- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
විශාලම ලැයිස්තුගත සමාගම් 50 විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් එළිදැක්වෙයි
June, 18, 2020
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (18) දින පුද්ගලික සමාගම්හි වාර්තාකරණයේ විනිවිදභාවය පිලිබඳ ඇගයීම් වාර්තාවක් ප්‍රථම වරට එලි දක්වනු ලැබීය. මෙම ඇගයීම්කරණයට ඇතුලත් කර ඇත්තේ 2019 පෙබරවාරි 28 වන දිනට කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳපොල ප්‍රාග්ධනීකරණයට අනුව ලැයිස්තුගත ඉහලම සමාගම් 50 යි.
“සමාගම් වාර්තාකරණය තුළ විනිවිදභාවය (TRAC); ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් 50 ඇගයීම" වාර්තාව තුළින් සමාගම් වාර්තාකරණය හා සබැඳි තේමා තුනක් වන විදුෂණය පිලිබඳ වැඩසටහන්, සමාගම් හිමිකාරිත්වය සහ ඔවුන්ගේ දේශීය ක්‍රියාකාරිත්වය තුළ ප්‍රධාන මුල්‍ය තොරතුරු අනාවරණය කිරීම යන අංශ යටතේ සමාගම් ශ්‍රේණිගත කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ඉහලම ලැයිස්තුගත සමාගම් 50 හි සාමාන්‍යය, උපරිම අගය වන 10 න් 6.73 ක අගයයක් ලබා ගනිමින් මධ්‍යම විනිවිදභාවයකින් යුක්ත වන බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. මෙම ඇගයීමෙහි සමස්ථ ඉහලම අගයයන් වාර්තා කර ඇති සමාගම් වන්නේ ජෝන් කීල්ස් සමුහ ආයතනය, සෙලාන් බැංකුව, හේමාස් සමුහ ආයතනය, ජාතික සංවර්ධන බැංකුව සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයන්ය. ඇගයීම හරහා හඳුනා ගනු ලැබූ ප්‍රධාන කාරණා අතර, උනන්දුව ඇති කරවනසුලු කරුණ නම්, සමාලෝචනය කරන ලද සමාගම්, ආයතනික හිමිකාරීත්වය පිලිබඳ වාර්තාකරණය සඳහා ලබාගත් සාමාන්‍ය අගය 86% ක් වන අතර මෙය කැපී පෙනෙන විනිවිදභාවයක් පෙන්නුම්කිරීමක් ලෙස සැලකිය හැකිය. තවදුරත්, දේශීය වශයෙන් මුල්‍ය වාර්තාකරණයේ දී සමාගම් 31ක් පුර්ණ විනිවිදභාවයකින් යුක්ත බව හඳුනාගෙන ඇත.
TISL හි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා වාර්තාව එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙම වාර්තාව මඟින් වත්මන් අනාවරණය කිරීමේ භාවිතාවන් රාශියක් ග්‍රහණය කර ගැනීමටත්, වාර්තාකරණය සඳහා දැනටමත් ගෙන ඇති ප්‍රයත්නයන් අගය කරමින් එහි වැඩිදියුණු කළ හැකි අංශ හඳුනා ගැනීමටත් අවස්ථාව සලසා දී ඇති බවයි.”
TISLහි පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම වාර්තාව සඳහා එක් එක් සමාගමේ වාර්ෂික වාර්තාවන් මගින් තොරතුරු රැස්කර ගන්නා ලදී. සිදු කරනු ලබන පර්යේෂණය පිළිබඳව තෝරාගත් සමාගම්වලට දන්වා සිටි අතර, බාහිර පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි තොරතුරු ප්‍රභවයන් සමග මූලික සොයාගැනීම් පිළිබඳ ප්‍රතිපෝෂණයන් ලබා දෙන මෙන් ද ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී.
ඔබේසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ “අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම මඟින් කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු කර ඇති බවක් අදහස් නොකෙරෙන අතර ඒ වෙනුවට අනාවරණය කිරීමේ භාවිතයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය විදහා දක්වයි. එලෙසම, ඉහළ ලකුණු ප්‍රමාණයන් ප්‍රබල අනාවරණය කිරීමේ ක්‍රමවේදයන් විදහා දක්වන නමුත් එමගින් අදාළ උපායමාර්ගයන් ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය පිළිබිඹු නොකරයි. මෙම වාර්තාවෙන් අපේක්ෂා කරන්නේ, ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සාමාන්‍යකරණය කිරීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ආරම්භ කළ හැකි පදනමක් සැපයීමටයි”
පෞද්ගලික අංශයේ විනිවිදභාවය තක්සේරු කිරීමෙහිලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි පළමු වෑයම මෙමගින් සනිටුහන් කරයි. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ක්‍රමයෙන් වැඩි දියුණු කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ කටයුතු කිරීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය බලාපොරොත්තු වේ.
TRAC වාර්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.tisrilanka.org/TRAC වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකිය.