The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! Empty බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

    Post by Ethical Trader Thu May 11, 2017 12:38 pm

    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

      BBC Sandeshaya 2017 මැයි 10

    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !

    බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් මෙන්ම බලධාරීහු ද පවසති.

    නේපාලය පුරා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් රැස්කර ගන්නා ලද දත්තවලින් කියවෙන්නේ ලුම්බිණිය ඉහළ වායු දූෂණයකට ලක්ව ඇති බවය.

    පුදබිම ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක කර්මාන්ත ව්‍යාප්තිය මැද මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.
    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! _95859152_dsc_0159
    Image caption ලුම්බිණිය වෙත ලොව නන් දෙස සිටින බෞද්ධයෝ පැමිණෙති

    වායු දුෂණයේ බරපතල ස්වභාවය

    පසුගිය ජනවාරි මාසයේ දී කරන ලද ගණනය කිරීම්වලට අනුව, නේපාලයේ නිරිතදිග පිහිටි ලුම්බිණියේ සිහින් වායු දූෂක (PM2.5) තත්ත්වය දැක්වුණේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රෑම් 173.025 ක් ලෙසය.

    ඊට ආසන්න නගරය වන චිට්වාන් හි 113.32 ක් වූ අතර ඉහළ වායු දූෂණයක් ඇති කත්මණ්ඩු අගනුවර අගය වූයේ 109.82 කි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනුව වායු දූෂණයට අදාළ ආරක්ෂිත සීමාව මයික්‍රෝ ග්‍රෑම් 25 ක් වන අතර නේපාල රජය ප්‍රකාශයට පත් කර ඇති ජාතික මට්ටම මයික්‍රෝ ග්‍රෑම් 40 කි.

    ලුම්බිණි ඓතිහාසික පුදබිම සහ ඒ අවට මතු වී ඇති තත්ත්වය විද්‍යාත්මක ආයතනවලින් ඉස්මතු කොට ඇත.

    "අතිශය දූෂණයට ලක්ව ඇති ඉන්දු-ගංගා තැනිතලාවෙන් සිදුවන සීමන්තර ප්‍රවාහය මෙන්ම වායු ස්ථරවලදී උෂ්ණත්වය අඩුවීම වෙනුවට වැඩිවීම නිසා ප්‍රදේශයේ කර්මාන්ත ආශ්‍රිත දූෂණයේ සිරවීමේ එකතුව බරපතළ ලෙස මීට හේතු වෙලා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, නිවර්තන කාලගුණය පිළිබඳ ඉන්දීය ආයතනය කළ අධ්‍යනයකින් පැවසේ.

    "ප්‍රදේශය තුළ සිදුවන වායු ගෝලයට මුදා හැරීම් ද අනෙකුත් හේතු අතර තිබෙනවා" යැයි ද සඳහන් වේ.

    ඒ අනුව, මිනිස් රුධිර නහර තුළට ඇතුළු විය හැකි PM 2.5 සිහින් වායු දූෂක මට්ටම එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ආරක්ෂිත සීමාවට වඩා දස ගුණයක් ඉහළය.
    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! _95859577_dsc_0192
    Image caption ලුම්බිණියේ ගහ කොළ දුහුවිල්ලෙන් වැසී ඇත
    කර්මාන්ත ව්‍යාප්තියේ බලපෑම

    ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ලුම්බිණි ප්‍රදේශය වායු දූෂණය හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බව ලෝක සංරක්ෂණ සංගමය (IUCN) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සමාජීය, හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් කරන ලද අධ්‍යනයකින් ද පෙන්වා දී ඇත. "ලුම්බිණියේ සංරක්ෂිත කලාපය තුළ කාබන් විමෝචනය කෙරෙන කර්මාන්ත ව්‍යාප්ත වීම හේතුවෙන් ජෛව විවිධත්වයට තර්ජන කිරීම, ප්‍රදේශයට එල්ල වන සෞඛ්‍ය අවදානම මෙන්ම පුරාවිද්‍යාත්මක දේපළ සහ සමාජීය, සංස්කෘතික අනන්‍යතාවලට තර්ජන එල්ල වීම වැනි ගැටලු රැසක් මතුව තිබෙනවා" යැයි ඉන් කියැවේ.

    ලුම්බිණියේ පූජනීය උද්‍යානය, වායු දූෂණයේ බරපතල තර්ජනයට ලක්ව ඇති බව එහි ඇති ස්මාරක තුනක් ආශ්‍රිතව IUCN ආයතනය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.

    "අශෝක ස්ථම්භයෙන් (බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය සිහිකිරීම සඳහා අශෝක අධිරාජයා විසින් ක්‍රිස්තු පුර්ව 249 දී කරවන ලදී.) ලබාගත් නියැදිවලින් පෙන්නුම් කළේ ජිප්සම්, කල්සයිට්, ඩොලමයිට් හා මග්නසයිට් කුඩු වශයෙන් ස්ථම්භයේ මතුපිට තැන්පත්ව ඇති බවයි." යැයි රෝම විශ්ව විද්‍යාලයේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥ කොන්ස්ටන්ටිනෝ මෙවුසි සිය වාර්ථාවේ සඳහන් කර ඇත.

    "මේ සියල්ල සිමෙන්ති නිෂ්පාදන චක්‍රයේ කොටස්" යැයි ද පැවසේ.
    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! _95997170_dsc_0247
    Image caption ලුම්බිණි ආසන්නයේ ඇති සිමෙන්ති කම්හල් වායු දුෂණයට ඉවහල්ව ඇති බව පැවසේ

    ඓතිහාසික පුදබිමේ නිරිත දිග සහ බටහිර සීමාවල සිට ගුවනින් කිලෝමීටර 15ක ප්‍රදේශය ලුම්බිණි ආරක්‍ෂිත කලාපය ලෙස නම් කර ඇත.

    එම ආරක්‍ෂිත කලාපයට යාබදව ව්‍යාප්තවන කාර්මික ප්‍රදේශය ආශ්‍රිතව සිමෙන්ති, වානේ, කඩදාසි හා නූඩ්ල් කර්මාන්තශාලා මෙන්ම ගඩොල් පෝරණු ද වේ.

    ඉන් සමහර කර්මාන්තශාලා ආරක්‍ෂිත කලාපය තුළම පිහිටීම ආණ්ඩුවේ රෙගුලාසි පැහැදිලි ලෙසම උල්ලංඝනය කිරීමක් බව පරිසරවේදීහු පවසති.

    පුදබිමට පැමිණෙන සංචාරකයින් මෙන්ම සැදැහැවතුන්ද බීබීසී වෙත පැවසුවේ තමන්ට ආශ්වාසයේදී දැඩි අපහසුවක් දැනෙන බවය.

    වසර දෙදහස් හයසියයකට එපිටදී ගෞතම බුදුන් මෙලොව ජනිත වූ නියම ස්ථානය දැක්වෙන තැන පිහිටි මායාදේවි විහාරය ආසන්නයේ භාවනාවේ යෙදුනු විවේකානන්ද හිමි ඇතුළු පිරිසක් මුව ආවරණ පැළඳ සිටින අයුරු බීබීසී වාර්තාකරුට දකින්නට ලැබිණි.
    බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් ! _95859336_e55cdf74-b5ac-4513-824e-cc96b1c73465
    Image caption මුව ආවරණ පැළඳ භාවනාවේ යෙදෙමින්

    ලුම්බිණිහි භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඔහු, "අපේ මධ්‍යස්ථානයේ සිටි පිරිසෙන් ඇතැමෙකු ඇදුම තත්ත්වයට මුහුණ පෑවා" යැයි පැවසීය.

    "මෙහි ඇති තත්ත්වය දරාගන්නට බැරුව ඇතැම් අය තමන්ගේ වන්දනා ගමන් කෙටි කර ආපහු යන්න ගියා." යැයි ඔහු පැවසීය.

    නේපාල රාජ්‍ය නිලධාරීන් මේ තත්ත්වය දැන සිටින අතර එරට පරිසර දෙපාර්තමේන්තුවේ වායු දුෂණ මානක ඒකකයේ ප්‍රධානී ශංකර් ප්‍රසාද් පෞදෙල් පැවසුවේ, "මෑතදී රැස්කළ දත්තවලින් පෙනෙන්නේ කත්මණ්ඩු නුවරට වඩා ලුම්බිණියේ වායු දුෂණය ඉහළ බවයි." යනුවෙනි.

    "නුදුරේදීම ඩ්‍රෝන් යොදාගනිමින් මෙම දුෂණයේ මුලාශ්‍ර හඳුනාගැනීමට සැලසුම් කර තිබෙනවා. අපේ බලාපොරොත්තුව, පවතින ගැටලුව අඩු කිරීමට එය උපකාර වෙයි කියලයි." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    (බීබීසී පරිසර වාර්තාකරු නවීන් සිං ඛඩ්කා සකස්කළ වාර්තාවක් ඇසුරිනි)

      Current date/time is Sat Jul 27, 2024 7:42 pm