The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Wed Aug 09, 2017 2:51 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya  පැය 2 කට පෙර
මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු _97238304_8fdd20df-4300-40cc-8141-cb236ef3b40a
Image copyright Reuters
Image caption ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සිය බිරිඳ බ්‍රිෂීට් සමග

සිය භාර්යාව බ්‍රිෂීට් වෙනුවෙන් ජනාධිපති ආර්යාවගේ භූමිකාවට නිල තත්ත්වයක් ලබා දීම සඳහා පැවති සැලසුම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් ඉවත දමනු ලැබීමට සූදානම් වන බව වාර්තා පවසයි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දී මැක්‍රෝන් කියා සිටියේ සිය බිරිඳ සඳහා සැබෑ නිල පදවියක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවය.

නමුත් එම සැලසුමට එරෙහිව අන්තර්ජාලයේ දියත් කරන ලද පෙත්සමකට දෙලක්ෂ අනූ දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇත.

බ්‍රිෂීට් මැක්‍රෝන්ගේ තනතුර ඉදිරි දිනවල දී පැහැදිලි කෙරෙනු ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රංශ ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු නොවනු ඇත.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් එම්මානුවෙල් මැක්‍රෝන් එවක කියා සිටියේ ජනාධිපති ආර්යාවගේ භූමිකාව කුමක්දැයි යන්න 'විග්‍රහ කිරීමට' තමන්ට අවශ්‍ය බවය.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරය දරන්නාගේ විවාහක සහකරු හෝ සහකාරියට නිල තත්ත්වයක් ලබා දී නොමැත.

එනමුත් ජනාධිපති ධුරය දරන්නාගේ සහකරු හෝ සහකාරියට ප්‍රංශ ජනාධිපති නිල නිවස වන 'ඒලීසේ' මාලිගයේ කාර්යාලයක්, සේවය සඳහා එක් අයෙකු හෝ දෙදෙනෙකු සහ ආරක්ෂක භටයන් ලබා දෙනු ලබයි.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ගතානුගතිකවාදී ප්‍රතිවාදියා වූ ෆ්‍රන්ස්වා ෆියෝන්ගේ බිරිඳ වෙත ලබා දුන් දීමනා මතභේදයට තුඩු දුන් අතර ඒ සම්බන්ධයෙන් එවක විමර්ශනයක් දියත් කෙරිණි.
ඥාති සංග්‍රහය
මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු _97239303_10526f7f-fe42-49e2-9708-36526cb165b8
Image copyright Getty Images
Image caption එම්මානුවෙල් - බ්‍රිෂීට් යුවල ජනාධිපතිවරණ සමයේ ගත ඡායාරූපයක්

එවන් පසුබිමක ප්‍රංශ දේශපාලනයේ පවතින ඥාති සංග්‍රහය සම්පුර්ණයෙන් අතුගා දැමීම මැක්‍රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම විය.

ෆ්‍රන්ස්වා ෆියෝන්ගේ බිරිඳ හා සම්බන්ධ අපචාරය මුල් කර ගනිමින් එවක විශාල ජන විරෝධයක් ඇති වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මැක්‍රෝන් කියා සිටියේ තමන් බලයට පත් වූ විට ඥාතීන්ට තනතුරු ලබා දීම දේශපාලනඥයන්ට තහනම් කරන බවය.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව ඇතැම් සමීක්ෂණ පෙන්නුම් කරන අතර ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීම සඳහා ඔහු සිය භාර්යාව යොදා ගැනීමේ උත්සාහයක නිරත වනවා විය හැකි බව විවේචකයෝ පවසති.

සෙසු විවේචකයන් කියා සිටින්නේ ජනාධිපති මැක්‍රෝන් ඇමරිකානු මෝස්තරය අනුකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවය.

කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ආර්යාවගේ භූමිකාවට ද නිල තත්ත්වයක් ලබා දී නොමැත.
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty Re: මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Wed Aug 09, 2017 8:24 pm
Ehenang ithin Janadipathi Achchi karanang harine?

Niyama GiLF kenek.....
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty Re: මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Thu Aug 10, 2017 8:32 am
මෙතන කොල්ලද දක්ෂයා, එහෙම නැත්නම් කෙල්ලද දක්ෂයා?

අවුරුදු 10 ක කොල්ලෙක් අවුරුදු 25 ක කෙල්ලෙක් සෙට් කරගත්තොත් දක්ෂයා කවුද?

අවුරුදු 55ක කෙල්ලෙක් අවුරුදු 40ක කොල්ලෙක්ව සෙට් කරගත්තොත් දක්ෂයා කවුද?

එතකොට මෙතන මෝඩයා කවුද?
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty Re: මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Thu Aug 10, 2017 9:36 pm
Yin-Yang wrote:

එතකොට මෙතන මෝඩයා කවුද?

Mr Macaroni a strong follower of Benjamin Franklin?

https://en.wikipedia.org/wiki/Advice_to_a_Friend_on_Choosing_a_Mistress
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty Re: මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Fri Aug 11, 2017 3:04 pm
අඩේ, Jiggy මල්ලි එළ පොරක්නේ!

Jiggy Bro, was there any advice given by some aunt to some chick about advantages of choosing an elderly bf?

What do you say Kith uncle?
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු Empty Re: මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු

on Fri Aug 11, 2017 10:39 pm
Yin-Yang wrote:අඩේ, Jiggy මල්ලි එළ පොරක්නේ!

Jiggy Bro, was there any advice given by some aunt to some chick about advantages of choosing an elderly bf?

What do you say Kith uncle?

Here you go, advice from a plastic aunty

https://quotefancy.com/quote/1455256/Donatella-Versace-I-find-older-men-more-attractive-than-boys-I-need-a-man-who-can-teach
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum