The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

on Fri Jul 20, 2018 10:28 pm
Message reputation : 100% (2 votes)
BBC Sandeshaya    පැයකට පෙර
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් _102630072__95426589_ipj
Image copyright PACEMAKER
Image caption ඉයන් පයිස්ලිට ( Ian Paisley)

පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත.

2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.

'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි.

පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පයිස්ලි පැවසීය.

ඉයන් පයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි.

ඔහු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති පක්ෂයේ (DUP) සාමාජිකයෙකි.

අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව පැවසීය.
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් _102630074__102578911_houseofcommons
Image copyright HOC

ඉයන් පයිස්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතයයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ:

•2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි.

•අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.

•2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.

මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4849
Join date : 2014-02-26

ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

on Sun Jul 22, 2018 8:42 am
Message reputation : 100% (1 vote)
Suddoth narak karanawa ape Ayyala.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8721
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

on Sun Jul 22, 2018 10:00 am
Message reputation : 100% (1 vote)
ජරාව කන්න පුරුදු වුනාම ජරාව දෙන්නත් පුරුදු වෙනවා ! Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

on Sun Jul 22, 2018 6:09 pm
Message reputation : 100% (1 vote)
තව පාරක් එයාටම බලය දුන්න නම් TRUMP ටත් උගන්වයි.
කිත්සිරි ද සිල්වා wrote:ජරාව කන්න පුරුදු වුනාම ජරාව දෙන්නත් පුරුදු වෙනවා ! Embarassed
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum