The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
yellow knife
AjithR
6 posters

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by AjithR Mon Aug 13, 2018 2:24 am

    එක් දිනක් තුළ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන හා ඉන් පිටව යන මගී ජනතාව ලක්‍ෂ 15 ට ආසන්නය. අනෙකුත් තදාසන්න දුම්රිය ස්ථාන වන මරදාන ඇතුළු අවශේෂ දුම්රිය ස්ථාන හරහා තම ගමන් පහසුකම් සලසා ගන්නා පිරිස් ගත් විට දිනපතා කොළඹ යන එන දුම්රිය මගීන් සංඛ්‍යාව අති මහත් අගයකින් යුක්තය. එවැනි වටපිටාවක් තුළ නොදන්වා නොකියා දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීම යනු තම තමන්ගේ අයිතීන් දිනා ගැනීම කෙසේ වෙතත් දුම්රිය මගීන්ගේ පැත්තෙන් ගත්කල ඔවුන්ව කරකවා අතහැරීමක් බඳුය. එය කිසිවෙක් කිසිසේත් අනුමත නොකරන ආකාරයේ අමානුෂික වැඩ.

    ඒ බව මනාව පැහැදිලි වූ දිනයක් බවට ඉකුත් 8 වැනිදා පත්වූ අතර දුම්රිය මගීන් සිය ආවේගයන් මුදාහල ආකාරය ඒ බව සනාථ කිරීම පිණිස කදිම උදාහරණයක් විය. කාර්යාලයේ, වැඩබිමේ සිය රාජකාරී නිමා කරන බොහෝ දෙනෙක් තුළ ගොඩනැෙඟන ‘‘සන්ධ්‍යා සිහිනය’’ බවට පත්වන්නේ හැකි ඉක්මනින් සිය නිවෙස් වෙත පියනැඟීමය. ඒ සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් නොමැතිවීම මෙරට තුළ ‘උපන්ගෙයි වරදක්’ වුවද එය අපහසුවෙන් හෝ දරා ගැනීම විනා වෙන කළ හැකි යමක් පෙනෙන තෙක් මානයක හෝ නොමැත. ඉකුත් 08 වැනිදා කි‍්‍රයාත්මක කළ හදිසි දුම්රිය වර්ජනය සමග දහස් සංඛ්‍යාත දුම්රිය මගීන් ආවේගශීලී වීම ආරම්භ වන්නේ ‘අවම පහසුකම්’ පවා අහිමිව යෑමෙන් උපන් ආවේගය දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් නොව රට කරවන පාලක කාරකාදීන්ගේ හත්මුතු පරම්පරාවට පවා එල්ල කරමින් සහ පොදුවේ රටේ සමස්ත පාලනයම දෝෂාරෝපණය කරමින්ය.

    දුම්රිය වෘත්තීය සමිති කීපයක එකතුවෙන් ඉකුත් 08 වැනිදා ආරම්භ කළ දුම්රිය වර්ජනය සාධාරණය කිරීම පිණිස දුම්රිය වෘත්තීය සමිති විසින් සිය සටන් පාඨයන් බවට පත්කර ගනු ලබන්නේ දුම්රිය රියැදුරන් ඇතුළු ශ්‍රේණි කීපයක වැටුප් වැඩි කිරීම පිණිස ගත් කැබිනට් පති‍්‍රකාව අනුමත නොකිරීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක්ය.

    ඒ අනුව දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන්ගේ සංගම් සිය දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කරනු ලබන්නේ ඉකුත් 08 වැනිදා පස්වරු 3.00 ට පමණ තම රාජකාරියෙන් ඉවත් වීමත් සමගය. මෙරට දුම්රිය සේවාවේ හොඳම හෝරා කීපය මුල්කර ගනිමින් අරඹන ලද ‘අහඹු වර්ජනය හේතුවෙන් පළමුව බැටකෑ පිරිස බවට පත්වූවේ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට නැවත සිය නිවෙස් බලා පිටත්ව යෑම පිණිස දුම්රිය ස්ථානවල රැඳී සිටි උසස් පෙළ සිසු සිසුවියන්ය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාග අපේක්‍ෂකයන් පැය ගණනක් තිස්සේ තම වටිනා කාලය නැති නාස්ති කරගත් අතර මෙවර වර්ජනයේ තීරණාත්මක හෝරා කීපය උදාවීම ආරම්භ වන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පිරිස් තම දෛනික රාජකාරි නිමා කොට නිවෙස් බලා පිටත්ව යෑම පිණිස දුම්රිය ස්ථාන වෙත ළඟාවීමත් සමගය.

    ඒ වන විට මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුර ඇතුළු දුර ගමන් සේවා සියල්ල ඇනහිට තිබූ අතර පුත්තලම, කැලණිවැලි සහ මුහුදුබඩ දුම්රිය මාර්ග දුම්රිය ගමනා ගමනය ද මුළුමනින්ම ඇනහිට තිබිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොටුව දුම්රිය ස්ථානය ඇතුළු අවට ප‍්‍රදේශය එකම හිස් ගොඩක් බවට පත්ව තිබූ අයුරක් දකින්නට ලැබීය. මරදාන දුම්රිය ස්ථානය තුළ ද එම තත්ත්වයේ වෙනසක් නොවීය. දේශීය මෙන්ම විදේශීය දුම්රිය මගීන් ද විශාල වශයෙන් දුම්රිය ස්ථාන තුළ රැඳී සිටිනු දකින්නට ලැබුණ අතර ඇතැමෙක් කුමන මොහොතක හෝ දුම්රිය වර්ජනය නතර කරනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් නතර කොට තිබූ දුම්රියන් තුළ අසුන්ගෙන සිටි අයුරක් ද දැකගත හැකි විය.

    දුම්රිය නතර කළ ද කාලය නතර කළ නොහැකි බැවින් උදාවෙමින් පැවතියේ කෙමෙන් කෙමෙන් අඳුර බෝවන හෝරාවන්ය. මගී ජනතාවගේ ඉවසීමේ සීමාවන් කඩා බිඳ වැටෙන්නට ගන්නේ ඒත් සමගින්ය. හදිසි දුම්රිය වර්ජනය සඳහා විසඳුම් ලබාදීම පිණිස විෂය භාර අමාත්‍යවරයා හෝ වගකිවයුතු බලධාරීන් ඉදිරිපත් නොවීම නියමිත පරිදි තම තමන්ගේ නිවෙස් වෙත පිටත්ව යෑම පිණිස ප‍්‍රමාණවත් ගමනා ගමන පහසුකම් සැපයීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම ඇතුළු සාධාරණ කරුණු කාරණා රැසක් හේතුවෙන් පීඩාවට පත්ව සිටි මගී ජනතාවගේ ‘රතු කට්ට’ පැනීමත් සමග කොටුව දුම්රිය ස්ථානය ඇවිස්සුන කඩි ගුලක් බවට පත්වන්නට ගන්නේ දුම්රිය ස්ථානයේ පාලනය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගිලිහී ගිය පරිද්දෙන්ය. ඒ අනුව තම ආවේගයන් තව දුරටත් පාලනය කර

    ගැනීමට අසමත් වන දුම්රිය ස්ථානයත් ඒ අවට පරිසරයත් තම අණසකට යටත් කර ගැනීමක් දකින්නට ලැබීය. ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහා මාර්ගය මුළුමනින්ම අවහිර කරන දුම්රිය මගීහු කලහකාරී ලෙස හැසිරීමත් සමග දැඩි වාහන තදබදයක් හටගත් අතර ඇතැම් අවස්ථාවලදී එම ආවේගශීලී හැසිරීම් පාලනය කිරීමට පොලිසියට පවා නොහැකි වූ අයුරක් දැකගත හැකි විය.

    ඒ අනුව කොටුව පිටකොටුව ඇතුළු අවට ප‍්‍රදේශය පුරා දුම්රිය මගීන් සිය අණසක පතුරවන්නට වූ අතර එම පිරිස් මර්දනය කිරීම පිණිස පොලිස් කැරලි මර්දන ඒකකය පවා එම ප‍්‍රදේශයට කැඳවීමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව පිණිස පොලිසිය කැඳවීමට පවා කටයුතු කර තිබූ අතර ඒ අතරතුර කාලයේදී කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය රියැදුරන් දෙදෙනකු මගී ජනතාවගේ ග‍්‍රහණයට හසුවූ පුවතක් පිළිබඳව ආරංචි පැතිර යමින් පැවතුණි.

    උද්ගතව පැවති තත්ත්වය පාලනය කිරීම පිණිස ලංගම සහ පෞද්ගලික බස්රථ යොදා ගනිමින් ප‍්‍රවාහන පහසුකම් සැලසීමට අදාළ බලධාරීන් කටයුතු කළත් ප‍්‍රමාණවත් අයුරින් එම සේවාවල් කි‍්‍රයාත්මක නොවූ අයුරක් දකින්නට ලැබුණ අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් මහ මඟ අතරමංව සිටින අයුරක් ද දැකගත හැකි විය. ඔවුන් බොහෝ දෙනෙක් උස් හඬින් ප‍්‍රකාශකර සිටියේ සාමාන්‍ය මගී ජනතාවගේ ජීවිත උඩින් කි‍්‍රයාත්මක වර්ජන හේතුවෙන් පීඩාවට පත්වනු ලබන්නේ රටේ සාමාන්‍ය ජන ජීවිතය බවත් ඒ පිළිබඳ කැක්කුමක් සහිත පාලනයක් නොමැතිවීම ඔවුන්ගේ පමණක් නොව රටේම අභාග්‍යයක් බවට පත්ව ඇති බවක්ය.

    රුවන් ජයවර්ධන

    *********************************************************************************************
    අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීමයි


    cgr3හිටි හැටියේ දුම්රිය වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයන් හදිසියේම පෙළඹුණේ ඇයි? ඒ දුම්රිය නියමිත කාල සටහනට අනුව ධාවනය කිරීමට නොහැකි බව නිසා ද? නැතිනම් දුම්රිය මඟීන් දුම්රිය එන්ජිමේ පවා එල්ලී අසීමාන්තික දහදුක්විඳ, දහඩිය හලා ඇතැම්විට ජීවිත පවා නැති කර ගනිමින් දිනපතා මරාන්තික ගමනක් යෑමට විරුද්ධත්වය පළ කිරීමට ද, එසේත් නැතිනම් දහසකුත් කරදර විඳින දුම්රිය මඟීන්ට මීට වඩා සුඛෝපභෝගී සේවාවක් ලබාදියව් කියා දුම්රිය බලධාරීන්ට බල කිරීමට ද?

    ඔය කිසිදු කරුණකට නොව මේ දුම්රිය සේවකයෝ අදාළ වැඩ වර්ජනය කරන ලද්දේ සිය පඩිපත වැඩි කර ගැනීමට ය. ඊට ඔවුහු පවසන ලද්දේ සිය වැටුප් විෂමතා ඉවත් නොකිරීම යන ‘අයිසින්’ තවරන ලද සටන් පාඨය. ඇත්තටම දුම්රිය සේවකයන් අනෙක් රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ට වඩා අඩු වැටුප් ලබන්නෝ ද?

    ඔවුහු සුපිරි පන්නයේ වැටුපක් ලබන බව මුළු මහත් සමාජයම දනී. ඒ නිසාම බොහෝ දෙනා රේල්ලූවේ රැකියාවක් කෙසේ හෝ ලබා ගැනීමට දරන උත්සාහය ගැන ඕනෑ තරම් කතා තිබේ.

    එසේ නම් ඉහත කී දුම්රිය සේවකයන්ගෙන් දුම්රිය රියැදුරකුගේ වැටුප ගතහොත් එය රුපියල්ම ලක්‍ෂ 02 ඉක්මවා ඇත. එය එලෙස තිබියදීත් ඔවුන් මේ ඉල්ලා සිටිනුයේ සිය පඩිපත තවත් ඉහළ දමන්න කියාය. ඒ එම්. එන්. 07 දරන වැටුප්..... ලබා දෙන ලෙසය. දැනට වැඩ වර්ජනයේ නිරත දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති, අධීක්‍ෂණ කළමනාකරණ යන සේවකයන්ගේ මූලික වැටුප වනුයේ රුපියල් 44600 කි. එය 56,205 දක්වා වැඩි කළ යුතුය යන්න ඔවුනගේ ඉල්ලීමය.

    එකළොස් ලක්‍ෂ හතළිස් එක්දහස් හයසිය පණහක් වන විශ‍්‍රාම වැටුප ද හිමි මෙරට රාජ්‍ය සේවකයන් අතරින් මේසා විශාල ගෞරවනීය වැටුපක් ලබනුයේ දුම්රිය සේවකයන්ට අමතරව වෛද්‍යවරුන් පමණක්වීම විශේෂත්වයකි. ඊට අමතරව වත්මන් ආණ්ඩුව මෙරට නඩු විසඳීමේ ක‍්‍රියාවලිය ඉක්මන් හා විධිමත් කිරීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති හා එහි අංශ කිහිපයක නිලධාරීන් අතළොස්සකට පමණි.

    ඊට අමතරව එය තවත් විස්තරාත්මක ලෙස කිවහොත්, පරිපාලන, ඉංජිනේරු, විද්‍යාත්මක, කෘෂිකර්ම, අධ්‍යාපන පරිපාලන, වාස්තු විද්‍යාඥ, මිනින්දෝරු, ක‍්‍රම සම්පාදන, ගණකාධිකාරි, විගණන ගුරු අධ්‍යාපනඥ, කාර්මික අධ්‍යාපන, සහකාර පොලිස් අධිකාරි, නීති නිලධාරීන්, සහකාර අධ්‍යක්‍ෂ /සහකාර කොමසාරිස්, දේශීය ආදායම් සහකාර කොමසාරිස්, සංඛ්‍යා ලේඛනඥ, තොරතුරු හා සන්නිවේදන සහකාර අධ්‍යක්‍ෂ, සහකාර සුරාබදු කොමසාරිස්, සහකාර රේගු අධ්‍යක්‍ෂක, සහකාර ආගමන විගමන පාලක, අතුරු වෛද්‍ය සේවයේ විශේෂ ශ්‍රේණිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විශේෂ ශ්‍රේණිය, අතුරු වෛද්‍ය සේවයේ (එම්. ටී. - 05) විශේෂ ශ්‍රේණිය, පරිපූරක වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවයේ (එම්. ටී. 06) විශේෂ සේවය, දන්ත වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය, හෙද විශේෂ ශ්‍රේණිය, වෛද්‍ය නිලධාරීන්, ගුරු සේවයේ 01 පන්තිය, භාෂා පරිවර්තක විශේෂ, විදුහල්පති සේවය ආදී මෙම රාජ්‍ය සේවාවන්හි නිරත වන සේවකයන්ගේ වැටුප 44600, 44950, 46355 හෝ ඉහත සේවාවන්හි වැඩිමනත් අයට රුපියල් 47615 හෝ 50,000 සිට 56,205 යන උපරිම වැටුප් තලයක් ය.

    දුම්රිය සේවකයන් ඉල්ලා සිටින පරිදි ඔවුනට වැටුප් වැඩි කළහොත් ඔවුනගේ වැටුප රුපියල් 56205 ක් වනු ඇත. එවැනි වැටුපක් ලබනුයේ ඉහතින් සඳහන් කර ඇති වෘත්තිකයන්ගෙන් ලියාපදිංචි/ සහකාර විශේෂ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් පමණක් වීම අති විශේෂිත කරුණකි. ඒ අනුව දුම්රිය සේවකයන් ඉල්ලා සිටිනු ලබන සුපිරි වැටුප් තලය ලබා දුනහොත් අනෙක් වෘත්තිකයන්ගේ වැටුප් ද වැඩිකළ යුතු වේ. එය රටකට දරාගත හැකි දෙයක් වන්නේ ද?

    මෙම ඉල්ලීම් මෙසේ වන විට මේ රටේ ශ‍්‍රමිකයන්ගෙන් භාගයක්ම දිනකට රුපියල් 800 ක් පමණක් උපයමින් සිටී. ඔවුනට ආර්ථික වශයෙන් ප‍්‍රශ්න කොතරම් ඇත්ද යන්න අලූතෙන් නොකිව යුතුමය.

    දුම්රිය සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමට විටින් විට මඟීන්ගේ බෙල්ලට තොණ්ඩුව හිර කරමින් මෙලෙස වැඩ වර්ජන කළ අවස්ථා ගණන අපමණය. මෑත කාලය දෙස බැලූවහොත් 2017.12.06 දින නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහායකයන් බඳවා ගත් බව කියමින් දින 07 ක වැඩ වර්ජනයක්, 2018.05.29 දින වැටුප් වැඩි කිරීම, දිරි දීමනා, පවතින වැටුපට එක් කිරීම, පැය අටේ වැඩ සතියක් ආදී කරුණු ඉල්ලමින් පැය 48 ක කාලයක වැඩ වර්ජනයක්, 2018.07.26 දින මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඇති ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතා බහකදී ඇමැති හර්ෂ ද සිල්වා මහතා සිදුකළ බැණ වැදීමට එරෙහිව යන ලෙස සිව් වතාවක් ඔවුහු මෙලෙස වැඩ වර්ජන කිරීමෙන් අහිංසක මඟී ජනතාව කබලෙන් ලිපට වට්ටවන ලදි.

    වත්මන් වැඩ වර්ජනයට හේතු වූ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම දෙස බැලූ විට රුපියල් 44600 ඇති වැටුප 56205 දක්වා එනම් රුපියල් 11605 කින් වැඩි කරන ලෙස කරන ලද ඉල්ලීම කොතරම් ම්ලේච්ඡ එකක් ද යන්න ඉතා පැහැදිලිය. වර්තමානය වන විට උපාධි ගුරුවරයකුගේ මූලික වැටුප වනුයේ ද රුපියල් 34000 කි.

    මේ සා විශාල වැටුපක් හෙවත් මස් රාත්තලම හා ඊටත් රාත්තල් තව දෙක තුනක් වැඩියෙන් ඉල්ලනු ලබන්නේ මෙරට දුම්රිය මේ තරමට ම ලාභ ලබන නිසා දැයි නොදැනේ. ලාභ කෙසේ වෙතත් පසුගිය වසරේදී (2017) ශ‍්‍රී ලංකා සමස්ත දුම්රිය ආදායම ඊට පෙර වසරට වඩා 2.2%කින් අඩු වී තිබේ. දුම්රිය සේවය පවත්වා ගෙන යෑමට රජය විශාල මුදලක් වසරකට වැය කරද්දී මෙලෙස සිදු කරන කඩාකප්පල්කාරී වැඩපිළිවෙළ හේතුවෙන් එය තවදුරටත් පාඩු ලබන තත්ත්වයකට පත්වෙමින් තිබේ. දුම්රිය සේවයෙහි සාධනීය වර්ධනයක් ද සිදුනොවීම අතිශය බරපතළ කරුණකි.

    එවැනි තත්ත්වයක් තිබියදී දුම්රිය මඟීන්ට මෙම වර්ජනයෙන් සිදු වූ අපහසුතා අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය බදාදා සවස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ජනතාව කෑ ගැසූ ආකාරයෙන් ඉහත කී අපහසුතා ගැන මනාව සමස්ත රටවැසියාම දැනගෙන හමාරය. එහෙත් මෙය දිගින් දිගටම සිදු නොවීමට නම් රජය මේ සම්බන්ධයෙන් අනුකම්පා විරහිත කඩිනම් තීන්දුවක් ජනතාව පැත්තෙන් සිතා ගත යුතු කාලය ඕනෑවටත් වඩා එළැඹී ඇති බව ලියා තැබිය යුතු වේ.

    අකිත පෙරේරා

    ********************************************************************************************
    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව මෙන්න
    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Cgr10
    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Cgr10


    මේ කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන වැඩිම කාලයක් නින්දක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි. මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජුලි මාසයේදී. 2018 ජුලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වැනිදා ඇසළ පෝය. පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු. මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21 ක් තියනවා. රජයේ සේවකයෙක් පැය 8 ක් වැඩ කළ යුතුයි කියලා බැලූවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාණ 21

    x 8 = 168 පැය

    ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.

    එකතුව 168+575 = 743 යි.



    2018 ජූලි මාසේට පැය කීයක් තියෙනවාද?

    දවස් 31 යි. දවසට පැය 24 යි.

    ගාණ ටිකක් අමාරුයි. ඒත් හදමු.

    31 x 24 = 744 යි.


    රියදුරු මහත්තයා මාසය තුළ සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.

    ඒ කියන්නේ මාසේ තුළ වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයය විවේක අරන් තියෙන්නේ.

    ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයිද?

    පැයකට රුපියල් 349.15 බැගින් පැය 575 ට රුපියල් 200,761.54 ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.

    දුම්රිය රියදුරු ඉන්දික දොඩංගොඩ ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා.

    අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී.

    http://divaina.com/sunday/index.php/visheshanga1/5338-2018-08-10-14-35-32
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by yellow knife Mon Aug 13, 2018 7:36 am

    Thanks Ajith.

    The writing style reminds me Chinwi.. Specially the last part with calculations.

    His writing style was very simple and sarcastic . Now about the content of the article. Yes, I agree with the content .
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by කිත්සිරි ද සිල්වා Mon Aug 13, 2018 7:50 am

    The general public should break one or two of their limbs next time than just pushing and shoving.
    It will send a loud and clear message to all others threatening with such actions from time to time and most importantly to their Puppet Masters. Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by Rana Mon Aug 13, 2018 9:56 am

    යුද්දෙත් නැති එකේ නරකෙයි හමුදාවේ නෝනාවරු මහත්වරු ටික රටේ රෝහල්, ප්‍රවාහන, ඛනිජ, තෙල්, වරාය, තැපැල් සහ අනෙකුත් වැදගත් අංශ වලට ගැලපෙන විදියට විශේෂ පුහුණුවක් දුන්නානම් . වර්ජන සිදුකලයුතුයි එහෙත් අහිංසක මිනිසුන්ගේ ජීවිත වලට අවම බලපෑමක් සිදුවෙන විදියට.

    සමහර රටවල් වල ප්‍රවාහන අංශයේ වර්ජන සිදුකරනවා ඒත් ඔවුන් උදේ 5-8.30 සහ හවස 5- 8 අතර සේවාව ක්‍රියාත්මක කරනවා .

    හැබැයි වර්ජකයෝ තිරිසනුන් විදියට හැසිරෙනවානම් මහජනතාව එකතු වෙලා කස්ටියට ලීකෙලි සංදර්ශනයක් පෙන්නුවානම් එක පාරක් , ඊළඟ පාර වර්ජන කරන්න කලින් දෙවරක් නොව සිය වරක් සිතා බලයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by කිත්සිරි ද සිල්වා Mon Aug 13, 2018 10:06 am

    Bringing in Mandatory "Nation Service" for two years will solve most of such issues.
    Rana wrote:යුද්දෙත්  නැති එකේ නරකෙයි   හමුදාවේ  නෝනාවරු  මහත්වරු  ටික රටේ  රෝහල්, ප්‍රවාහන, ඛනිජ, තෙල්, වරාය, තැපැල් සහ  අනෙකුත්  වැදගත්  අංශ  වලට  ගැලපෙන  විදියට  විශේෂ  පුහුණුවක්  දුන්නානම් . වර්ජන සිදුකලයුතුයි එහෙත්  අහිංසක  මිනිසුන්ගේ  ජීවිත   වලට  අවම  බලපෑමක්  සිදුවෙන  විදියට.

    සමහර  රටවල්  වල  ප්‍රවාහන  අංශයේ  වර්ජන  සිදුකරනවා ඒත් ඔවුන්  උදේ  5-8.30 සහ  හවස 5- 8  අතර  සේවාව  ක්‍රියාත්මක  කරනවා .  

    හැබැයි වර්ජකයෝ  තිරිසනුන්  විදියට  හැසිරෙනවානම්  මහජනතාව  එකතු  වෙලා  කස්ටියට  ලීකෙලි සංදර්ශනයක්  පෙන්නුවානම්  එක පාරක් , ඊළඟ  පාර වර්ජන  කරන්න කලින්  දෙවරක්  නොව  සිය  වරක්  සිතා  බලයි.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by Ethical Trader Mon Aug 13, 2018 10:25 am

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by කිත්සිරි ද සිල්වා Mon Aug 13, 2018 10:29 am

    This is the time to force to privatize these institutes and break Mafia backs once and for all.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම! Empty Re: අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!

    Post by Yin-Yang Mon Aug 13, 2018 3:05 pm

    There is a simple solution for this.
    Bring some automated trains which run without drivers.
    Singapore has them.

    They call them 'Horizontal lifts'

    The lifts do not need lift operators these days.

    +++++

    If the minister likes, I can make arrangement with some commission.


      Current date/time is Sat Jul 27, 2024 8:09 pm