමුත් දැනට, දැනගන්නට ලැබෙනා පරිදි ඒ වටිනාකම කෝටි දාහකට අඩු වැඩි වෙනවා නම් ඒ බොහෝම පොඩ්ඩකි. ඊටත් වඩා විශාල මිලකට විදේශීය වෙළෙඳපොළක මෙය අලෙවි නොවෙතැයි කියන්නන් අපට හැකි නොවේ. මේ කියනා මැණික හම්බවෙන්නේ අප්‍රේල් මාසයේ තුන්වැනිදා හෝ හතරවැනිදාය. එය නිල්මැණිකකි. ප්‍රමාණය අනුව ගත්කල එළවළු රොටියක තරම්ය. හැඩයත් එහෙමය. කැරට් වටිනාකම කැරට් දාහකැයි කියති.
    මේ කියන පතල දැනට අතහැර දමා තිබේ. අප යනවිට එහි උන්නේ නාඹ මීහරක් රෑනක් පමණි. උන්ට මැණිකක් ගැන හාවක් හූවක් වැඩක් නැත. එය කලබලයට අස්කළ පතලක් බවද, මැණික් ගැනවත්, පතල් ගැනවත් මෙලෝ දෙයක් නොදන්නා අපටද පැහැදිලිය. සාමාන්‍යයෙන් පතලක් කලබලයට අස්කරන්නේ ලොකු මැණිකක් ලැබුණ නිසාය.


    මේ පතලේ වැඩ කර තිබෙන්නේ හයදෙනෙකි. ඒ හයදෙනාගෙන් කීප දෙනකු ගම්වැසියන්ම වන අතර, අනෙක් අය ඒ අයගේ ඥාතීන් බව අපි සොයා ගත්තෙමු. ඒ අනුව සාමාන්‍යයෙන් වෙන පතල්වල සිදුවෙන පරිදි මේ 'කොටහ' බෙදීම ගමෙන් පිටට ගොස් නැත.
    "ඒත් මහත්තයො ඔය සමහර අය දැනට ගමේ නෑ. තුන්දෙනෙක් විතර ඉන්නව, ඒත් රෑට ගෙදර නෑ... කියන්න බෑනෙ..."
    අප සොයා ගත් පරිදි මේ මැණිකේ කොටහ බෙදී ඇත්තේ පතල්කාරයන් හයදෙනකු අතරය. අනිත් කොටස තැරැව්කාරයන්ටය. බිං අයිතියට සාම්ප්‍රදායිකව බිම් පංගුව ලැබී තිබේ. මේ මැණික ලැබුණ වහාම ආරංචිය තැරැව්කාරයන්ගේ කනට ගොස්ය. ඒ කොහොමටත් රත්නපුරයේ විදියය. දෙවියන්ට ඇතැයි කියනා දිවැසට, වඩා තැරැව්කාරයන්ගේ දිවැස ප්‍රභලය. හුළඟ පවා, ඒ අයට ආරංචි රැගෙන යයි. ඒ අනුව මේ මැණික ලැබුණ වහාම එහි විකිණුම් කටයුතු සැලසුම් වී තිබේ. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට, මේ ගල ලබා දිය යුතු යැයි තීන්දුව ගන්නේ සාම්ප්‍රදායිකව තැරැව්කාරයන්ය. ඒ අනුව තැරැව්කාරයන්ගේ මැදිහත්වීමෙන් මැණික ඉක්මනින්ම අලෙවි වී තිබේ. ඒ කෝටි තිස්අටක මුදලකටය. මේ කෝටි තිස්අටෙන් කෝටි විස්සක්ම තැරැව්කාරයන්ට බෙදී යයි. ඉන් ඉතිරිවන කෝටි තිස්අට හය පංගුවට බෙදී ඇති අතර, බිං පංගුවට ගෙවා තිබෙන්නේද ඒ කොටසෙනි. ඒ අනුව දළ වශයෙන් එක් අයකුට කෝටි තුනකටය.
    මේ වන විට මේ මැණික් ගල බොහෝ විට ඇමෙරිකාවට රැගෙන ගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මඟින් දැන ගන්නට ලැබේ. ඒ අනුව මේ නිල්කැටයේ කතන්දරය එතැනින් අවසන්ය.


    "ඕක තමයි මෙහෙ විදිය මහත්තයො... සාමාන්‍ය කෝටි සීයෙ හමාරෙ කැට කොහොමත් ඔය විදියට එහෙට මෙහෙට යනව... කතන්දර එළියට යන්නෙ නෑ..."
    දැනට ප්‍රශ්නයට තියෙන්නේ මේ නිල්කැටය මතුවෙන්නේ අනවසර පතලකින් වීමය. නීතිමය තත්ත්වය යටතේ මැණික් සංස්ථාවට මෙයට එරෙහිව පියවර ගත හැකියි. ඒ අනුව මේ පතල්කාරයන්ට එරෙහි නීතිමය පියවර ගන්නා විට මැණික් සංස්ථාව සාක්‍ෂිකරුවෙක් බවට පත්වෙයි. නමුත් ලියුම්කරුට අනුව දැන් අස්සයා පැනල ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් වැඩක් නැත. මේ මැණික් කතාවල සීයට සීයක්ම තියෙන්නේ, වාසනාව හා බැඳුණ සිද්ධීන්ය. හැම පතල්කාරයෙක්ටම පත්මරාග, නිල්කැට, පුෂ්පරාග හමු නොවෙයි. සමහර විට පතලට නොබැසම ලොකු කැට මගතොටේදී අහුලා ගනී.
    "මේ විදියෙ අවසර නැති පතල්වලින් ඕනෑ තරන් කැට හම්බෙනව, එතකොට කලබල වෙන්න හොඳ නෑ. සමහරු කරන්නෙ ගල අතේ තියාගෙන, පතලට අවසර ගන්නව, පස්සෙ එළියට දානව.


    නැත්තන් ගල අරගෙන වෙන අවසර පතලකින් හම්බුණා කියනව, එතකොට වැඩේ කම්මුතුයි. මේ තැන්වල වෙන්නෙ ගල ලොකු වැඩියිනෙ. පතල්කාරයො කලබල වුණා. ගල දැක්ක ගමන්ම සල්ලි කරගන්න ඕනෑ වුණා.
    මැණික් ගැරිල්ලේදී කලබල විය නොහැක. කොයි එකත් සීරුවට මාරුවට සිදුවිය යුතුය.
    "මැණික් ගැරිල්ල කියන්නෙ මහත්තයො අප්ප පුතා විශ්වාස නැති වැඩක්, මේ ගංවල කී දෙනෙක් ගල් නිසා මැරිල ඇතිද? කී දෙනෙක් ඇහැට දැක්ක ගල අන්තරස්දාන කරල ඇතිද? මුදලාලි කොච්චරනං පතල්කාරයන්ව අන්දල ඇතිද? ඒක තමයි හැමදාම වෙන්නෙ..."
    මැණික් කතා බොහෝය. එකක් තියෙන්නේ මැණික් මුදලාලිලා කොයි තරම් හරි හම්බ කළද, ඒවයෙන් මහා පුණ්‍යකර්මද කරයි.
    "මුදලාලිල දෙන්නෙක් ඉන්නවා අවුරුද්දට දවසක්ම සල්ලි බෙදනව... වැඩකරන අයට විතරක් නෙමෙයි, එන ඕනෑම කෙනකුට දෙනව. පෝලිම තියෙනව කිලෝමීටරයකට වැඩිය...'

    නමුත් මහපොළොව දුන් ඉල්ලම මහපොළොවටත් හොරෙන් තනිව භුක්ති විඳිනා අයද බොහෝය. නමුත් රත්තරන් බිත්තර දැමූ ස්වර්ණ හංසයා මරා බිත්තර ඔක්කොම එක පාරට ගන්නට හැදුවා සේ, දැන් රත්නපුරයේ මැණික්කාරයෝ මහපොළොව හාරා, රිදවා බැකෝ දමා, මහාපරිමාණයෙන් මැණික් ගරමින් සිටිති. ඉන් ඇතිවෙනා මහා පරිසර විනාශයට පියවර ගන්නට කෙනකු නැත්තේ එක නිල් කැටයකින් ඕනෑම ජගතකුගේ කට වැසිය හැකි නිසා විය යුතුය. සාමාන්‍යයෙන් මේ ගම්බිම්වල කොහොමටත් වෙන්නේ ඒකය. අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ අපට නැතත් මිණිපුරයෙන් තව තවත් මිණිකැට මතුවේවාය කියාය. කෙසේ හෝ ලෝකයේ මේ පුංචි කොදෙව්වේ නම කියැවෙන එක හොඳය. ලෝකයේ කොතැනත් බැබළෙන්නේ ලංකාවේ මැණික්ය. ඩයනා කුමරියගේ මුද්දෙත්, එංගලන්ත රැජනගේ ඔටුන්නෙත් එහෙමය. අප මෙසේ හොයා ගිය කෝටි දාහකට ආසන්න වටිනාකමක් ඇතැයි කියනා මැණිකද හෙට ලෝකයේ ඉහළම තැනක රැඳෙනු ඇත. පතල අවසර වුවද අනවසර වුවද ලෝකය දන්නේ අෑත තැනෙක කරදිය වළල්ලක, කඳුළු බිඳුවක හැඩයගත් රමණීය බිම්කඩක, සැඟව තියෙනා ලොවක් මවිත කරනා මහා අනර්ඝ දේ අතරින් මේ මිණිකැටයද මතුවුණ වගය. ඔවුන් ඒ රමණීය පුංචි කොදෙව්වට කියන්නේ 'ශ්‍රී ලංකාව' වගද නිසැකවම සිහිකරනු ඇත.



    ජීවන පහන් තිළිණ / ඇහැලියගොඩ - එම්.පී.ආර්. ගුණසේකර

    http://www.mawbima.lk/31-84218-news-detail.html
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by balapas Sat Apr 18, 2015 11:50 am

    I know the gem and jewelry market to some extent since relations have jewelry shops. I dont see an issue with the stone going out of SL. Whether legally mined or not thats the end result to very high value stones.

    If this was publicized they will have to keep it in a safe, the gem bureau will oversee the auction and will take ages to sell it. There will be fees and taxes to pay. Most buyers will not come forward to buy for security and tax reasons. Lot of red tape as well.

    In the informal market the gems move quickly. If you can remember in the 90s there was a publicized similar but bigger stone which took a long time to sell and did not get the ideal price.

    Few million worth ones go to jewelry shops and there are also brokers workings side by side to sell it. Most do not want to buy high worth ones because cant trust the workers who are at the back working on it unless the owner himself is going to cut it.

    If the red tape is avoided the govt can get billions in revenue.

    What the jewelers say is there are places in Rathnapura district and some other where people should be relocated and to the mining in a big commercial way like in South Africa.

    Can easily say this is the most valuable informal market. During the past regime lot of treasures were unearthed. Thats a big story.
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත Empty Re: ඇහැළියගොඩින් හමු වූ කෝටි දාහේ මැණික ඇමෙරිකාවට පැන්නුවෙ කවුද? - හඳගල පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත

    Post by dhanurrox Sat Apr 18, 2015 12:34 pm

    I like the last sentence

      Current date/time is Sat Jul 27, 2024 1:16 pm