The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය Empty මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

    Post by Ethical Trader Tue Jul 04, 2017 6:58 pm

    මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය
    BBC Sandeshaya පැය 2 කට පෙර

    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පසුගියදා ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලැබීමත් සමගම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම පිළිබඳව යළිත් වරක් ප්‍රබල අවධානය පළ වී තිබේ.

    සිම්බාබ්වේ තරගාවලියට පෙරාතුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ද මතභේදයට තුඩු දුන්නේය.

    ක්‍රිකට් ක්‍රීඩාව තවමත් විනාශ වී නැතත්, "විනාශ වෙමින් යන" බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, මේ බිඳ වැටීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවත් සඳහන් කරයි.

    මේ අතර කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයෙකු ද වන සිදත් වෙත්තමුණි පවසන්නේ ක්‍රිකට් පරිපාලනයේ වගවීම සහ විනිවිද පෙනෙන සුළු භාවය ඇතිකිරීමට අපොහොසත් වනතුරු ක්‍රීඩාව නගා සිටුවීම ඉතා දුෂ්කර කාර්යයක් බවය.

    ඔවුන් දෙදෙනාම ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, ක්‍රීඩාව නගා සිටුවීම පිණිස කඩිනම් පියවර ගත යුතුව තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද පිළිගනියි.

    ක්‍රිකට් ක්‍රීඩාව "වැඩියෙන්ම විනාශ වූයේ" සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ බව පවසන අමාත්‍ය අර්ජුන රණතුංග එම බිඳ වැටීම පිළිබඳව ඇමතිවරයෙක් වශයෙන් තමන් දැඩිව කණගාටුවන බවත් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

    "මේකට ජනාධිපතිවරයා, ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න ඕනේ. මම අදත් කියනවා. අතුරු පාලක මණ්ඩලයක් ගෙන්න ඕනේ. නැත්නම් ක්‍රිකට් හදන්න බෑ," ඔහු පැවසීය.

    'ෆිට්නස්'

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ 'ෆිට්නස්' යහපත් මට්ටමක නැතැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක් නියම කෙරිණ.

    ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසන්නේ අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් තුළ විනයක් තිබිය යුතු බවය.

    "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ"

    එහෙත් 'බඩ තිබුණු' පමණින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බිඳ වැටී ඇතැයි පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

    "ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රිකට් ෆිට්නස්. එහෙම නැතුව අපි මලල ක්‍රීඩකයෝ නෙවෙයි," අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

    "මේකට ප්‍රධානම හේතුව අපි පිටරටවලින් ෆිට්නස් ගැන දන්න අය ගෙනල්ල ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය ෆිට්නස් කරනවා, නමුත් ක්‍රිකට් ෆිට්නස් ගැන කාටවත් දැනුමක් නෑ."

    කෙසේ නමුත් තමන් ඒ අදහස් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

    "1996 ක්‍රිකට් ක්‍රීඩාවයි, අද ක්‍රිකට් ක්‍රීඩාවයි අතර ලොකු පරස්පරයක් තියෙනව. එතුමාට පුළුවන් මට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන්න. හැබැයි ෆිට්නස් පිළිබඳව එතුමාට වැඩිය මට දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් තියෙනව," ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

    ක්‍රිකට් පරිපාලනය

    දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින නමුත් පරිපාලනයේ දුර්වලතා සහ ක්‍රීඩාවේ දේශපාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු ක්‍රිකට් නායක සිදත් වෙත්තමුණි මේ අතර බීබීසී සිංහල සේවයට පැවසීය.

    විශේෂයෙන්ම තමන් අන්තර්වාර කමිටුවේ සභාපති ධුරය හෙබැවූ සමයේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (එවකට ජනාධිපති නීතිඥ) ප්‍රසන්න ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අන්දම පිළිබඳව අයර්ලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල ව්‍යවස්ථාවන් හදාරා පූර්ණ වාර්තාවක් සකස් කළ බව පවසන ඔහු, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවත් සඳහන් කළේය.

    ක්‍රීඩා සමාජවලට අනිසි ලෙසින් බලපෑම් කිරීමේ අවස්ථාව අහුරමින්, පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තුරු සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් පවා පෙන්වා දී ඇති පරිදි පළමු පෙළ ක්‍රීඩා තරගාවලිවල ව්‍යුහය පූර්ණ වෙනසකට බඳුන් කරන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ප්‍රබල බලාපොරොත්තු තබාගත නොහැකි බවත් සිදත් වෙත්තමුණි වැඩිදුරටත් පැවසීය.

    "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ."

    බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී නැති බවය.

    ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳව සිදත් වෙත්තමුණි ඇතුළු ක්‍රීඩාවේ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව සඳහන් කරන අමාත්‍යවරයා, කෙසේ නමුත් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව ඔහු ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව තමන්ගේ ප්‍රබල මනාපයක් නොමැති බවත් පැවසීය.
    ග්‍රැහැම් ෆෝඩ්

    බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව "අන්ධ මිනිස්සු පාරේ යනවා වගේ" ගමනක යෙදෙමින් සිටින බවය.

    එයට ප්‍රතිචාර දක්වන අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ තිලංග සුමතිපාල විසින් ගන්නා ලද ඇතැම් තීන්දු වැරදි බව තමන් ද පිළිගන්නා බවය.

    "දැන් ග්‍රැහැම් ෆෝඩ් තෝරාගන්න එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණ. අන්තිමට වුනේ ග්‍රැහැම් ෆෝඩ් ඒක අතෑරලා දාල ගියා. මම හැම වෙලාවෙම කලපනා කළ දේ තමයි ලංකාවේ ඉන්න පුහුණුකරුවන් ගැන අපි පොඩ්ඩක් අවබෝධය ලබාගන්න ඕන."

    උදාහරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තර්වාර කමිටුවක් විසින් චන්දික හතුරුසිංහ "රටෙන් එලෙවුව" බව පවසන අමාත්‍යවරයා, වර්තමානයේ ඔහු ඩොලර් 40,000 ක වැටුපක් ලබමින් බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගමින් සිටින බව පෙන්වා දුන්නේය.

    ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පියවර ගන්නා අතරවාරයේම වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ද අඩුපාඩු තිබෙන බව පිළිගන්නා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, අමාත්‍ය අර්ජුන රණතුංග පවසන පරිදි එම පරිපාලනය වෙනුවට අන්තර්වාර කමිටු පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදයට විසඳුම යයි තමන් විශ්වාස නොකරන බවය.

    ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් සලකා බලන විට ඔවුන්ගේ මානසිකත්වය සහ ශාරීරික යෝග්‍යතාවය ගොඩ නැංවිය යුතු අතරම, එක් කළමනාකරුවෙකු විසින් ක්‍රීඩකයන් විශාල පිරිසක් කළමනාකරණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 6:43 pm