මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
October, 1, 2019![මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි Moody-1](https://2img.net/h/s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2018/11/22122950/Moody-1.jpg)
මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, ණය සහ මුදල් සමස්ත වර්ධනය පහළ යෑම සහ ආර්ථික වර්ධනය මන්දගාමීවීම හේතුවෙන් පසුගිය මාස එකොළහ තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතර, අවස්ථාවන් දෙකකදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50 කින් අඩු කිරීම තුළින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ආදායම් ජනිත කරවන ක්‍රියාකාරකම්වල ආයෝජනය කිරීම සඳහා රුපියල් බිලියන 150 ක පමණ අමතර අරමුදල් ප්‍රමාණයක් සැපයීම සිදුවිය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා දේශීය මුදල් වෙළඳපොළෙහි රුපියල් ද්රවශීලතාවද වර්ධනය වූ අතර, 2019 මැයි සහ අගෝස්තු මාස තුළදී පියවර දෙකකදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100 කින් අඩු කිරීම හරහා තවදුරටත් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික අඩු විය.
2019 අප්‍රේල් මාසයේදී බලපත්‍රලාභී බැංකු මත පනවනු ලැබූ තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතික (මෙය 2019 සැප්තැම්බර් මාසයේදී ඉවත් කරන ලදී) මගින් බැංකු අතර තැන්පතු රැස්කිරීම සඳහා පැවතුණු අහිතකර තරඟකාරිත්වය සීමා කිරීම සහ බැංකුවලට ණය පොලී අනුපාතික පහළ දැමීමට සහාය ලබා දීම අපේක්ෂා කරන ලදී. බැංකු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තාවකාලිකව පනවන ලද තැන්පතු මත වූ උපරිම සීමාව හේතුවෙන් 2019 අප්‍රේල් මාසය අවසානයේ සිට මාස හතරක කාලයක් තුළදී බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) පදනම් අංක 284 කින් පහළ ගියේය. කෙසේ වෙතත්, බැංකු සමඟ අඛණ්ඩව සාකච්ඡා කළද, කෙටි කාලීන අරමුදල් සහ රජයේ සුරැකුම්පත් මත වූ පොලී අනුපාතික මෙන්ම තැන්පතු පොලී අනුපාතිකවල වූ පහළ යෑමට අනුකූලව බොහෝ වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑමේ නැඹුරුවක් පෙන්නුම් නොකළේය.
මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව 2019 සැප්තැම්බර් මස 24 වැනි දින බලපත්‍රලාභී බැංකු ණය පොලී අනුපාතික මත උපරිම සීමා පනවන ලදී. අඩු කළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, අඩු වූ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, අඩු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අඩු වූ තැන්පතු පොලී අනුපාතික හේතුවෙන් අරමුදල් පිරිවැය සැලකිය යුතු ලෙස පහළ යෑම සමඟ ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා බැංකුවලට ප්‍රමාණවත් කාලයක් ලබාදීම තුළින්, බැංකු පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වයට මෙන්ම ලාභදායීත්වයට ඇතිවන බලපෑම අවම කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය. අනෙකුත් සාධක ස්ථාවරව තබා ගනිමින් ණය පොලී අනුපාතික මත සීමා පැනවීම තුළින් බැංකු පද්ධතියේ පොලී ආන්තිකවල සැලකිය යුතු වෙනසක් නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි. 2020 වසරේ මාර්තු මාසයේදී මෙම ක්‍රියාමාර්ගය නැවත සමාලෝචනය කරන බවටද මහ බැංකුව නිවේදනය කර ඇත.
තවද, වඩාත් තාත්වික නාමික හා මූර්ත පොලී අනුපාතිකයන්ගේ සහාය ඇතිව ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූලව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් ණය සඳහා වන ඉල්ලුම වැඩි වනු ඇත. එය, පහළ පොලී අනුපාතික යටතේ ණය ගන්නන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිදියුණු වීම සමඟ ඉදිරියේදී බලපත්‍රලාභී බැංකු ශක්තිමත් කිරීමට සහාය වනු ඇති අතර, අක්‍රීය ණය ඉහළ යෑමේ අභියෝගය සඳහාද විසඳුමක් වනු ඇත. එමනිසා, මූඩීස් ආයතනය දරන අදහස මෙන් නොව, බලපත්‍රලාභී බැංකුවල ණය අනුපාතික සීමා පැනවීම ඒවායේ ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ධනාත්මකව බලපාන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදහස වේ.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?