- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් 14 කින් පසුබසී
June 21st, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 14.24 කින් පහළ ගොස් ඒකක 6,446.88 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.22% ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක 6.14 කින් පහළ ගිය අතර එහි අගය ගනුදෙනු අවසානයේ දී දැක්වුණේ ඒකක 3,398.20 ක් ලෙසිනි.
අද දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 474.89 ක් වූ අතර එයින් රුපියල් මිලියන 236.56 කම ගනුදෙනු වාර්තා වී තිබුණේ ඩිස්ටිලරීස් සමාගමේ කොටස් ගනුදෙනු තුළිනි. එනම් සමස්ත පිරිවැටුමෙන් හරි අඩක්ම වාර්තා වී ඇත්තේ ඩිස්ටිලරීස් කොටස් ගනුදෙනුවලිනි. දිනය තුළ සිදුවූ එකම ගිවිසා ගත් ගනුදෙනුව ලෙසින් ලයිට් හවුස් හොටල් සමාගමේ කොටස් 400,000 ක් රු. 63.00 බැගින් ගනුදෙනු වීම වාර්තා වූ අතර එයින් ජනණය වූ පිරිවැටුම රුපියල් මිලියන 25.2 කි.
අද දින ගනුදෙනු සඳහා විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය පසුගිය දින කිහිපයට සාපේක්ෂව සක්‍රීය මට්ටමක තිබෙන දැකිය හැකි වූ අතර දිනය තුළ රුපියල් මිලියන 268.88 ක විදේශීය මිල දී ගැනීම් හා රුපියල් මිලියන 286.92 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබිණි.
ලැසිය්තුගත සමාගම් 294 න් සමාගම් 202 ක කොටස් ගනුදෙනු අද දිනයේ දී සිදුවී තිබිණි. එහිදී සමාගම් 46 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගිය අතර සමාගම් 70 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබේ.
LOLC, කොමර්ෂල් ලීසිං, ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව හා ඒසියන් හොටේල් ඇන්ඩ් ප්‍රොපටීස් යන සමාගමවල කොටස් මිල ගණන් දිනය තුළ දී පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීම කෙරෙහි වැඩි වශයෙන් බලපා තිබේ.