- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කියා සිටින්නේ 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ්‍ය සඳහා අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට මෙම සමාගම් අසමත් වී ඇති බැවින් මෙකී පියවර ගන්නා බවයි.
මෙහිදී වැඩිදුරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2018 දෙසැම්බර් 07 වන දිනය හෝ ඊට ප්‍රථම මෙම මූල්‍ය වාර්තා ලබා දීමට එම සමාගම් අපොහොසත් වුවහොත් දෙසැම්බර් 10 වන දින සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානයට ලක්ව ඇති සමාගම් පහත පරිදි වේ.
1. ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී
2. අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී
3. බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී
4. සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී
5. ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී
6. ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී
7. ඇඩම් කැපිටල් පීඑල්සී
8. රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී
http://biz.adaderana.lk/%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%AD-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-8-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7/