The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ" Empty පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ"

on Wed Aug 23, 2017 12:05 pm
BBC Sandeshaya 2017 අගෝස්තු 22
පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ" _97480675_gettyimages-85205588
Image copyright Getty Images
Image caption තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ ලහෝර් නුවරදී එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇති බව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර පවසයි.

එබැවින් මේ වනවිට කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේ නම් තමන් යළිත් වරක් පාකිස්තානයේ සංචාරය නොකරන බවත් මෑතක් වනතුරු බංග්ලාදේශයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ තිලාන් සමරවීර බීබීසී යේ Stumped වැඩසටහනට පැවසීය.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වතාවට පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු පසුගියදා සනාථ කළහ.

'රතිඤ්ඤා පත්තු කරන්නත් බයයි'

ඒ අනුව මුලින්ම ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලාහෝර් නගරයේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමට නියමිතව තිබේ.
පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ" _97474675_68dcb91f-26e8-4ed0-b1bb-9ec74ba1b21d
Image caption පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත්තේය

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයේදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීරගේ පාදයෙන් මූනිස්සමක් ඉවත්කිරීම පිණිස සැත්කමක් කිරීමට ද සිදුවිය.

සැත්කමෙන් මාස හතරකට පසුව ඔහු ක්‍රීඩාකිරීම සඳහා පූර්ණ සුවය ලැබූ නමුත් ප්‍රහාරයෙන් ඇති වූ මානසික තැති ගැනීමෙන් සුවය ලැබීම දුෂ්කරම කටයුත්ත බව ඔහු පවසයි.

"මට තාමත් රතිඤ්ඤා පත්තු කරනකොටත් බය හිතෙනවා. නමුත් ඒ බයෙන් ගොඩ එන්න මම තාමත් නිතරම ඒ ගැන කතාකරනවා," ඔහු සිනහසෙමින් පැවසීය.

'දඬුවම් කරන්න එපා'

යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භවීම පිළිබඳව පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් පැහැදිලිවම ප්‍රමෝදයට පත්වනු ඇති නමුත් "ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි ඇගයීමක් කළ යුතුයි," යනුවෙන් ද තිලාන් සමරවීර කියා සිටියේය.

"ඒකෙන් පස්සේ වුනත් කවුරු හරි යන්න අකමැති නම් එයාව යවන එක හොඳ නෑ කියල මම හිතනවා."
පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ" _97480677_160903063647_sri_lankan_cricketer_thilan_samaraweera__640x360_afp_nocredit
පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන අතර පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා පැවසීය.

"ඒත් මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසීය.

"අනික කවුරුහරි ක්‍රීඩකයෙක් යන්න අකමැති නම් ඒ ගැන ඔවුන්ට දඬුවම් කරන්නත් හොඳ නෑ."

ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.
පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ" _97480680_354aa124-6237-4d40-abdb-a6a1eee06713
Image copyright Getty Images
Image caption ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි
හමුදා හෙලිකොප්ටරය

වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරවාරයේම බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පදවාගෙන යමින් බස් රථයේ රියදුරා තමන් සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව ද තිලාන් සමරවීර කෘතවේදීව සිහිපත් කළේය.

"අපිට ආරක්ෂකයෝ හත් අට දෙනෙක් හිටිය. විනාඩියකින් දෙකකින් ඒ සේරම මැරුණ. ඉතින් රියදුරා බස් එක ස්ටේඩියම් එකට පදවාගෙන ගියේ නැත්නම් තවත් බොහෝ දේවල් වෙන්න තිබුන."

බීබීසී ලෝක සේවයේ Stumped වැඩසටහන ඔස්සේ තිලාන් සමරවීර සමග සම්පූර්ණ සාකච්ඡාවට ලබන ඉරිදා සවන්දිය හැකිය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum