The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන් Empty ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන්

on Fri Sep 22, 2017 2:37 pm
BBC Sandeshaya මිනිත්තු 7 පෙර
ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන් _97970194_493347c3-9159-4f83-9b3b-c1c89803615b
Image copyright Reuters/KCNA
Image caption උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සිය නිවේදනය නිකුත් කරන ආකාරය දැක්වෙන ඡායාරූපය එරට රජයේ මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙකු" ලෙස හැඳින්වීමත් සමග දෙරට අතර පවතින වාග් සංග්‍රාමය තවත් ඉහළ අදියරකට පැමිණ තිබේ.

විරල ආකාරයේ පෞද්ගලික නිවේදනයක් නිකුත් කරමින් කිම් ජොන්ග් අන් කියා සිටියේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මෑතක කළ ප්‍රකාශය මගින් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා තමන් ගත් තීන්දුව නිවැරදි යයි ඒත්තු ගැන්වුණු බවය.

ඇමරිකාවට සිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට බල කෙරෙන්නේ නම් උතුරු කොරියාව සම්පුර්ණයෙන් විනාශ කර දැමීමට වුවත් පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතමින් ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (සැප් 19) පැවසීය.

සිය දේශනය අතරතුර කිම් ජොන්ග් අන් සමච්චලයට ලක් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "රොකට් මෑන් සිය දිවි හානි කර ගැනීමේ ගමනක නිරතව සිටින" බවය.
ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන් _97970193_ad15d5a9-95a7-4742-a5d5-e03d7ea36728
Image copyright un
Image caption එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව, ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය

මෑත මාස කිහිපය තුළ උතුරු කොරියාව සහ ඇමරිකාව උණුසුම් වාග් සංග්‍රාමයක නිරතව සිටිති.

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදාබැලීම් සිදු කරමින් සිටින අතර ජාත්‍යන්තර විරෝධය මැද හයවන වරටත් න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදු කළේය.

මීට ඉහතදී උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග්-හෝ, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය "සුනඛයකුගේ බිරීමකට" සමාන කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, සිය රට ශාන්තිකර සාගරයේ දී ජලතර බෝම්බයක් (Hydrogen bomb) අත්හදා බලනු ඇති බවත් ඔහු කියා සිටියේය.

"ජලතර බෝම්බයක් මගින් ශාන්තිකර සාගරයේ සිදු කරන වඩාත්ම ප්‍රබල පිපිරීම එය විය හැකියි" යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග්-හෝ උපුටා දක්වන දකුණු කොරියාවේ යොන්හැප් පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ "නායක කිම් ජෝන් අන් නියෝග කරන තුරු මේ සම්බන්ධයෙන් කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනීවිදැයි යන්න පිළිබඳ අප දන්නේ නැහැ" යනුවෙනි.
ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන් _97849997_ff52610f-de69-4fe4-9d91-3f20b265aa32
Image copyright AFP
Image caption දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී කොරියානු කලාපයට ඉහළ ගුවනේ කළ හමුදා අභ්‍යාසයක්

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතා කළ දේශනය අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය.

ඔහු විසින් විවේචනයට ලක් කරන ලද රටවල් අතර ඉරානය ද විය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් කියා සිටියේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය.

ජනාධිපති ට්‍රම්ප්ගේ දේශනය ඔහුගේ විවේචනයට ලක් වූ රටවලට අමතරව වෙනත් රටවල් විසින් ද දැඩි විවේචනයට ලක් කරනු ලැබ ඇත.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum