The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ? Empty සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?

    Post by Ethical Trader Thu Jan 25, 2018 5:02 pm


    සුනෙත් පෙරේරා BBC සිංහල සේවය


    "රස්සාව එපා කරන අයෙක් සෑම කාර්යාලයකම සිටිනවා" යනුවෙන් සඳහන් වැකි සහිත ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලබන අවස්ථා දුලභ නොවේ.

    එසේම සිය සේවා ස්ථානයේ ප්‍රධානියා හෝ සගයන් විවේචනයට ලක් කරමින් ඇතැම් පුද්ගලයන් විසින් සිය සමාජ ජාල පිටු තුළ ඇනුම්පද පළ කරන අවස්ථා ද දැකිය හැක.

    ඉහත කී ආකාරයේ අදහස් පළ වීමට සිය සේවා ස්ථානයේ සිදුවන අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම් (Harassment) බොහෝ විට හේතු සාධක වේ.

    අරියාදු නැතිනම් බුලිං (Bullying) සම්බන්ධයෙන් සේවා ස්ථානය තුළ දී බොහෝවිට චෝදනාවට ලක්වන්නේ ආයතනික ප්‍රධානීන් හෝ වෘත්තීය සගයන්ය.

    එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගත් කළ එහි සේවකයන් දේශපාලනික බලපෑම්වල ද ගොදුරු බවට පත් වේ.

    ස්ථාන මාරුවල සිට ශාරීරික වධහිංසා දක්වා එවැනි අරියාදුකම් (බුලි කිරීම්) දුරදිග යා හැක.

    සිය ඉල්ලීම පරිදි සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්සවූ බවට ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසානායකට චෝදනා එල්ලවිය.

    ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණවල දී විදුහල්පතිනිය මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා විය.

    දේශපාලන අධිකාරිය ඉදිරියේ "දණ නැමීමට" බල කෙරුණු ගුරු මෑණිවරුන් සහ පියවරුන් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් නිතර වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව ප්‍රධාන සංවිධායක හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගස්වනු ලැබුවේ ඔහුගේ දියණියගේ පාසල් ගවුම දිගු කළ බවට චෝදනා කරමිනි.

    ඒ ආකාරයේ බුලි කිරීමකට හෝ අඩන්තේට්ටම්වලට ලක් වන පුද්ගලයෙකුට ඇතිවන චිත්ත පීඩාව කෙබඳුද?

    දැන් ඒ පුද්ගලයාටම සංවිධායක ධුරයක් දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එමගින් ඔවුන් දිරි ගැන්වීමක් කරනවා
    සුසිලා හේරත් , ගුරුතුමිය

    "එදා මම හිතුවේ ලෝකයේ ඉන්න අවාසනාවන්තම ගුරුවරිය මමයි කියලා. එදිනෙදා සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා," යනුවෙන් සුසිලා හේරත් ගුරු මාතාව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

    "මම ඒ අත්වින්ද පීඩාව වගේ බදුල්ලේ ගුරුතුමියත් දැඩි සේ මානසික පීඩාවකට ලක් වෙන්න ඇති,"
    "එදා මාව දණ ගැස්සවූ පුද්ගලයට අද සංවිධායක ධුරයක් දීලා"

    හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සුසිලා හේරත් ගුරුවරිය විදුහල් භූමියේ දන ගස්වා බිය වැද්දවූ බවට වරදකරු කෙරුණු අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු කියා සිටියේ විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් නියම කරන අතර එය වසර හතක කාලයකට අත්හිටුවන බවය.

    බදුල්ලේ ගුරුවරියට මුහුණ දීමට සිදු වූ බව පැවසෙන අඩන්තේට්ටම් කිරීම පිළිබඳ අදහස් දක්වමින් සුසිලා හේරත් ගුරු මාතාව කියා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට නීතියෙන් දඬුවම් හිමි වුවත් වරදකරුට සමාජයෙන් දඬුවම් නොලැබුණු බවය.

    ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීට දඩ

    "දැන් ඒ පුද්ගලයාටම සංවිධායක ධුරයක් දී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට මේ වගේ අඩන්තේට්ටම් කරන්න එමගින් ඔවුන් දිරි ගැන්වීමක් කරනවා. ඒක මේ රටේ අනාගත පරපුරට ලබා දෙන වැරදි ආදර්ශයක්" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

    තමාට මුහුණ පෑමට සිදු වූ මානසික පීඩනය සම්බන්ධයෙන් උපදේශන ලබා ගැනීම සඳහා එවක තමන්ට අවස්ථාව උදා නොවූ බව ද ඇය සිහිපත් කරයි.

    අරියාදු සහ අඩන්තේට්ටම් කිරීම යනු කුමක්ද?
    අරියාදු සහ අඩන්තේට්ටම්: විශේෂඥ උපදෙස්

    මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි අරියාදු සහ අඩන්තේට්ටම් ආකාර දෙකකි:

    මානසික
    ශාරීරික

    ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ අරියාදු සහ අඩන්තේට්ටම් කෙරෙන බව තංගල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

    එවැනි තත්ත්වයකට මුහුණ දෙන පුද්ගලයෙකුගේ කාර්යක්ෂමතාව හීන වී ගොස් රැකියාවට යාමට පවා අදිමදි කරන ස්වභාවයක් දක්නට ලැබෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    එම තත්ත්වය දිගටම පැවතියහොත් විෂාදය (Depression) වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි බවත් විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේය.

    බොහෝ අවස්ථාවල දී එවැනි පුද්ගලයන් දන්නවා ඔහු බුලි වෙනවා කියල, ඒත් උදව් ඉල්ලන්නේ නැහැ. දැන දැන ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නත් නැහැ
    ධනුජ මහේෂ්, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

    ඔහු පවසන පරිදි බුලි කිරීම හෝ අඩම්තේට්ටම් නිසා ඇති වන චිත්ත පීඩාව මානසික රෝගයක් දක්වා වර්ධනය වූ පුද්ගලයෙකු තුළ පහත දැක්වෙන ලක්ෂණ දැකිය හැක.

    නින්ද නොයාම
    ආහාර අරුචිය
    ශාරීරික රෝගාබාධ (හිසේ කැක්කුම, ශරීරයේ වේදනාව වැනි හැඟීමක් ඇති වීම)
    සේවයට වාර්තා කළත් මුළු ගැන්වී සිටීම ( කතාබහ සහ සිනා වීම අඩු කිරීම)
    කාර්යක්ෂමතාව අඩු වීම සහ නිතර වැරදි සිදුවීම
    හේතුවෙක් නොමැතිව තරහ යාම
    නිතර නිවාඩු දැමීම

    ආයතනයක් තුළ දී නම් බුලි කිරීම හෝ අඩන්තේට්ටම් සිදු කරනු ලබන පුද්ගලයා සමග ඒ සම්බන්ධයෙන් විවෘතව කතා කිරීම උචිත බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් ඉන් විසඳුමක් නොලැබෙන්නේ නම් ඊට ඉහළින් සිටින නිලධාරියා දැනුවත් කළ හැකි බව කියා සිටියේය.

    එවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයෙකුට ඇතැම් විට විසඳුමක් පිළිබඳ සිතා ගැනීමට පවා අපහසු වන බව කී විශේෂඥ වෛද්‍යවරයා "මානසික වෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු වෙත යා යුතු බව එයාට හිතන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද?

    එවැනි අවස්ථාවක සිතේ පවතින ආවේගය සිය සහකරු හෝ සහකාරිය නැතිනම් මිතුරෙකුට පැවසීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.

    "නමුත් බොහෝ අවස්ථාවල දී එවැනි පුද්ගලයන් දන්නවා ඔහු බුලි වෙනවා කියල, ඒත් උදව් ඉල්ලන්නේ නැහැ. දැන දැන ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නත් නැහැ," යනුවෙන් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

    "ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාල හරහා සේවා ස්ථානය පිළිබඳ අදහස් දැක්වීම දකින්නෙත් ඒ තමන් තුළ ඇතිවන මානසික පීඩනය පිට කිරීමක් හැටියටයි"

    "ශ්‍රී ලංකාවේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය නම් මේ පිළිබඳ දැනුවත්කම අඩු බව බොහෝ දුරට අපි දකිනවා. සමහරු දිගින් දිගටම අඩන්තේට්ටම්වලට ලක් වෙනවා, නමුත් දන්නේ නැහැ මේ සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදන සහ උපකාර ඇති බව. ඊට විරුද්ධව යමක් කළ යුතුයි කියන ආකල්පය ශ්‍රී ලංකාවේ සමාජය තුළ ගොඩ නැගී නැහැ,"

    බුලි කිරීම හෝ අඩන්තේට්ටම්වලට ලක් වූ පුද්ගලයෙකුට ඊට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේද?
    එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද?
    ආකල්පමය වෙනසක් අවශ්‍යයි - ආචාර්ය අනූෂා එදිරිසිංහ

    බුලි කිරීම් හෝ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ මීට ඉහත දී නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවූව ද කාන්තා සහ සේවක අයිතිවාසිකම් පිළිබඳ රට තුළ සංවාදයක් මතුව ඇති බැවින් එහි යම් ප්‍රගතියක් දක්නට ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

    බුලි කිරීම් හෝ අඩම්තේට්ටම්වලට වැට බැඳීම සඳහා ප්‍රතිපත්ති (Policies) සහ ක්‍රියාකාරී සැලසුම් (Action Plans) නිර්මාණය වුවත් ඒ සම්බන්ධයෙන්පැමිණිලි කිරීම සඳහා තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ මානසික මට්ටම සැකසී නොමැති බව ඇය පෙන්වා දෙන්නීය.

    ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසන පරිදි බුලි කිරීම් හෝ අඩන්තේට්ටම්, ලිංගික හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිට මානව හිමිකම් කොමිසම හරහා සෑම අමාත්‍යංශයක් තුළම ප්‍රතිපත්තියක් සම්පාදනය කර ඇත.

    මේවා කාන්තා අයිතිවාසිකම්, මේවා පිරිමි අයට විරුද්ධව නැගී සිටින බලවේග කියලා හිතලා අර නිලධාරිනියන්ට මේස පුටු නොදෙන අමාත්‍යංශත් තිබෙනවා
    ආචාර්ය අනූෂා එදිරිසිංහ, අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී

    එවැනි අවස්ථාවක සහාය සහ උපදේශන ලබා ගත හැකි ආයතන:

    සේවය කරන අමාත්‍යංශය
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ඇති උපදේශ සේවා
    පොලිසිය
    ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි අංශය

    එවැනි සේවා ඇති නමුත් අඩන්තේට්ටම්වලට එරෙහිව පැමිණිලි කිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් නොවන බව පවසන ආචාර්යවරිය ඒ සම්බන්ධයෙන් සමාජයේ පවතින ආකල්ප වෙනස් විය යුතු බව අවධාරණය කරයි.

    ඊට අමතරව අසාධාරණයට ලක්වන කාන්තාවන්ට සහාය වීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් සෑම අමාත්‍යංශයක් වෙතම ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංකේන්ද්‍රික නිලධාරිනියන් යොදවනු ලැබ ඇති බවත් ඇය කියා සිටියාය.

    මත්පැන් තහංචිය: ශ්‍රී ලාංකික තරුණියකගෙන් ජනපතිට පණිවුඩයක්
    "අපි විතරද? බැරල් සයිස් පිරිමි නැද්ද?"

    ඇතැම් අමාත්‍යංශ විසින් එම තනතුර පිළිගනු ලැබ ඇති බව කී ආචාර්ය අනූෂා එදිරිසිංහ "නමුත් සමහර අමාත්‍යංශවල, මේවා කාන්තා අයිතිවාසිකම්, මේවා පිරිමි අයට විරුද්ධව නැගී සිටින බලවේග කියලා හිතලා අර නිලධාරිනියන්ට මේස පුටු නොදෙන අමාත්‍යංශත් තිබෙනවා"

    කෙසේ නමුත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිය අයිතිවාසිකම් සහ ඒ සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳ දැනීමක් ඇති බලගැන්වුණු (Empowered) පුද්ගලයෙකු නිර්මාණය කිරීම පාසල් මට්ටමේ සිට ආරම්භ කළ යුතු බව කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.

      Current date/time is Sat Jul 27, 2024 4:56 am