The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesMon Jan 25, 2021 10:41 amThe Invisible
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 12:27 pm
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty Re: රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 12:33 pm
Message reputation : 100% (1 vote)
"රවි කරුණානායකට එරෙහිව නඩු පැවරිය යුතුයි"

 BBC Sandeshaya 2018 ජනවාරි 3
රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. _99450526_he-02
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එබැවින් එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී 2008 වසරේ සිටම අයථා කටයුතු සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් අවශ්‍ය බවත් ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇති අතර, හිටපු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බවත් කොමිසමේ නිගමනය වී ඇත.
රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. _99449643_89f9f199-a2fe-4e91-8da9-5b3f92032199
Image caption හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

"මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා," ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.

බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය."කොමිසන් වාර්තා මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම චෝදනා"
රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. _99449644_e377065b-2035-460d-8475-3833bd89aa4a
Image caption හිටපු මුදල් ඇමති රවි කරුණානායක

එම කොමිෂන් සභාවේ කටයුතු සඳහා රජයට වැය වූ වියදම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අය කර ගතයුතු බව කොමිසම පෙන්වා දෙන බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකටම එමගින් චෝදනා එල්ල කර තිබෙන බව ද සඳහන් කළේය.

බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව මීට ඉහතදී තමන්ට ලබා දුන් වාර්තා 17ක් මේ වනවිටත් ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර, අඟහරුවාදා තමන්ට ලබා දුන් වාර්තා 17ත් ඉක්මනින්ම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. "කොමිසන් වාර්තා මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම චෝදනා"

කිසිදු දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන තමන් එම ජනාධිපති කොමිෂන් සභා පත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. "කොමිසන් වාර්තා මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම චෝදනා"

බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයන් චෝදනා ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා එබැවින් එය කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

බැඳුම්කර වංචාවේ දී චෝදනා ලබන්නන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා පවතින නීතියේ යම් සංශෝධන සිදුකළ යුතුව ඇතිබව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් ප්‍රකාශ කළේය.

බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය.
රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. _99449645_0536dc5f-9da6-4cc8-8206-92d482580241
Image caption කොමිසමේ වාර්තාව ජනපති අතට භාරදුන් අවස්ථාව

"මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා," ජනාධිපතිවරයා කියා සිටියේය.

වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස බැඳුම්කර නිකුතුව සම්බන්ධ කොමිසමේ වාර්තාව දැනටමත් නීතිපතිවරයා වෙත භාර දී තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8792
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty Re: රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 1:06 pm
The Biggest NATO boy has started making noises again Shocked
( Election mantra ) . Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6841
Join date : 2014-03-27

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty Re: රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 3:13 pm

Sri Lanka President to appoint committee to investigate bond scam ...

www.lankabusinessonline.com/sri-lanka-president-to-appoint-committee-to-investigat...
Jan 23, 2017 - “I will appoint a Special Presidential Commission of Inquiry this week to investigate the Central Bank bond issue and recommend actions,” President ... In 2015 a three-member board was appointed by the Prime Minister to probe the alleged Treasury bond allegation when the issue arose but was accused ...

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. C+TKjWucWYukAAAAAElFTkSuQmCC

Sri Lanka c.bank head resumes duty after bond probe report - Reuters

https://www.reuters.com/.../sri-lanka-cenbank-governor-idUSL4N0XK2ST20150423
Apr 23, 2015 - Sri Lanka's central bankGovernor Arjuna Mahendran has resumed his duties after a morethan five-week voluntary leave of absence after being cleared bya panel ... Sri Lanka c.bank head resumes duty after bond probe report ... The prime minister appointed the three-member panel to probe the deal.
CK
CK
Active Member
Active Member
Posts : 1392
Join date : 2015-11-01

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty Re: රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 3:24 pm
Thanks YK. Good eye opener for public who are still trying to white wash RW.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. Empty Re: රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..

on Thu Jan 04, 2018 6:24 pm
Thanks for your contribution.
yellow knife wrote:

Sri Lanka President to appoint committee to investigate bond scam ...


www.lankabusinessonline.com/sri-lanka-president-to-appoint-committee-to-investigat...
Jan 23, 2017 - “I will appoint a Special Presidential Commission of Inquiry this week to investigate the Central Bank bond issue and recommend actions,” President ... In 2015 a three-member board was appointed by the Prime Minister to probe the alleged Treasury bond allegation when the issue arose but was accused ...

රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි.. C+TKjWucWYukAAAAAElFTkSuQmCC

Sri Lanka c.bank head resumes duty after bond probe report - Reuters


https://www.reuters.com/.../sri-lanka-cenbank-governor-idUSL4N0XK2ST20150423
Apr 23, 2015 - Sri Lanka's central bankGovernor Arjuna Mahendran has resumed his duties after a morethan five-week voluntary leave of absence after being cleared bya panel ... Sri Lanka c.bank head resumes duty after bond probe report ... The prime minister appointed the three-member panel to probe the deal.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum