- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
ඒෂීයා ඇසෙට් බලය ගන්න ඉන්දිය රන් ණය දැවැන්තයා අනිවාර්ය අර්පණය නිකුත් කරයි.
මේ වන විට මෙහි සියයට 44.32 ක බලයක් මොවුන් හිමිකම් කොටස් ද සමගින් සතු කර ගෙන ඇති අතරේ මේ අනුව මෙහි සියයට 55.67 ක සෙසු අයිතියද මිලදි ගැනිම සදහා නියාමන රේගුලාසි වලට අනුව යමින් අනිවාර්ය අර්පණයක් Muthoot Finance විසින් අද නිකුත් කළේය.
ඒ කොටසක් සදහා රුපියල් 1.60 බැගිණි.
මෙහි සියයට 29.09 ක අයිතිය තවමත් ඒෂියා කැපිටල් සතු වේ.
Muthoot Finance රුපියල් මිලියන 400 ක් දක්වා මෙහි ආයෝජනය කරනු ඇතැයි විශ්වාශ කරනවා.යැයි ඇසෙටි ප්‍රකාශකයෙකු කීය.
ඒෂියා කැපිටල් සමුහයේ මුදල් සමාගම වන ඒෂියා කැපිටල් හි සියයට 58.8 ක අයිතිය සතු මුදල් සමාගම වන ඒෂියා ඇසෙට් හි සියයට 29.98 ක් හෙවත් කොටස් මිලියන 167.6 ක් කොටසක් රුපියල් 1.60 බැගින් පසුගියදා ඉන්දියාවේ Kochi මුලස්ථානය කර ගත් ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන Muthoot Finance පියවර ගත්තේය.
මෙම ගනු-දෙනුවේ වටිනාකම රුපියල් මිලියන 283.3 කි.පසුව හිමිකම් නිකුතුව හරහාද තවත් කොටස් සියයට 24.32 ක් අත්පත් කර ගත්තේය.
මෙය කලින් කොල්ලුපිටිය සෙල්ලමුත්තු පවුලේ සමාගමක්ව පැවතිණි.
- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16