- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
2016 අයවැය යෝජනා අනුව අහෝසි කරන ලද කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
කොටස් ගනුදෙනුවක දී එහි වටිනාකමින් 0.3% ක බද්දක් රජය විසින් අය කළ අතර 2016 අයවැය යෝජනා අනුව 2016 ජනවාරි 01 වන දින සිට එම බද්ද ඉවත් කරන ලදී.
මේ අනුව එතෙක් කොටස් ගනුදෙනුවක දී ආයෝජකයා විසින් ගෙවිය යුතු වූ ගනුදෙනු වටිනාකමින් 1.12% ක්වූ ගාස්තුව 0.82% දක්වා අඩුකරන ලද නව බදු සංශෝධනය අනුව යළිත් වරක් කොටස් ගනුදෙනු ගාස්තුව අප්‍රෙල් 15 දින සිට 1.12% මට්ටමේ පවතිනු ඇති බව සඳහන්ය.