The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි Empty ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි

on Thu Jun 01, 2017 11:01 am
Message reputation : 100% (1 vote)
ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි
BBC Sandeshaya  2017 මැයි 31
ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි _96290445_582c9669-a67b-4cea-a570-aa65d7812f29
Image copyright AFP
Image caption ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ

ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ සිය ගුවන්යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීහු පවසති.

මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.

තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.

මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවය.
ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි _96290446_c07694f4-228b-4c23-a8a6-ab3a6f578543
Image copyright DAVID HENDERSON
Image caption ගුවන් යානය තුළට සන්නද්ධ පොලිසිය කැඳවූ අවස්ථාවේදී ගත් ඡායාරුපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි

කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි.

වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බවය.

මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ බව වාර්තා වූයේ 1982 වසරේදී ය.

අලිතාලියා ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක විසිනි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8697
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි Empty Re: ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි

on Thu Jun 01, 2017 11:05 am
සයිමා කට් වෙලා ! Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි Empty Re: ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි

on Thu Jun 01, 2017 3:03 pm
Message reputation : 100% (1 vote)
මැලේසියානු ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයා 'යකා නැටූ හැටි'
BBC Sandeshaya  මිනිත්තු 29 පෙර
ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි _96296694_83459286-4d15-4f8a-bb0d-bbda024f2e16
Image copyright Andrew Leoncelli
Image caption මෙල්බර්න් ගුවන් තොටුපලට ගොඩ බැස්වීමත් සමග යානයට ඇතුළු වූ සන්නද්ධ භට කණ්ඩායම්

ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විසි පස් හැවිරිදි ශ්‍රී ලාංකිකයා එදින මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මුදා හරින ලද පුද්ගලයෙකු බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

එම පුද්ගලයා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් හිමි මෙල්බර්න් නුවර විසූ අයෙකු බව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය භාර පොලිස් ප්‍රධානී ග්‍රැහැම් ඇෂ්ටන් කියා සිටියේය.

තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළු වීමට උත්සාහ දරා තිබූ බව වාර්තා වේ.

ඒ සමග ක්වාලාලම්පූර් බලා පියාසර කරමින් තිබූ යානය යළි මෙල්බර්න් ගුවන් තොටුපල බලා හරවා ඒමට සිදු වූ අතර එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට පත් විය.

එය ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බව සළකා පොලිසිය ආරම්භයේ දී කටයුතු කළ නමුත් "මානසික සෞඛ්‍ය හා සම්බන්ධ ගැට‍ලුවක්" ඊට බලපා ඇතැයි පසුව තීන්දු කෙරුණු බව පොලිස් ප්‍රධානී ග්‍රැහැම් ඇෂ්ටන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ගමන් කළ සෙසු මගීන් අදාළ පුද්ගලයා මෙල්ල කිරීමට කටයුතු කළ ආකාරය සිදුවීම ඇසින් දුටුවෙක් විස්තර කළේය.

එක් මගියෙකු කියා සිටියේ සැකකරු අත "ඉතාමත් අසාමාන්‍ය වස්තුවක්" තිබූ බවය.

එය පුපුරන ද්‍රව්‍යයක් නොවන බව පසුව පොලිසිය නිවේදනය කළේය.
ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි _96296894_20b01d3a-edee-4de8-98f2-567b66090417
'පොර බැදීමක්'
Image copyright Andrew Leoncelli

"ඔහු පසුපසට දිව ගියා, ඕස්ට්‍රේලියානු වීරයන් තුන්දෙනෙක් ඔහුව බදලා බිම දැම්මා. ඔහුව සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළා" යනුවෙන් සිදුවීම ඇසින් දුටු මගියෙකු වන ඇන්ඩෲ ලියොන්සෙලී බීබීසියට කියා සිටියේය.

'බ්ලූටූත් ස්පීකරයක්' (bluetooth speaker) හෝ ඊට සමාන යමක් සැකකරු අත තිබී ඇති බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවසීය.

මැලේසියාවේ ප්‍රවාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් අසීස් විසින් එය පවර් බෑන්ක් (powerbank ) බැටරියක් ලෙස හඳුන්වනු ලැබූ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

තමන්ට ගුවන් යානයේ නියමුවා හමුවීමට අවශ්‍ය යැයි "කලහකාරී ලෙස හැසිරීමට" පෙර සැකකරු පැවැසූ බව ඇන්ඩෲ ලියොන්සෙලී කියා සිටී.

ඉන් අනතුරුව සැකකරු තර්ජනය කරමින් අත තිබූ උපකරණයේ බොත්තම් ක්‍රියාත්මක කරන ආකාරයක් පෙන්නුම් කළ බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව තමන් හමුවේ තර්ජනයක් ඇති බව සෙසු මගීන්ට දැන්වූ බව කී ඇන්ඩෲ ලියොන්සෙලී පසුව සෙසු මගීන් විසින් සැකකරු නතු කර ගනු ලැබූ බව සඳහන් කළේය.

එම අවස්ථාවේ A330 වර්ගයේ මැලේසියානු ගුවන් යානය තුළ කාර්ය මණ්ඩලය සහ මගීන් 337 දෙනෙක් ගමන් ගත්හ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum