BBC andeshaya පැය 7 කට පෙර
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.
ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය
ගුවන් ගමන්
අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ.
විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති.
රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.
විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්‍රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ.
මැදිහත්කරුවෙක්
සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අරාබි රටවල් එහිදී කටාරය වෙත ඇඟිල්ල දිගු කළ බවත් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.
කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ"
මේ අතර නවසීලන්තයේදී ප්‍රකාශයක් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මතු වී තිබෙන ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තුවන බව සඳහන් කළේය.
"ඔවුන් අතර තිබෙන ගැටළු සාකච්ඡා මේසයට වාඩි වෙලා විසඳා ගන්න කියල අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා," ඔහු පැවසීය.
අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කටාරය පවසන අතර, ඒ සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට කුවේටය ඉදිරිපත් වී සිටියි. අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කුවේටයේ එමීර්වරයා සවුදි අරාබිය වෙත සංචාරය කළේය.
අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය.
එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය.
ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?