- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
30 දෙසැම්බර් 2014
BBC Sinhala
"මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?"
විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.
දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය.
"මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
"ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
One thing for sure.There will be so many learnings for the Politicians from this election.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
In Marasad Stage drama it said
"there comes a new wave (political).. a woman wants to marry a man of Nava Riayan... a man wants to drink the best chicken broth... they move into the new wave believing that new wave will help to accomplish their dreams.. Power Change... still the woman is waiting...man is waiting... dissatisfied...now they wait for another wave..."
Let people learn
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
yellow knife wrote:Yes but the People never learn anything....
In Marasad Stage drama it said
"there comes a new wave (political).. a woman wants to marry a man of Nava Riayan... a man wants to drink the best chicken broth... they move into the new wave believing that new wave will help to accomplish their dreams.. Power Change... still the woman is waiting...man is waiting... dissatisfied...now they wait for another wave..."
Let people learn
Good one Yellow, People who tries to float with the waves will learn the truth in bitter way very soon when the waves dump them in the middle of the ocean . We should not create waves to bring up another set of culprits to power just becaz we do not like the current crooks that's my view on the present situations