The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Ethical Trader Wed Aug 02, 2017 3:11 pm

    BBC Sandeshaya මිනිත්තු 50 පෙර
    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට _97162145_0a791eef-23c5-4e23-8d1d-25eb8e4e8ae3
    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස ප්‍රශ්න කළේය.

    විදේශ අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියේ අද (අගෝස්තු 02) පෙරවරු 9.45ට පමණය. පෙරවරු 10.20ට පමණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

    හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය.

    විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කළේය.
    දියණියන් අතර

    එමෙන්ම තම දියණියන් සහ අර්ජුන් ඇලෝසියස් ගේ දියණියන් අතර ද මිතු දම් පවතින බව ඔහු පැවසීය.

    ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.

    වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

    කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු මුදල් ඇමතිවරයා පිළිගත්තේය.
    ඇලෝසියස් ගේ දුරකතනය

    නමුත් එහිදී කිසිදු අවස්ථාවක ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව සාකච්ඡා නොකළ බව රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

    ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ගේ දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත්, පිටු 8600ක වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ තබන ලදී.

    ඔහුගේ ජංගම දුරකතනයෙන් මකා දමා ඇති දත්තයන් ද විශේෂඥයන් ලවා නැවත ප්‍රකෘති කොට මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවත් ඒ අතර ඉතා සංවේදී සහ වැදගත් වූ තොරතුරු පවතින බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

    අර්ජුන් ඇලෝසියස් ගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩ කිහිපයක සඳහන් තොරතුරු පිළිබඳව රවී කරුණානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඉන් අනතුරුව ආරම්භ විය.

    මෙහි ඇතැම් කෙටි පණිවිඩ තුළ තමන්ගේ නම සඳහන් වී තිබීම පිළිබඳව විමසු අවස්ථාවේ රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.
    "Hon. PM"

    ඇතැම් කෙටි පණිවිඩ තුළ "Hon. PM" වශයෙන් සඳහන් වී ඇති බවත් එක් කෙටි පණිවිඩයක "…. Get a copy from PM" වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය.

    අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඒ කිසිවකට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් ය.
    13 වතාවක් සිංගප්පුරුවේ දී

    නීති පති දෙපාර්තමේන්තුව විසින් මීළඟට ඉදිරිපත් කරන ලද්දේ රවි කරුණානායක ඇමතිවරයා සිංගප්පුරුවේ කළ සංචාරයන් පිළිබඳ වාර්තාවකි. ඔහු සිංගප්පුරුවට ගිය අවස්ථා 13කදී අර්ජුන් ඇලෝසියස් ද සිංගප්පුරුවේ සිට ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

    අවස්ථා කිහිපයක දී අර්ජුන් ඇලෝසියස් තමන්ට සිංගප්පුරුවේ දී මුණ ගැසී ඇති නමුත් ඒවා කලින් සැලසුම් කළ හමුවීම් නොවන බව ඇමතිවරයා පැවසීය.

    තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට දැයි, එක් අවස්ථාවක දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළවිට ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙන් බවය.

    අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් සභාවේ කටයුතු නතර කරන ලදී.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by malanp Wed Aug 02, 2017 9:37 pm

    හොරා කියලා තියෙන්නෙම මම දන්නෙ නැහැ. මම දන්නෙ නැහැ කියලයි.
    මූ නමි පුදුම හොරෙක්.
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Rana Wed Aug 02, 2017 11:30 pm

    තව ටික දවසකින් ඔය කොමිසමත් යට යාවි. තවත් ප්‍රස්නයක් එනකොට තවත් බොරු කොමිසමක් දාලා ඒ ප්‍රශ්නේ යට ගසාවි
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by CK Thu Aug 03, 2017 6:41 am

    Rana wrote:තව  ටික දවසකින්  ඔය  කොමිසමත්  යට  යාවි. තවත්  ප්‍රස්නයක්  එනකොට  තවත්  බොරු  කොමිසමක්  දාලා ඒ ප්‍රශ්නේ  යට  ගසාවි
    Don't think so. If such thing happen, it will be the end of this government.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Yin-Yang Thu Aug 03, 2017 8:36 am

    malanp wrote:හොරා කියලා තියෙන්නෙම මම දන්නෙ නැහැ. මම දන්නෙ නැහැ කියලයි.
    මූ නමි පුදුම හොරෙක්.

    ඇයිමල්ලියෝ අමතක උනෙයි; ගහට නැග්ග එකාටත් උත්තරයක් තිබ්බනෙව.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by malanp Thu Aug 03, 2017 8:45 am

    Rana wrote:තව  ටික දවසකින්  ඔය  කොමිසමත්  යට  යාවි. තවත්  ප්‍රස්නයක්  එනකොට  තවත්  බොරු  කොමිසමක්  දාලා ඒ ප්‍රශ්නේ  යට  ගසාවි

    This time we have an honest president,, He is very serious..

    The problem is Ranil and UNP. So far Ranil has tried his level best to protect thievs and demanding other party members also cover them.

    What he will do is a big question.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Ethical Trader Thu Aug 03, 2017 11:52 am

    Now that many trade unions take up every thing under the sun (other than their genuine trade union matters) to strike/street protests, they also should take up this delay in bringing the culprits to book also to the street without blaming the civil society leaders for supporting SAITAM.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Ethical Trader Thu Aug 03, 2017 12:01 pm

    "මම දැන හිටියේ නැහැ" -රවි

      BBC Sandeshaya 2017 අගෝස්තු 2ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට _97162150_ee5be495-3f46-4fdc-a615-529a6223544d

    ඇමති රවී කරුණානායක මාධ්‍ය වෙත පළ කළ අදහස්

    තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව රවී කරුණානායක ඇමතිවරයා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ය.

    නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිසුරු මඬුල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ තමා ඒ බව පළමුව දැන ගත්තේ පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකට ලක් වූ අවස්ථාවේ දී බවය.

    මෙම නිවස දේශපාලනඥයෙකුට කුලියට දීමට අදාළ නිවසේ අයිතිකාරිය අකමැතිවීම හේතුවෙන් තම පවුලේ හිතවතෙකු වන අර්ජුන් ඇලෝසියස් සිය සමාගම හරහා මුදල් ගෙවා ඇති බව ඇමතිවරයා කියා සිටියේය.

    'බැඳියාවන් අතර ඝට්ටනයක්'

    මෙම ගනුදෙනුවට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් තම බිරිඳ සහ දියණිය විසින් මෙම නිවස සොයාගනු ලැබ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    "මම කිසිවක් දැන හිටියේ නැහැ. (I knew nothing)" යනුවෙන් රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

    මෙහිදී විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කර සිටියේ මෙම නිවස වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් ගේ සමාගමකින් කුලිය ගෙවන බව දැන සිටියේ නම් තමා එහි පදිංචියට යන්නේද යන වගය.

    ඒ බවක් තමා කලින් දැන සිටියේ නම්, එම ගනුදෙනුව තුළ 'බැඳියාවන් අතර ඝට්ටනයක්' (Conflict of Interest) පවතින හෙයින් එම නිවසේ පදිංචියට යාම සිදු නොවනු ඇති බව හිටපු මුදල් අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.

    බිරිඳ සහ දියණිය

    කෙසේ නමුත් නිවස කුලියට ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් ගේ සමාගම විසින් මෙතෙක් ගෙවනු ලැබ ඇති මුදල තම බිරිඳ සහ දියණිය නැවතත් එම සමාගමට ගෙවා ඇති බවත්, ඒ බව ඔප්පු කිරීම සඳහා රිසිට් පතක් ඉදිරි දිනක දී ඉදිරිපත් කළ හැකි බවත් ඇමතිවරයා පැවසීය.

    නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රශ්න ඇසීම මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ඉතා දැඩි ලෙස උද්වේගකර ස්වභාවයකින් හරස් ප්‍රශ්න ඇසීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක් හට ගත්තේය.

    වරෙක ඔහු ඇමතිවරයා පිළිබඳව ප්‍රකාශයක් කරමින් "ඔහු බොරු කියනවා (He is lying)" යනුවෙන් ද පැවසීය.

    උණුසුම් තත්වය හමුවේ මැදිහත් වූ විනිසුරු මඬුල්ල, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට තරයේ අවවාද කරමින් කියා සිටියේ උද්වේගකර නොවී වෘත්තීය මට්ටමින් ප්‍රශ්න කරන ලෙසය.
    ආරම්භය

    විදේශ අමාත්‍ය රවී කරුණානායක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ අද (අගෝස්තු 02) පෙරවරු 9.45ට පමණය. පෙරවරු 10.20ට පමණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

    හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය.

    විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.

    වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

    කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු මුදල් ඇමතිවරයා පිළිගත්තේය.
    ඇලෝසියස් ගේ දුරකතනය

    නමුත් එහිදී කිසිදු අවස්ථාවක ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව සාකච්ඡා නොකළ බව රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

    ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ගේ දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත්, පිටු 8600ක වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ තබන ලදී.

    ඔහුගේ ජංගම දුරකතනයෙන් මකා දමා ඇති දත්තයන් ද විශේෂඥයන් ලවා නැවත ප්‍රකෘති කොට මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවත් ඒ අතර ඉතා සංවේදී සහ වැදගත් වූ තොරතුරු පවතින බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

    අර්ජුන් ඇලෝසියස් ගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩ කිහිපයක සඳහන් තොරතුරු පිළිබඳව රවී කරුණානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඉන් අනතුරුව ආරම්භ විය.

    මෙහි ඇතැම් කෙටි පණිවිඩ තුළ තමන්ගේ නම සඳහන් වී තිබීම පිළිබඳව විමසු අවස්ථාවේ රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

    "Hon. PM"

    ඇතැම් කෙටි පණිවිඩ තුළ "Hon. PM" වශයෙන් සඳහන් වී ඇති බවත් එක් කෙටි පණිවිඩයක "…. Get a copy from PM" වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය.

    අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඒ කිසිවකට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් ය.
    13 වතාවක් සිංගප්පුරුවේ දී

    නීති පති දෙපාර්තමේන්තුව විසින් මීළඟට ඉදිරිපත් කරන ලද්දේ රවි කරුණානායක ඇමතිවරයා සිංගප්පුරුවේ කළ සංචාරයන් පිළිබඳ වාර්තාවකි. ඔහු සිංගප්පුරුවට ගිය අවස්ථා 13කදී අර්ජුන් ඇලෝසියස් ද සිංගප්පුරුවේ සිට ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

    අවස්ථා කිහිපයක දී අර්ජුන් ඇලෝසියස් තමන්ට සිංගප්පුරුවේ දී මුණ ගැසී ඇති නමුත් ඒවා කලින් සැලසුම් කළ හමුවීම් නොවන බව ඇමතිවරයා පැවසීය.

    තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට දැයි, එක් අවස්ථාවක දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළවිට ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙන් බවය.

    අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් සභාවේ කටයුතු නතර කරන ලදී.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට Empty Re: ඇමති රවි කොමිසමේ දී දැඩි ප්‍රශ්න කිරීමකට

    Post by Ethical Trader Thu Aug 03, 2017 12:06 pm

    Proceedings after lunch are not reported as yet. ?Any unofficial media control. If so, its no good.

      Current date/time is Tue Sep 17, 2024 12:31 am