- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ
BBC Sandeshaya 2013 අගෝස්තු 28
බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.
Image caption මෙය බුදුන් වහන්සේ භාවිත කළ පාත්‍රයක් විය නොහැකි බව පුරා විද්‍යාඥයෝ පවසති
වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
එහෙත් මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි, කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් ගෙන් බීබීසී සංදේශය විමසීමක් කළේය.
"මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ," යනුවෙන් ඔහු පැවසීය.
කණිෂ්ක රජ සමයේ නිර්මාණයක්
ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.
මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ
කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්ෂ, ඕමාර් ඛාන්
පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරන්නේ.
"බුදුන් වහන්සේ ඇත්තටම භාවිතා කරපු පාත්‍රය කියල අපිට කියන්න බෑ. නමුත් මේ වගේ විශාල පාත්‍ර කිහිපයක්ම හම්බ වෙලා තියෙනව," බව මහාචාර්යවරයාගේ මතයයි.
කෙසේ නමුත් මෙම පාත්‍රවල විශාල කෞතුක වටිනාකමක් තිබෙන බව ඔහු අවධාරණය කරයි.
කෞතුක වටිනාකමක් ඇති මෙම පාත්‍රය මහා අධිරාජ්‍යයක් පුරා බුදු දහම පැතිර ගිය යුගයක නිර්මාණය වන්නට ඇති බව පුරා විද්‍යාඥ මතයයි.
සියවස් ගණනාවකට පසු ලොව පුරා විහිදුනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා විශාලව විහිදුනු මෙම බෞද්ධ අධිරාජ්‍යය පසුව ක්‍රමයෙන් මුස්ලිම් ආධිපත්‍යයට යටපත් විය. ඉන්දීය බලපෑම් කෙසේ වුවත් පාත්‍රය යලි ලබාගැනීම පහසු වන්නේ නැති බවයි, මේ අතර ඇෆ්ඝනිස්තානය ප්‍රකාශ කරන්නනේ.