Image copyright AFP
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101981314_hi047383322](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A166/production/_101981314_hi047383322.jpg)
එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය.
ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග් සංග්‍රාමයකින් අනතුරුවය.
මාස ගණනක් පුරා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවති හැලහැප්පීම් වලින් අනතුරුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ.
කලාපයේ පවතින දේශපාලන උණුසුම සමනය කිරීම සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ නායකයන් දෙපල සාකච්ඡා කිරීමට නියමිතය.
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101979353_de27](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/8A45/production/_101979353_de27.jpg)
Image copyright Reuters
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101982512__101980807_reuters2-2](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/5418/production/_101982512__101980807_reuters2-2.jpg)
Image copyright Reuters
මෙම සිදුවීම් මාලාවේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂකයෝ මත දෙකක් පළ කරති. සාකච්ඡාව, කිම් ජොන්-අන් ලැබූ ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් ලෙස සමහරෙක් දකින අතර ඇතැමෙකු එය දකින්නේ සාම මාවතට පිවිසීමක් ලෙසය.
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101982514__101980811_reuters-1](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A238/production/_101982514__101980811_reuters-1.jpg)
Image copyright Reuters
සෙන්ටෝසාහිදී එකිනෙකා වෙත පිය නැගූ දෙරටේ නායකයෝ ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ ඉදිරියේ අතට අතදී එකිනෙකා පිළිගත්හ.
මාධ්‍යවේදීන් ඉදිරියේ කෙටියෙන් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, නායක කිම් සමග "විශාල සබඳතාවක්" ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.
හමුව පිළිබඳ සිය සතුට පළ කළ ඇමරිකානු ජනාධිපතිවරයා, "අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වීමට යනවා. එය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගනීවි" යනුවෙන් පැවසීය.
වසරකට ඉහත දී එකිනෙකා වෙත පරිභව කරමින් වාග් සංග්‍රාමයක යෙදී සිටි නායකයන් දෙපල, සැහැල්ලුවෙන් සිටින ආකාරයක් දක්නට ලැබිණ.
"මෙතනට පැමිණීම පහසු කටයුත්තක් වුනේ නැහැ, බාධක තිබුනා. නමුත් මෙතනට පැමිණෙන්න ඒ බාධක ජයගත්තා," නායක කිම් සඳහන් කළේය.
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101982505_647faf95-4b10-4bec-831a-76f99099034d](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/C560/production/_101982505_647faf95-4b10-4bec-831a-76f99099034d.jpg)
Image copyright Reuters
භාෂා පරිවර්තකයන් සමග නායකයන් දෙපල අතර පමණක් සිදු වූ සාකච්ඡාව මිනිත්තු 40 පමණ කාලයක් පැවැත්විණි.
පසුව නායකයන් දෙපල සිය උපදේශකයන් කැටුව දිවා ආහාරය සඳහා ගියහ.
සාකච්ඡාවේ මුලික අවධානය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ යොමුවනු ඇත.
![කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති _101972738__101899023_c2e18613-fe49-4765-a31f-1a28aae578e3](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1470F/production/_101972738__101899023_c2e18613-fe49-4765-a31f-1a28aae578e3.jpg)
Image copyright REUTERS/CAPELLA SINGAPORE
Image caption සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි නිකේතනය
ජාත්‍යන්තරයෙන් නැඟුණ විරෝධය නොතකා බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරු කොරියානු නායකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඔහු ජනාධිපති පදවියට පත් වී පළමු වසර තුළ දැඩි වාග් ප්‍රහාර හුවමාරු විය.
2018 ආරම්භයේදී දෙරට අතර සම්බන්ධතාවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය කැපී පෙනිණ.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?