- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියේ
BBC Sandeshaya පැය 2 කට පෙර
Image copyright Getty Images
Image caption සිය පළමු නිල සංචාරය අරඹමින් ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියට ලඟා විය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් ආරම්භ කරමින් සෞදි අරාබියට ලඟා විය.
පදවියට පත්වීමෙන් අනතුරුව ඔහු සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.
රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සැපත් ඇමෙරිකානු නායකයා සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් පිළිගන්නා ලද්දේ සෞදි අරාබියේ සල්මන් රජතුමා විසිනි.
සෞදි රජ මාළිගය බලා පිටත්ව යාමට පෙර රාජ්‍ය නායකයන් දෙදෙනා ගුවන් තොටුපොළේ දී කෙටි සාකච්ඡාවක නිරත වුහ.
හෙට ඉරිදා (මැයි 21) රියාද් අගනුවර මුළුදෙන සමුළුවක දී ජනාධිපති ට්‍රම්ප් හතළිහකට අධික මුස්ලිම් රාජ්‍ය නායකයන් අමතා කතා කිරීමට නියමිතයි.
අන්තවාදී සංවිධාන වලට එරෙහි සටන එම සමුළුවේ ප්‍රධාන මාතෘකාව වනු ඇතැයි සැලකෙයි.
Image caption සෞදි අරාබියේ සල්මන් රජතුමා
ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය සංචාරයේ දී ඩොලර් කෝටි දහස් ගණනක් ආවරණය කෙරෙන වාණිජ ගිවිසුම් කීපයකට ද අත්සන් තබනු ඇත.
මේ සංචාරය ආරම්භ කෙරුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ඔහුගේ සංවිධායක මණ්ඩලය සහ රුසියාව අතර සබඳතා පැවතුණ බවට එල්ල වෙමින් ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පෙරට යමින් ඇති අතරයි.