The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri May 21, 2021 11:24 amThe Invisible
Browns Investments updateTue Feb 02, 2021 2:38 pmYin-Yang
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා Empty කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා

Sat Jan 27, 2018 6:37 pm
BBC Sandeshaya  2018 ජනවාරි 26
කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා _99755654_abe7a62f-4c86-4119-b3e5-d06164e05fc4
Image copyright AFP/Getty Images
Image caption පුර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු මේ රන් වැසිකිලිය ඉතාලි ජාතික කලා ශිල්පියෙකුවන මොරිසියෝ කටෙලාන් ගේ නිර්මාණයකි

ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ විසින් නිමවන ලද සිතුවමක් සපයන මෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමක් බැහැර කළ නිව්යෝර්ක් හි කෞතුකාගාරයක් ඒ වෙනුවට රනින් කළ වැසිකිලියක් දිය හැකි බව දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.

වොෂිංටන් පොස්ට් පුවත් පත කියා සිටියේ හිම ඇතිරුණු භූමි දසුනක් දැක්වෙන වැන්ගෝ ගේ සිතුවම ධවල මන්දිරය සැරසීම සඳහා දිය නොහැකි බව දන්වමින් නිව්යෝර්ක් හි ගුගන්හයිම් කෞතුකාගාරය ඊට කනගාටුව පළකර ඇති බවය.

එහෙත් ඊට විකල්පයක් ලෙස "කැරට් 18 රත්‍රන් වලින් නිමවුණු වැසිකිලියක්" පිරිනැමීම එම කෞතුකාගාරයේ යෝජනාව විණි.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් ප්‍රකාශ කර නැත.

වොෂිංටන් පොස්ට් පුවත්පතට අනුව කෞතුකාගාරයේ පාලකවරිය වන නැන්සි ස්පෙක්ටර් ධවල මන්දිරයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා _99764007_afc1fedb-16b1-4f59-81ce-ac34d0989f02
Image copyright GUGGENHEIM

සිය ඊමේල් පණිවිඩයේ ඇය සඳහන් කර තිබුණේ, "මේ සිතුවම කෞතුකාගාරයේ තන්හොයිසර් එකතුවට අයත් එකක් නිසා මේ පියවරට එක්වීමට නොහැකිවීම ගැන මට කණගාටුයි. අතිශය දුර්ලභ අවස්ථා හැරුනුකොට එම එකතුවේ අංග එහා මෙහා ගෙනයන්නේ නැහැ." යනුවෙනි.

1888 වසරේදී වැන්ගෝ විසින් නිමවන ලද එම සිතුවම එහි හිමිකරුවන්ගේ අවසරය මත සිය අනුබද්ධ ආයතනයක ප්‍රදර්ශනය කෙරෙනු ඇති බව ද එම ඊමේල් පණිවිඩයෙහි දැක්විණි.

කෙසේවෙතත්, ඉතාලි ශිල්පියෙකු වන මොරිසියෝ කටෙලාන් විසින් නිර්මාණය කරන ලද රත්‍රන් වැසිකිලිය "දිගු කාලීන ණයක් සඳහා" ධවල මන්දිරයට දිය හැකි බව ද කෞතුකාගාර පාලකවරිය දන්වා තිබේ.

"මේක ඇත්තෙන්ම වටිනාකමින් අධිකයි ඒ වගේම තරමක් බිඳෙන සුලුයි. නමුත් එය සවි කිරීම හා රැකබලා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් අපට දිය හැකියි" යැයි ද නැන්සි ස්පෙක්ටර් කියා සිටියාය.

පුර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු "අමෙරිකා" ලෙස නම්කර ඇති එම ප්‍රදර්ශන භාණ්ඩය, ඇමෙරිකාවේ විශාල ධනය උපහාසයට ලක්කරන්නක් ලෙස සැළකේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum