- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ "අත්අඩංගුවේ"
Image copyright AFP
සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.
එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පවසන්නේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය කරන පාලක සානු-පීඑෆ් පක්ෂය ද පවසන්නේ එය "සාමකාමී ලෙස බලය පවරාදීමක්" පමණක් බවය.
එහෙත් රටේ පවතින තත්වය තුළ "කුමන්ත්‍රණයක සියලු ලක්ෂණ" දක්නට ලැබෙන බව සිම්බාබ්වේ හි සිටින බීබීසී වාර්තාකාරිය ශිම්ගයි නියෝකා (Shimgai Nyoka) පවසයි.
රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ හමුදා ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව කියා සිටි නමුත් ඔහු සිටින්නේ කොතැනක දැයි සඳහන් නොකළේය.
සිම්බාබ්වේ හි දැනට පවතින තත්වය සැකෙවින්: (ලන්ඩනයේ වේලාවෙන්)
09:45- පසුගිය පැය කිහිපය ඇතුළත රටේ හටගත් සිදුවීම් පිළිබඳව රජයට අයත් හෙරල්ඩ් පුවත්පත් වාර්තාවක් පළ කර තිබේ.
සිම්බාබ්වේ හි කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවූ බව පුවත්පතේ ස්ථාවරය වී තිබේ. දැන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හමුදාව බලය අල්ලා ගැනීම පිළිබඳවය.
09:30 - සිම්බාබ්වේ හි අලුත්ම දේශපාලන වාතාවරණය පිළිබඳව "දැඩි අවධානයෙන්" පසුවන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමා පවසයි.
මතු වී තිබෙන දේශපාලන මතභේදය දෙපාර්ශ්වය අතර සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳා ගන්නා මෙන් ජනාධිපති සූමා ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
9:00 - පාලක සානු-පීඑෆ් පක්ෂයේ තරුණ අංශයේ නායක කුඩ්සායි චිපන්ගා (Kudzai Chipanga) හරාරේ අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
"ජීවිතය පුදා හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කරන" බවට ඔහු අඟහරුවාදා (නොවැම්බර් 14) ප්‍රකාශයක් කර තිබුණි. රොබට් මුගාබේගේ බිරිඳ, ග්‍රේස්, ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා විය යුතු බව පක්ෂයේ තරුණ අංශයේ ස්ථාවරයය.
8:40 - අඟහරුවාදා රාත්‍රියේ සිට රටේ සිදුවෙමින් පවතින ක්‍රියාදාමය සම්බන්ධයෙන් රජයට අයත් The Herald පුවත්පත කිසිවක් වාර්තා කර නැත.
ජනාධිපති මුගාබේ ට පක්ෂපාතී බොහෝ ලිපි පුවත්පතේ වෙබ් අඩවියේ තවමත් දක්නට ලැබේ. එහි තවමත් ප්‍රධානම පුවත "ජීවිතය පුදා හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කරන" බවට පාලක පක්ෂයේ තරුණ අංශයේ නායකයා කරන ප්‍රකාශයක් ඇතුළත් ලිපියකි.
8:00 - හමුදා රථ මගින් හරාරේ අගනුවර පාර්ලිමේන්තු මන්දිරය අසල සහ පාලක පක්ෂයේ මූලස්ථානය මාර්ග අවහිර කරනු ලැබ ඇති බවට වාර්තා පළ වෙමින් තිබේ.
ඊට කලින් ජනාධිපති මුගාබේ ගේ පෞද්ගලික නිවාසය අසල සහ අගනුවර උතුරු ප්‍රදේශයේ වෙඩි හඬ සහ පිපිරීම් හඬ අසන්නට ලැබුණි.
7:45- හමුදාව අගනුවර බලය අත්පත් කරගැනීමෙන් පැය කිහිපයකට පසුව වාර්තාවක් පළ කරන දකුණු අප්‍රිකානු වෙබ් අඩවියක් පවසන්නේ ජනාධිපති රොබට් මුගාබේ "පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් සිටින" බවය.
7:30 - හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගග්වා (Emmerson Mnangagwa) අන්තර්වාර ජනපති පදවියට පත් කරන ලද බව සානු-පීඑෆ් පක්ෂය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
75 හැවිරිදි හිටපු උප ජනාධිපතිවරයා ආණ්ඩුවට "ද්‍රෝහී වූ" බව පවසමින් රොබට් මුගාබේ විසින් පසුගියදා පදවියෙන් පහ කරනු ලැබුවේය.
ජාත්‍යන්තර ප්‍රතිචාර
සිම්බාබ්වේ බල පෙරැළිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිචාර පළ වෙමින් පවතී.
කාර්යාල තුළ රැඳී සිටින ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය සිය තානාපති නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සිය විශේෂ දූත මණ්ඩලයක් සිම්බාබ්වේ කරා යවන බව 'දකුණු අප්‍රිකාවේ සංවර්ධන ප්‍රජාව' (SADC) පවසයි.
ජනාධිපති ජේකබ් ෂූමාගේ ප්‍රධානත්වයෙන් පැවති SADC සාකච්ඡාවකින් අනතුරුව එම නිවේදනය නිකුත් කර ඇත.
දැනට උද්ගතව පවතින දේශපාලන අවුල සුහදව විසඳා ගන්නා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සිම්බාබ්වේ ආණ්ඩුවෙන් සහ යුද හමුදාවෙන් ඉල්ලීමක් ද කළේය.
එම අර්බුදයට සාමකාමී විසඳුමක් සහ සංවාදයක් යෝජනා කරමින් යුරෝපා හවුල නිවේදනයක් නිකුත් කර ඇත.
සිම්බාවේ අර්බුදයට සම්බන්ධ පාර්ශ්ව ගැටුම් වලින් වැළකීම ඉතා වැදගත් බව බ්‍රිතාන්‍යය පෙන්වා දෙයි.
'හරාරේ' සිදුවීම් දෙස තමන් දැඩි අවධානයෙන් පසු වෙන බව සිම්බාබ්වේ ප්‍රධාන වෙළෙඳ ආයෝජකයා වන චීනය කියා සිටියි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ "අත්අඩංගුවේ"
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ "අත්අඩංගුවේ"
කිත්සිරි ද සිල්වා wrote:He stayed beyond the expiry date and like any other dictator, ultimately ruined the country.