The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by Ethical Trader Thu May 01, 2014 6:09 pm

    කොළඹ කොටස් වෙළදපල විකාශනය- දෙවැනි කොටස

    වර්තමාන කොළඹ කොටස් වෙළද පලෙහි කිසියම් වර්ධනයන් පෙන්නුම් කලද පසුගිය වසර කිහිපය තුල අප ලද කටුක අත්දැකීම් ඹබ නුවනැත්තෙකු බවට පත් කරනු ඇතැයි මා කල්පනා කල හෙයින් ඒ ගැන කෙටි සටහණක් තැබීමට අදහස් කරමි.

    කොළඹ කොටස් වෙළඳපල දර්ශක සංඛ්‍යා ලේඛන අනුව, 2011 වසරේ මුල් භාගයේදී පමණ එය ලොව ප්‍රථම ස්ථානයට පත්වීමත් සමග එහි මුදල් ආයෝජනය පිලිබඳ උනන්දුවක් දේශීය හා විදේශිය ආයෝජකයන් අතර පමණක් නොව ආයෝජනය පිළිබඳව කිසිදු දැනීමක් නොමැති සාමාන්‍ය ජනයා අතරද ඇති විය.

    වසර තිහක් තිස්සේ දික් ගැසෙමින් තිබූ යුද්ධය වර්ෂ 2008 දී සාර්ථක ලෙස අවසන් වීමත්, ඒ සමගම වෙනත් රටවලට සාපේක්ෂව ඉහල මට්ටමේ ආර්ථික සංවර්ධන වේගයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීමත්, දිවයින පුරාම සාමය පැතිරීමත් සමගම බලාපොරොත්තු නොවූවිරෑ මට්ටමේ මුදල් සම්භාරයක් කොටස් වෙළඳපලට ඇදී ඒමත්, ඒ වන විට කොටස් වෙළඳපල ණය පාලන රෙගුලාසි නොතිබීම නිසා අසීමිත ලෙස ණය මත කෙරැනු ගනුදෙනු ප්‍රමාණය ඉහල යාමත්  හේතුකොට ගෙන වෙළඳපල මිල දර්ශක අසාමාන්‍ය ලෙස ඉහල මට්ටමකට නැග තිබිණ.

    මෙම කාලය තුලදී විශාල වශයෙන් නවක ආයෝජකයන් වෙළඳපලට ඇදී ආවේ කොටස් වෙළඳපල ආයෝජනයෙන් කෙටි කලකින් පොහොසත් වූ ඇතැම් ව්‍යාපාරිකයන් පිළිබඳ සුරංගනා කථා බහුල ලෙස පැතිර ගිය හෙයිනි. තැරැව් කරැවන් සහ වෙළඳපල නියාමක විසින් ග්‍රාමීය මට්ටමේ ගෙන ගිය ප්‍රවර්ධන ව්‍යාපාරය ද සාමාන්‍ය ජනයා උනන්දු කරවීමට සමත් විය. මේ අනුව සාමාන්‍ය ජනයා ජීවිත කාලයක් එක් රැස් කල ධනය කොටස් වෙළඳ පලෙහි ආයෝජනය කිරීමට පෙළඹිණ.

    බොහෝ විශ්‍රාමිකයෝ තම විශ්‍රාම පාරිතෝශික මුදල් කොටස් වෙළඳ පලෙහි ආයෝජනය කළහ. ඇතමුන් ඉක්මනින් පොහොසත් වීමේ ක්‍රමයක් ලෙස අධික පොලියට තැරැවිකරැවන් සපයන ණය මත කොටස් මිලට ගනු දකින්නට ලැබුනි. මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ප්‍රසිද්ධ කරන ලද සංඛ්‍යා ලේඛන ආයෝජකයන් ගේ සීඝ්‍ර වර්ධනය පිළිබඳ මනා වැටහීමක් ලබාදෙනු ඇත.

    ඇතැම් මධ්‍යස්ථ විශ්ලේශක‍යෝ මෙම අසාමාන්‍ය තත්ත්වය ණය මත ගොඩ නැගුණු, අනීතික වෙළඳපල පරිචයන්ගෙන් ගහන, අවදානම් සහගත සහ කුමන හෝ අවස්ථාවක බිඳී යාහැකි වෙළඳ පල බුබුලක් ලෙසද අර්ථ දැක්වූහ. ඇත්ත වශයෙන් මේ වනවිට කිසිදු මූලධර්මගමය පදනමක් නොමැතිව ඇතැම් ව්‍යාපාර වස්තුවල මිල මට්ටම් පෙර නොවූවිරෑ ලෙසට ඉහල ගියේ ඇතැම් කුප්‍රකට ව්‍යාපාර වස්තු වෙළඳුන්ගේ නොමනා ක්‍රියා හේතුකොට ගෙනය. ව්‍යාපාර වස්තු වෙළඳපල පිළිබඳව මනා අවබෝධයක් නොමැති ඇතැම් නවක ආයෝජකයෝ මෙම අනීතික රැල්ලට හසුව ඉතා දුක් මහන්සියෙන් ඉතිරිකර ගත් තම ධනය අහිමි කර ගත්හ. ඇතැම්හූ ණය උගුලට හසුව බුන්වත් බවට පත්ව සදහටම කොටස් වෙළඳපලින් ඉවත් වූහ.
     
    වෙළඳපල නියාමක මැදිහත් වීමක් වහාම සිදු නොවන්නේ නම් භයානක ප්‍රතිපල ගෙන දිය හැකි ක්ෂණික වෙළඳපල කඩා වැටීමක් නොවැලැක්විය හැකි බව ව්‍යාපාර වස්තු වෙළඳපල මධ්‍යස්ත විශ්ලේෂක මතය විය.

    මේ තත්ත්වය යටතේ වහාම ක්‍රියාකාරීවූ සුරැකුම්පත් සහ විණිමය නියාමණ කොමිෂන් සභාව (SEC) විසින් නීත්‍යානුකූල ආයෝජකයන් ආරක්ෂා කිරීම පිණිස බලගැන්වූ රෙගුලාසි කිහිපයක් සහ අනීතික වෙළඳාම් පරිචයන් පිළිබඳ පරීක්ෂණ ඉක්මන් කිරීම යන කරැණු හේතු කොටගෙන තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ නමුදු ක්ෂණික වෙළඳපල කඩාවැටීමක් වලක්වා ගනිමින් ඒ වෙනුවට ක්‍රමානුකූල පහත බැස්මක් සමග ස්වාභාවික මට්ටමකට වෙළඳපල පාලනය කිරීමට හැකිවිය.

    ඒ සමගම ක්‍රියාවට නැගුණු රැපියල පාවීමට ඉඩ හැරීම, පොලී අනුපාත ඉහල දැමීම සමග වාණිජ බැංකු වල ණය පාලන සීමා පැනවීම වැනි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වල බරපතල වෙනස්කම් හේතුකොට ගෙන මුදල් සැපයුම තවදුරටත් සීමා කිරීම ව්‍යාපාර වස්තු වෙළඳපල අවපාතමය තත්ත්වය තවදුරටත් ත්‍රීවෘර වීමට හේතු විය.

    මේ අතර කාගේත් එතරම් අවධානයට ලක් නොවූ, අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ලබා සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එක්තරා විදේශීය ව්‍යාපාරිකයකු හදිසියේම තම ආයෝජන කොළඹ කොටස් වෙළඳපලෙන් ඉවත් කර ගැනීමද එකී අවපාතය තවදුරටත් ඉක්මන් කරන්නට ඇතැයි මම විශ්වාස කරමි. මන්ද සමස්ථ කොළඹ කොටස් වෙළද පලම එකවර මිලට ගැනීමට තරම් ක්‍රය ශක්තියක් ඔහුට තිබූ බැවිනි. අමෙරිකානු කොටස් වෙළඳපල තුල කාලයක් තිස්සේ නීතිවිරෝධී ගනුදෙනුකල බවට සහ එමගින් අනීතික ලෙස පොහොසත් වූයේය යන චෝදනා ඔහුට විරැද්ධව එල්ලවී තිබුනි. මෑතකදී එම චෝදනා සනාථවී ඔහු දඩයකට සහ බරපතල සිර දඬුවමටද ලක්විය. අමෙරිකා එක්සත් ජනපදයේදී කරනලද පරිදිම මෙරටෙහිදීද ඔහු අනීතිකව කටයුතු කරන්නට ඇත යන්න සාධාරණ නිගමනයකි. නමුත් ඔහු ශ්‍රී ලංකාව තුල කරන ලද ගනුදෙනු පිළිබඳව නිසි විමර්ශණයන් සිදුවිණිදැයි තවමත් නොදනිමි. මේ පිළිබදව මහ බැංකුව ඇතුලු අදාල නියාමන ආයතනද විගණකාධිපතිද පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පිලිබද කාරක සභාද ජනමාධ්‍යද තම යුතුකම නිවැරදිව ඉටු කලේදැයි මම නොදනිමි.

    මෙම අභ්‍යන්තර සහ බාහිර තත්ත්ව සියල්ලම කොටස් වෙළඳපල වර්ධනයට අහිතකර බලපෑමක් ඇතිකල නමුදු වෙළඳපල අවපාතය පිළිබඳව සම්පූර්ණ වගකීම සහ සියලු චෝදනා ඉතා අසාධාරන සහ අවාසනාවන්ත ලෙස එල්ල වූයේ වෙළඳපල නියාමක වෙත පමණි.
     
    වෙළඳපල නියාමක විසින් ගනු ලැබූ පියවරයන් මගින් නුවනැති ආයෝජකයනට කල් ඇතිව ඉවත්වීමට සෑහෙන තරමේ කාලයක් ලබා දුන් නමුදු මැදහත් විශ්ලේශක මතය නොතකමින් කෑදරකම සහ තම කූඨ ප්‍රයෝග කෙරෙහිම විශ්වාසය තැබූ ඇතැම් අය සමහර තැරැව් කරැවන්ගේද සහය ඇතිව වෙළඳපල තුල කෘතීම තත්ත්වයක් ඇති කරමින් නවක ආයෝජකයන් නොමග යැවීම දිගටම සිදු කලහ. අවස්ථාවාදී පිරිස් මෙම වෙළඳපල උච්ජාවචන තුල කෝටිපතියන් බවට පත්විය.

    මෙයින් වඩාත් හානි සිදුවූයේ නවක ආයෝජකයන්ටය. විෂෙශයෙන් තම ක්‍රය ශක්තිය ඉක්මවා තැරැවි කරැවන්ගේ ණය මත කොටස් මිළට ගත් ආයෝජකයන්ගේ සියලු ආයෝජන පාඩු සහිත වීමෙන් ඔවුන් වෙළඳ පලෙන් ඉවත් විය. බැංකු ණය ලබා ගෙන ආයෝජනවල යෙදුනු පොහොසත් ආයෝජකයෝ තම ණය ගෙවා ගත නොහැකිව මහත් අර්බුධයකට ලක් වූහ.
    2011 වසරේ මැදභාගයේ සිට කොළඹ කොටස් වෙළඳපලෙහි ඇරඹුනු මෙම අවපාතය 2012 වසරේ අගභාගය තෙක්ම පවතිමින් බොහෝ ආයෝජකයන්ගේ සිත් සසල කරවන සුලු තත්ත්වයක් නිර්මානය කලේය. වෙළඳපල උච්ජාවචන පිළිබඳ මනා පරිචයක් නොතිබූ ඇතැම් නවක‍යන්ට තැරැව් කරැවන්ගේ නිර්දේශ සහ ණය මත කෙරැනු ගනුදෙනු හේතුකොටගෙන 2012 වසර වනවිට සදහටම ඉන් ඉවත් වීමට තරම් දරැනු මූල්‍යමය පාඩු ඇතිවිය. ණය ගෙවාගැනීමට ක්‍රශක්තිය නොමැති බොහෝ ආයෝජකයන්ගේ කොටස් තැරැව්කරැවන් විසින් වෙළඳපල මිලට විකුණා දැමීම නිසා බරපතල පාඩු විඳීමට ඔවුනට සිදුවිය.

    මෙම කාලය තුල එලි දැක්වූ මූලික මහජන කොටස් නිකුතු පලපුරැදු ආයෝජකයන් පවා නොමග යවන සුලු සංස්ථාපිත ප්‍රකාශනයන් ගෙන් සහ අසත්‍ය මූල්‍යමය විශ්ලේශනයන් ගෙන් ගහන විය. බොහෝ නවක ආයෝජකයෝ මෙම ප්‍රකාශන කෙරෙහි පමණක් විශ්වාසය තබා කෙටි කලකින් ඉහල ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් තම ඉතිරිකිරීම් ආයෝජනය කලහ. ඔවුන් සියලු දෙනාගේම අපේක්ෂා සුන් කරමින් බොහොමයක් කොටස් මූලික දින කිහිපයෙන් පසුව මූලික නිකුතු මිලටත් වඩා පහත බැසීම නිසා නවක ආයෝජකයන්ගේ බලාපොරොත්තු සුන් විය.

    මෙම මූලික කොටස් නිකුතු මගින් වෙළඳපල ද්‍රවශීලතාව‍යෙන් සැලකියයුතු ප්‍රමාණයක් උරාගත් අතර වෙළඳපල අවපාතයට එයද එක් ප්‍රධාන හේතුවක් විය. එකී මූලික කොටස් නිකුත්කල සමාගම්ද, ඔවුන් වෙනුවෙන් සංස්ථා ප්‍රකාශන සහ මූල්‍යමය විශ්ලෙශන හා නිර්දේශ සැකසූ සමාගම්ද මීට වගකිව යුතුය. ණය පාලන රෙගුලාසි වලට එරෙහි තැරැව් කරැවන්ද යම් ප්‍රමාණයකට ඊට වග කිව යුතුය.  බොහෝ දෙනාගේ අවධානයෙන් මෙම කරැණු බැහැර වූයේ එහි සියලු වගකීම් නියාමක කෙරෙහි පමණක්ම පැවරීමට ඇතැම් ජාවාරම් කරැවන් වගබලාගත් බැවිනි. මේ සඳහා ඔවුනට ඇතැම් පුවත්පත් වල සහායද නොමඳව ලැබුනි. කොළඹ ව්‍යාපාර වස්තු වෙළඳපල ඇරඹීමෙන් පසුව ඇතිවූ මෙම ප්‍රථම කඩා වැටීම සැමටම නවමු අත්දැකීමක් විය. මධ්‍යස්ත විශ්ලේෂකයන් කල් ඇතිව අනතුරැ හැඟවීම් කලද කිසිවෙක් මෙවැනි තත්ත්වයක් මෙතරම් ඉක්මනින් කිසිසේත් අපේක්ෂා නොකලහ.

    මේ සියල්ලටම හේතුව වූයේ වෙළඳපල අනීතික ලෙස හැසිරවූ බවට සැකකෙරැනු ප්‍රභල කණඩායමකට එරෙහිව පරීක්ෂණ නියාමක වරයා විසින් කඩිනම් කල බැවිනි. මෙම අවාසන්වන්ත තත්ත්වය යටතේ තම රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට නොහැකි බව පවසමින් නියාමන ආයතනයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට කෙටි කාලයක් තුලදී ඉල්ලා අස්වූහ. ඉන් පසුව සිදුවූ දෑ තවමත් අපැහැදිලි සහ සාකච්ජාවට බඳුන්ව පවතින හෙයින් ඒ ගැන දැන්ම ලිවීම නුසුදුසු යයි හඟිමි.

    කොළඹ කොටස් වෙළඳපලෙහි ආයෝජනය නවකයෙකුට අද බොහෝ අවදානම් සහගත ක්‍රියාවක් බවට බොහෝ දෙනාගේ මතය විය. නියාමන කොමිශන් සභාව හෝ තැරැව් කරැවන් හෝ තම ප්‍රවර්ධන වැඩසටහන් වලදී ප්‍රකාශ කරන තරමි එය සරල තත්ත්වයක් නොවේ.

    මෙය ලිවීමට මා පෙළඹවූයේ මෙම සංකීර්ණ පසුබිම තුල ප්‍රායෝගිකව මා උගත් පාඩම් ඔබ සැම අතරද බෙදා ගැනීමේ දැඩි අභිලාෂයයි. මගේ සමකාලීණයනට සිදුවූදේ යලි කිසිවකුට සිදු නොවනු දැකීම මගේ ඒකායන පරමාර්ථයයි. ඒ අනුව නුවණින් සහ ඉවසීමෙන් යුතුව ක්‍රියා කිරීම සහ සාර්ථකත්වය අත්කර ගැනීම ඔබේම දස්කම බව අවධාරණය කරනු කැමැත්තෙමි.


    Last edited by Ethical Trader on Mon May 05, 2014 2:15 pm; edited 2 times in total (Reason for editing : Spelling.)
    notme
    notme


    Posts : 16
    Join date : 2014-04-14

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty Re: කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by notme Fri May 02, 2014 8:47 pm

    Thanks .
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty Re: කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by nihal123 Sat May 03, 2014 7:50 am

    Thanks
    E T 
    cross section of 2009 to 2012
    Good one
    study 
    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty Re: කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by Nuinth Sat May 03, 2014 1:17 pm

    Excellent post from ET. As social responsibility, if you can publish this from public/common media will be very useful for new comers.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty Re: කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by serene Sun May 04, 2014 4:27 pm

    Yep.ET wonderful stuff.keep up the good work.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස Empty Re: කොළඹ කොටස් වෙළඳපල විකාශනය(CSE) - දෙවනි කොටස

    Post by Ethical Trader Mon May 05, 2014 2:00 pm

    Notme, Nihal, Nuinth & Serene, you are welcome.

      Current date/time is Sat Jul 27, 2024 8:51 am