Image copyright Rajith keerthi thennakoon
Image caption බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා
ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.
දූෂණ විරෝධී පෙරමුණ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් සිදු කරන ලද විමසීමක දී අදහස් දැක්වූ හිටපු ලේකම්වරයා, පසුගිය රජය සමයේ ලක් සතොස මගින් සහල් ආනයනයේ දී සිදු කර තිබුණ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පෙරට යමින් තිබියදී සිය සේවා කාලය අවසන් කෙරුණ බව සඳහන් කළේය.
"මට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුනේ එම පරීක්ෂණ පෙරට යමින් තිබෙන අතරයි" ඔහු පවසයි.
ඇමතිවරු මට කතා කළා - ලැසිල්
බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැවරුණ කාර්යය වුනේ 2015 ජනවාරි මාසය දක්වා සිදු කොට ඇති වංචා විමර්ශනය කිරීම යයි සඳහන් කළ එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, සිය නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා යටතේ පැවති ලක් සතොස මගින් සහල් ආනයනයේ දී විශාල පාඩු සිදුව ඇතිබව හෙළිදරව් වූ බව කියා සිටියි.
Image caption දේශපාලන බලපෑමට යටත් වූ ආයතනයක්ද?
"සහල් ආනයනයේ දී සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කෙරෙන්නේ රාජ්‍ය මට්ටමින් රජයක් සමඟයි. නමුත් ලක් සතොස සහල් ආනයනයේ දී එය සහමුලින්ම සිදුකර තිබුණේ පෞද්ගලික අංශයත් සමඟයි. එය බරපතළ වංචාවක්" ලැසිල් සිල්වා පෙන්වා දෙයි.
හෙමින් ගමනකට උපදෙස්
"මගේ පදවිය අවසන් කෙරුණේ පරීක්ෂණ අඩපණ කරන්න වෙන්න පුළුවන්. ජනාධිපති ලේකම්තුමා මට කිව්වා- මේ කටයුතු තරමක් හෙමින් කරන්න කියල. නමුත් ජනාධිපතිතුමා කිසිම මැදිහත් වීමක් කළේ නැහැ.හෙමින් කරන්න කියල එතුමා කිව්වේ නැහැ. ඒත් සහල් ප්‍රශ්නය පිළිබඳ කරුණු හෙළිදරව් වෙමින් තිබියදී එය නතර කරන්න සමහරු උත්සාහ කළා. ප්‍රශ්න රැසක් නිර්මාණය වුනා. ඒ අතර තමයි මට සේවය අහිමි වීමේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ" ලැසිල් සිල්වා බීබීසිය කළ විමසීමකදී තවදුරටත් සඳහන් කළේය.
"බරපතළ ප්‍රශ්න වලදී මට ජනාධිපතිතුමාගේ සහයෝගය ලැබුණා. නමුත් අන්තිම කාලයේ මට හැඟුණ දේ තමයි- රිෂාඩ් බදියුදීන් වගේ ඇමතිවරුන්ගෙන් ජනාධිපතිතුමාට බලපෑම් ඇති වූ බව. එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ තියා ගැනීමට ඇති උවමනාව වගේ කරුණු ජනාධිපතිතුමාට බලපෑවද කියන්න බැහැ" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රශ්නයක් මතු කරයි.
"මට සමහර ඇමතිවරු කතා කළා. ඒත් අපි කටයුතු කළේ නියමිත ක්‍රමවේදය අනුව. බලපෑම් නිසා අපි කටයුතු දියාරු කළේ නැහැ. ඒ තත්වය යටතේ මගේ නිලය අවසන් කළේ සිදු කෙරෙමින් තිබුණ පරීක්ෂණ නතර කරන්න වෙන්න පුළුවන්"
බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදු කරන ලද්දේ ආණ්ඩුවට සහයෝගය නොදුන් පුද්ගලයන් ඉලක්ක කරමින් බවට සමාජ මතයක් තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, එය එසේ නොවූ බවත් නිදසුනක් වශයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිළිබඳව විභාග කිරීම පෙන්වා දියහැකි බවත් සඳහන් කළේය.
පරීක්ෂණ වලට තිරිංග
"වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ දූෂිතයන්ට දඬුවම් දෙන බව පවසමින්. එහෙත් එවැනි පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් ඉන්නවා. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කරන්න ඒවාට තිරිංග දමන්න අවශ්‍ය වුනා කියල මට දැන් හිතෙනවා. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මම ඒ ගැන දැන සිටියේ නැහැ"
"මට වසර තිහකට අධික කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කටයුතු කරලා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුවයි මම කටයුතු කරමින් සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මගේ ඥාතියෙක්. එයත් නොතකා මම මේ රජය බලයට ගෙන ඒමට හවුල් වුණේ දූෂණ මැඩලීමට ඇති උවමනාව නිසයි" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.
බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ලක් සතොස සහල් ආනයනය සහ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්ඉදිරිපත් කරන අදහස් පිළිබඳව ප්‍රතිචාරය සඳහා ඇමතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට බීබීසිය උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවුණි.
Fri Jul 19, 2024 10:30 am by faithhharris
» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Mar 20, 2024 11:31 am by Hawk Eye
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Wed Sep 13, 2023 12:16 pm by lauryfriese
» When Will It Be Safe To Invest In The Stock Market Again?
Wed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා
» Dividend Announcements
Wed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Thu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Sun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා
» SEYB.N0000 (Seylan Bank PLC)
Thu Mar 30, 2023 9:25 am by yellow knife
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Thu Mar 30, 2023 9:25 am by HaeroMaero
» The Korean Way !
Wed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා
» In the Meantime Within Our Shores!
Mon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා
» What is Known as Dementia?
Fri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Mon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Mon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා
» Equinox ( වසන්ත විෂුවය ) !
Mon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Sun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා
» REXP.N0000 (Richard Pieris Exports PLC)
Sun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා
» RICH.N0000 (Richard Pieris and Company PLC)
Sun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා
» Do You Have Computer Vision Syndrome?
Sat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Thu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා
» What a Bank Run ?
Wed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා
» 104 Technical trading experiments by HUNTER
Wed Mar 15, 2023 4:27 pm by katesmith1304
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Wed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා
» Cboe Volatility Index
Tue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා
» AHPL.N0000
Sun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Sun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Sun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Fri Mar 10, 2023 4:43 pm by yellow knife
» Bitcoin and Cryptocurrency
Fri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා
» CSD.N0000 (Seylan Developments PLC)
Fri Mar 10, 2023 10:38 am by yellow knife
» PLC.N0000 (People's Leasing and Finance PLC)
Thu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා
» Bakery Products ?
Wed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා
» NTB.N0000 (Nations Trust Bank PLC)
Sun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා
» Going South
Sat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා
» When Seagulls Follow the Trawler
Thu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා
» Re-activating
Sat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා
» අපි තමයි හොඳටම කරේ !
Tue Feb 14, 2023 3:54 pm by ruwan326
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Tue Jan 03, 2023 6:43 pm by ruwan326
» SAMP.N0000 (Sampath Bank PLC)
Wed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා
» APLA.N0000 (ACL Plastics PLC)
Fri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Wed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා
» Banks, Finance & Insurance Sector Chart
Tue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Sun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Mon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා
» WATA - Watawala
Sat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා
» KFP.N0000(Keels Food Products PLC)
Sat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා
» Capital Trust Broker in difficulty?
Fri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Thu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා
» What Industry Would You Choose to Focus?
Tue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා
» Should I Stick Around, or Should I Follow Others' Lead?
Tue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා