The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල Empty නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල

on Wed Sep 12, 2018 12:18 pm
Message reputation : 100% (2 votes)
පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහිදී සමුළුව අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ, නිදහස ලැබීමෙන් පසුව වැඩිම ණය ආපසු ගෙවීම මෙම වර්ෂයේ වාර්තා වන බවයි.ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියන 1.9ක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව අමතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ සම්පූර්ණ දේශනය පහත දැක්වේ.

අද දින මා හට මෙම සමුළුව ඇමතීම සදහා ආරාධනා කිරීම පිළිබඳව පළමු කොටම ඔබ සැමටම මම ස්තුතිවන්ත වෙමි. ශ්‍රී ලංකා උද්‍යාන අලංකාර සංවර්ධනය-(2025) වැදගත් හා කාලීන මාතෘකාව පිළිබඳ මාගේ අදහස් ඔබ සමඟ හුවමාරු කර ගැනීමට මා හට අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම ඔබට මොණරාගල පැවති ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට යම් අවස්ථාවක් ලැබුණි නම්, රජයේ 2025 දර්ශනය පිළිබඳව සමාලෝචනයක් කර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ අවබෝධය තරමක් අපැහැදිලිය.වරාය, ගුවන් තොටුපොළ, විදුලි බලාගාර, හා වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී ඇත.

වරායක් ගොඩනගන්නේනම් එය ආර්ථික කටයුත්තක් සඳහාද නොවේනම් හෝ වෙළඳ ගුවන්යානා ආකර්ෂණය නොවන ගුවන් තොටුපළක් පවතීද, එයින් දළදේශීය නිෂ්පාදිතය වැඩිකළ හැකිවුවත් එය සංවර්ධනයක් ලෙස සැළකිය නොහැකි වේ. සංවර්ධනය සාපේක්ෂව අර්ථ දක්වන්නේනම් ජාතියේ ආර්ථික, සාමාජීය, දේශපාලන යහපැවැත්ම තහවුරු කරන ක්‍රියාවලිය එය වේ.මා විශ්වාස කරනවා රටක් සංවර්ධනය කිරීමේ වැදගත් අංශ දෙක වන්නේ ප්‍රජාතන්තවාදය ළගා කරගැනීමත් සහ ජනවාර්ගික ගැටලුවලින් හෙබි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් ගොඩනැගීමක් ලෙසය.

පුරවැසියන්ගේ දේශපාලන නිදහස හා එහි ප්‍රතිලාභ ගැන බොහෝ අය කතා කරතත් ඒ වාගේම බහු ආගමික මෙන්ම, විවිධාකාර ලෙස ඒකාබද්ධ වූ රටක් ලෙස රජයේ කැපවීම තුළින් බහු නිර්මාණශීලී ස්වරූපය දැකිය හැකි වේ.මම අද සිටන්ම ආර්ථික සංවර්ධනය සඳහා යොමුවෙමි. ආර්ථික සුබසාධනය වෙනුවෙන් නියමාකාර වැටුප් වර්ධනයක් මෙන්ම පරිපූර්ණ රැකියා බිහිකිරීමේ ප්‍රාථමික මිනුම් දඩු ලෙස මෙය ගෙනහැර දැක්විය හැකිය.

වත්මන් සම්බන්ධතාවය තුළ ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් අප ඉහළ ආදායම් මට්ටමකට ළගාවීම හේතුවෙන් ශ්‍රම පිරිවැයේ වාසි තවදුරටත් ලබාගත නොහැකි වේ. මෙය ඇත්ත වශයෙන්ම එය හොද දෙයකි.අප තවදුරටත් විශාල ව්‍යාපෘති සදහා මහජන මුදල් ආයෝජන කිරීමට මූල්‍ය අවකාශ නොපවතී.
මෙය නිදර්ශනයක් වශයෙන් පෙන්නුම් කරයිනම් 2017 වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1670 වේ.2017 වසරේදී සමස්ථ ණය සේවා ගෙවීම රුපියල් බිලියන 1603 ක් විය.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර 05 තුළ සාමාන්‍ය වාර්ෂික ණය සේවා ගෙවීම රුපියල් බිලියන 990කි.2017 වසර හා සැසඳීමේදී 2018 වසරේදී වාර්ෂික ණය සේවා ගෙවීම දෙගුණ වී ඇත.

නිදහස ලැබීමෙන් පසුව වැඩිම ණය ආපසු ගෙවීම වාර්තා වන්නේ මෙම වර්ෂයේ ය.ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියන 1.9කි.එය 2015 වසරේ කළ පිරිවැයෙන් ආසන්න වශයෙන් 82% කි.එබැවින් සංවර්ධනය හා අනාගත ආර්ථික සංවර්ධනය කිරීම පිණිස වඩාත් දුෂ්කර වූ හා අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ රජයට අවශ්‍ය වන බව පැහැදිලිය.

මෙය ආර්ථිකයේ තරගකාරීත්වය ඉහළ නංවන අතර එමගින් සේවකයෙකු සදහා වන නිමැවුම ඉහළ යන අතර ඒ තුළින් සැබෑ ඉහළ වැටුප් තත්වයන් පිළිබිඹු වේ.අභියෝගය එලෙසම පවතිද්දී රජය ආර්ථිකයේ තරගකාරීත්වය වඩාත් යහපත් ලෙස දියුණු කරන්නේ කෙසේද? තරගකාරීත්වය පවත්වාගෙන යෑමට එක් ශ්‍රමිකයෙකු සදහා නිමැවුම සුබවාදී ලෙස ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික සම්පත් ඒ ඒ ක්‍රියාකාරකම් සදහා යොමු කිරීමට අවශ්‍ය වේ.මේ අංශවල ආර්ථික ක්‍රියාකාරිත්වය විතැන්වීමක් අවශ්‍ය වන බවත් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී වන අතර අප තරගකාරී නොවන ක්ෂේත්‍ර වලින් ඉවත් විය යුතු වේ.

උදාහරණයක් ලෙස ශ්‍රම හමුදාවෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්ත‍යේ නියුක්ත වී සිටින අතර එය දළ දේශීය නිශ්පාදිතයෙන් 9%ක් වන බව අපි සියලු දෙනාම දනිමු.

තරඟකාරී නොවන කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම මගින් අප අඩු වේතනයක් සහිත ආර්ථික ක්‍රියාකාරිත්වයකින් හෙබි ගොවීන් නතු කර ගැනිමේ ඵලදායි බවක් අපට පෙන්වයි. මෙලෙස එක් එක් ගොවියාට ලැබෙන ආදායම සහ එක් එක් ගොවියාගේ නිමැවුම යහපත් මට්ටමකට ගෙන ඒම පිණිස ඉහළ කෘෂිකාර්මික වටිනාකමක් ඇති තත්වයකට ක්‍රමයෙන් මාරු වීමට අපට අවශ්‍ය වන බව පැහැදිලිය.

එම ඉලක්කය කරා ගමන් කිරීමට දේශීය පුද්ගලික ආයෝජන හා ස්ථාවර සෘජු ආයෝජන යන දෙකටම තාක්ෂණය හා ආයෝජනය අවශ්‍ය වේ.මෙම එකම මූලධර්මය සියළු ආර්ථික අංශවලට අදාල වන අතර ඒවායින් බොහෝමයක් තරගකාරී නොවන නමුත් ආරක්ෂා සහිත වන බවත් එය තරගකාරිත්වය නවෝත්පාදනය නියම සැබෑ වැටුප් වර්ධනයට බලපාන අතර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටද ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. මේ සම්බන්ධ‍යෙන් රජය දේශීය වෙළදපොළ ආරක්ෂා කිරීම තුළින් ගමන්කරන ආර්ථිකයකින් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන්මග වෙනත් මගකට යොමුකිරීමට රජය නව ව්‍යාපාර ආරම්භ කරගනිමින් ආර්ථිකය වඩාත් පරිබාහිර වූ දිශාවකට යොමු කර තිබේ.අපගේ ආර්ථික වර්ධනයේ අනාගතය, අපනයන ව්‍යවසායකත්වය, ස්ථාවර සෘජු ආයෝජන හා පුද්ගලික ව්‍යවසාය ඔස්සේ එය සකස්විය යුතුය.

ගෝලීය තරගකාරී අංශයන්හි රැකියා බිහිකිරීම කෙරේ පුද්ගලික ආයෝජනය ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.තොරතුරු තාක්ෂණය හා ඇගලුම් ක්ෂේත්‍රයන්හි සාර්ථක දියුණුවක් අතීතයේ අප ලබා තිබෙනවා.නමුත් මෙය බොහෝ අනෙකුත් අංශ කෙරේ බල පවත්වයි. ආර්ථිකයේ ශක්‍යතාවය ගොඩනැගීම සදහා පවතින සීමා ලිහිල් කිරීමට අප ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ආර්ථිකය ක්‍රමානුකූලව ලිහිල් කිරීම තුළින් පුද්ගලික ආයෝජනය ආකර්ෂණය කිරීම සහ වඩා තරගකාරී හැගීම් ලබාදෙන නමුත් තරගකාරීත්වය මගිත් අයහපත් ප්‍රතිඵල එල්ලවීම වැළැක්වීමට ආරක්ෂක ජාලයක් සපයනු ලබයි.

තරගකාරීත්වය සඳහා දිරිමත් කිරීම හා ජීවන වියදම් අවම කරගැනීම ක්‍රමයෙන් අඩුකිරීමට තීරු බදුවලට අමතරව අය කරන ගාස්තු හා වෙනත් අයකිරීම් සඳහා ක්‍රමවේදයක් අනුගමනය කරන අතර අසාධාරණ වෙළඳ පිළිවෙත් ආරක්ෂා කිරීම අප දැනටමත් අනුමත කිරීමට එරෙහිව ඒවා ඉවත්කර නව ආරක්ෂණ නීතිරීති අප දැනටමත් අනුමත කර තිබේ.

තරගාකාරීත්වයේ බලපෑමට ලක්වන එම සමාගම්වල තරගකාරීත්වය වැඩි කිරීම සඳහා සමාගම්වලට නැවත පුහුණු කළ හැකි කම්කරුවන්ට සහනදායී මූල්‍යාධාර වැඩසටහනක් රජය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූ ගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ඵලදායීතාවය අවශ්‍යවන අංශවලට ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා වෙළඳ ප්‍රවේශය උසස් තත්වයකට පත්කිරීම පිණිස වෙළඳ ගිවිසුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කරමින් පවතී. යුරෝපා සංගමයේ GSP + දැනටමත් අපනයන වෙළඳපළ ප්‍රවේශයන් සඳහා විශාල ශක්තියක් සපයා දී ඇති අතර ඉන්දියාව හා චීනය සමඟ කරගෙන යන සාකච්ඡා ආයෝජන සඳහා අපේ රට තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

වෙළඳ ආයෝජන අතර සම්බන්ධතාවය උපරිම ළුලදායීතාවක් වර්ධනය කිරීම පිණිස පුරවැසියන්ගේ සැබෑ වැටුප් වර්ධනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉහළ වටිනාකමකින් යුත් රැකියා උත්පාදනය හා තාක්ෂණය ළඟා කරගැනීමට හැකියාව ලැබේ. වෙළඳපළ ප්‍රවේශය ලබාදීමට අමතරව ආයෝජකයින් සඳහා සැපයුම් අංශයේ අවහිරතා පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍ය වේ.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රීයාවලියේ දී තාක්ෂණය භාවිතා කිරීම මගින් ලංකාව තුළ ව්‍යාපාර පවත්වා ගැනීමේ පහසුව සඳහා වඩාත් යහපත් තවට පත්කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පසුගිය සතියේ මාර්ගස්ථ ඉදිකිරීම් බලපත්‍ර ලබාදීම දියත් කරන ලද අතර ඒ සඳහා ගතවන කාළය හා වියදම් කැපී පෙනෙන ලෙස අඩු කරන ලදී. පැය 24 තුළ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගස්ථ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලදී.මේ සියළු ක්‍රියාමාර්ගයන් ආයෝජන පිරිවැය සැළකිය යුතු ලෙස අඩුකරනු ලබයි.

දිගු කාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු නිරීම සඳහා තීරණාත්මක ප්‍රතිසංස්කරණ අප ක්‍රියාත්මක කර තිබෙනවා.එහෙත් හ්‍රී ලංකාව සදහා මූල්‍ය ස්ථායීකරණය ඵෙතිහාසික මට්ටමේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී.

දේශීය ආදායම් පනත හා වෙළදපළ පදනම් කරගත් ඉන්ධන මිල සූත්‍රය හදුන්වාදීම ,රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සම්බන්ධයෙන් ගත් ප්‍රධාන පියවරයන් වේ.
2017 වසරේ අයවැය තුළ ප්‍රාථමික අතිරික්තයන් දශක ගණනාවක් තිස්සේ පළමුවරට අප ලබාගත්තා. මෙම මූල්‍ය නවීකරණයේ ප්‍රතිඵල දැනටමත් පසුගිය මස දෙක තුළ භාණ්ඩාගාර බිල්පත් ආදායම් පදනම් කරගනිමින් ලකුණු 60කින් අඩුවී ඇති බැවින් පොළී අනුපාතයන් ගැළපෙන පරිදි සකස් කිරීමට පටන්ගෙන ඇත.

අපනයනය කරන ලද අපනයන ප්‍රමාණය 2017 දී ඉහළ මට්ටමක පැවතියත් ගෝලීය පොළී අනුපාතය ඉහළ යෑම හමුවේ විදේශ සංචිත හිතකර මට්ටම් කරා ළගා වී ඇති අතර උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවතී.එබැවින් අස්ථාවර ගෝලීය තත්වයන් හා බාහිර විශාල ණය බැදීම් නොතකා සාර්ව ආර්ථිකය ස්ථාවර මට්ටමක් ඇතිකිරීම පිණිස රජය සාර්ථකව ගමන් කරන බව පැහැදිලිය.

අපට ලැබෙන ප්‍රතිලාභ පිළිගනිමින් පැහැදිලිවූත් කෙටිකාලීනවූත් රජයේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික වර්ධනය ආරම්භ කිරීමට යම් පියවරක් ගැනීමයි.ග්‍රාමීය හා නාගරික යන ආර්ථිකයන් දෙකටම පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි පරිදි ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා හා ගම්පෙරළිය යන ප්‍රධාන වැඩසටහන් දෙක ඔස්සේ අප එය කඩිනම් කර ඇත.

පෞද්ගලික ආයෝජනය තුළින් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම හා කුඩා ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මගින් ඉලක්ක කරගත් පොළී සහනාධාර රාශියක් සපයයි.ගම්පෙරළිය යටිතල පහසුකම් සදහා කඩිනම් රාජ්‍ය ආයෝජන වැඩසටහන මගින්ද ගම්බද ආර්ථිකයට ජීවය ලබාදේ.වසර දෙකක නියගය නිසා ඇතිවූ අසාර්ථකත්වය නැවත යථා තත්වයට පත්කිරීමට මෙය මහෝපකාරී වේ.

හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කර තිබීම නොසළකා අපේ රටේ විශාලතම සම්පත වන එහි ජනතාවගේ ආයෝජනයකින් තොරව රට සැබවින්ම සංවර්ධනය නොවනු ඇත.අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් සදහා වියදම් කිරීමට මෙම රජය ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ,කුසලතා හා වෘත්තීය පුහුණුව සඳහා වූ වියදම 2%කි. 2018 වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1 වනු ඇත.2017 වසර තුළ සෞඛ්‍යමත කරන ලද වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.55 ක්ද, එය මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.66 ක්ද වනු ඇත.

සමාජ යටිතල ව්‍යුහය මත එවැනි වියදම් මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස දැකිය හැකි වුවත් ජනතාවගේ සුබසිද්ධිය සදහා ඉන් අර්ථවත් බලපෑමක් වනු ඇත.අන්තර් ජාතික හවුල් කාරීත්වයන් දැඩි ලෙස විශ්වාස කරන රජයක් ලෙස හුදකලා නොවී අපගේ සමස්ථ ජනතාවගේ පූර්ණ හැකියාවන් තේරුම් ගෙන ඒවා සාක්ෂාත් කරගැනීම සදහා 2030 වන විට එක්සත් ජාතීන්ගේ සුබසාධන ඉලක්ක සපුරා ගැනීමට අප පොරොවන්දු වී තිබේ.

අපගේ දර්ශනය 2025 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කර ඇති දැනුම පදනම් කර ගනිමින් ඉහළ තරගකාරී සමාජීය වෙළඳපළ ආර්ථිකයක කොටස්කරුවෙකු ලෙස මුහුණ දීමට මේ රටේ සෑම පුරවැසියෙකුටම හැකි වේ.

එබැවින් මෙම රජය කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි ජනප්‍රිය ආර්ථික මැදිහත්වීම් සදහා පහසු කෙටිමාර්ග නොපවතින නමුත් එය දීර්ඝකාලීන වේදනාවකට තුඩු දෙනු ඇත.

අප අතීතයේ ක්‍රියාත්මක වූ මෙවැනි කල්පනාකාරි ප්‍රතිපත්තිවලින් අපට අහිතකර බලපෑම් උරැම වී ඇති නමුත් එකම එක ගමන්මාර්ගයේ ගමන්කිරීම තෝරා නොගත යුතුය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිණිස තිරසාර දිගුකාලීන විසදුම් සදහා මැනවින් සිතාගත හැකි මිනුම්දඩු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී.මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ ක්ෂණිකව මුළුමනින්ම ඉස්මතු කළ නොහැකි නමුත් සියළු පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් සමග සාමූහිකව ශක්තිමත් බවත් තිරසාර හා සාධාරණ ආර්ථිකයක් සහිත සමාජයක් ගොඩනැගීමේ අවස්ථාව අපට ලැබී තිබේ.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල Empty Re: නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල

on Wed Sep 12, 2018 6:12 pm
Message reputation : 100% (1 vote)
Thanks.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8697
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල Empty Re: නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල

on Thu Sep 13, 2018 8:17 am
Message reputation : 100% (1 vote)
The interesting question is what did we do with this much of borrowing? Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6809
Join date : 2014-03-27

නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල Empty Re: නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල

on Thu Sep 13, 2018 10:15 am
Message reputation : 100% (4 votes)
There can be many interesting things that we may tend to forget like postponing the Port City and restarting after one year intervals...

A leased bus which is not running on road will be a burden to the borrower.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල Empty Re: නිදහස ලැබීමෙන් පසු රු. ට්‍රිලියන 1.9 ක වැඩිම ණය ආපසු ගෙවීම මෙම වසරේ දී – මංගල

on Thu Sep 13, 2018 6:44 pm
Message reputation : 100% (1 vote)
Very Good point YK. Thanks. However, people also forget that the outright transfer of land in the port city was reversed during the period the project was suspended, safeguarding the sovereignty of the country. I think it offsets the additional costs incurred by delaying the project.
yellow knife wrote:There can be many interesting things that we may tend to forget like postponing the Port City and restarting after one year intervals...

A leased bus which is not running on road will be a burden to the borrower.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum