The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය Empty විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය

    Post by Ethical Trader Sat Jan 13, 2018 12:12 pm

    BBC Sandeshaya 2018 ජනවාරි 12
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572473__99475511_c570f1d6-d92b-40aa-89b7-0ab4a404bac9
    Image copyright Getty Images
    Image caption තාක්ෂණික උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී එළි දැක්විණ

    තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය.

    වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES -Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ නියෝජනය කරමින් ආයතන 4000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවකයින් ද ඒ සඳහා සිය නව නිෂ්පාදන ඉදිරිපත් කරති.

    මෙවරත් මෙම ආයතන පාරිභෝගිකයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇත. පෙර වසර වලදී CES හි ප්‍රදර්ශනය කෙරුනේ එදිනෙදා මිනිස් අවශ්‍යතාවලට උදව් දෙන යන්ත්‍ර පමණක් වුවත්, රොබෝවරු, වාහන, ඖෂධ සහ කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ ද වර්තමානයේ දැකිය හැකිය.
    මයික්‍රෝ LED සැම්සන් රූපවාහිනී යන්ත්‍රය: The Wall (ද වෝල්)
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572476__99515920_38858603134_8391ab5d15_h
    Image copyright Samsung
    Image caption අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය

    මෙවර ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ සැම්සන් සමාගම විසින් නිෂ්පාදිත අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගනු ලැබීය. මෙය 'තාප්පය' අරුත් දෙන The Wallලෙස නම් කර තිබේ.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572477__99516417_walltv2
    Image copyright Samsung
    Image caption 'මොඩියුලර්' (modular) තාක්ෂණය යොදාගෙන විවිධ හැඩයේ රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය කළ හැකි බව සැම්සන් ආයතනය පවසයි

    මෙම රූපවාහිනී යන්ත්‍රයෙන් කළු පැහැය ඇතුළු අනෙකුත් වර්ණ මයික්‍රෝ LED තිරය ඔස්සේ ඉතා දීප්තිමත්ව දිස් වෙන අතර මෙය සාමාන්‍ය LED රූපවාහිනී තිරය වෙනුවට භාවිත කළ හැකි අධි තාක්ෂණික යන්ත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත.

    නමුත් මෙහි නිෂ්පාදන මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එයට විසඳුමක් ලෙස පාරිභෝගිකයෙකුට අවශ්‍ය ප්‍රමාණයෙන් මෙම රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කළ හැකි බවට සැම්සන් සමාගම ප්‍රකාශ කර සිටී.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572481__99516423_whatsubject
    SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය
    Image copyright WORKHORSE GROUP
    Image caption SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය

    CES ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ තවත් පෙරළිකාර යන්ත්‍රයක් ලෙස මිනිසුන් දෙදෙනෙක් රැගෙන යා හැකි SureFly ඩ්‍රෝනය හඳුන්වා දිය හැකිය. මෙය දිනෙන් දින වැඩිවන ගමනාගමන අවශ්‍යතාවලට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත.

    එකවර පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝනය වොලොකොප්ටර් ගුවන් ටැක්සියකට (Volocopter Air Taxi) සමාන බව පැවසේ.

    ඩීසල් සහ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ. මෙම යන්ත්‍රයට කිලෝග්‍රෑම් 181 ක බරක් දැරිය හැකි අතර, රඳවන හතරක ඇති අවර පෙති අටකින් ක්‍රියාත්මක වේ.

    මෙය අනාගතයේදී ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙනු ඇති බව විශ්වාස කෙරේ.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය <img src=" />
    Image copyright SUREFLY
    Image caption විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ

    මෙම ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේදී පියාසර කර පෙන්වීමට අවසර ලබා දී තිබුණ ද නියමිත දිනයේ දී එය එළිදැක්වීමට නොහැකි විය. මෙම ඩ්‍රෝනය වැස්සට ඔරොත්තු දෙන ලෙස නිමවා නොමැති අතර, එදින ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් තිබීම එයට හේතු විය.

    මෙය මිනිස් අවශ්‍යතා මුල් කර ගෙන කළ අත්හදා බැලීමක් පමණක් වන බැවින් අනවශ්‍ය අවදානමක් ගෙන යන්ත්‍රය පියාසර කරවීමට නොහැකි වූ බවත්, ඉදිරියේ දී මෙම ඩ්‍රෝනය කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් පැමිණි මෙහි නිර්මාණකරුවෝ බීබීසී යට පැවසූහ.

    SureFly ඩ්‍රෝනයට සමාන වොලොකොප්ටර් ගුවන් ටැක්සි පසුගිය වසරේ සැප්තැම්බර් මස ඩුබායි නුවරදී සහ ජර්මනියේ දී අත්හදා බලා ඇති බව වාර්තා වේ.
    කෘතීම බුද්ධියෙන් පාලනය වන විදුලි බුබුලක්
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572785__99477270_500e1227-0685-4e10-b9e1-e67244583825
    Image copyright Ge
    Image caption කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light)

    කෘතීම බුද්ධියෙන් ක්‍රියා කරන යන්ත්‍රවලට මෙම ප්‍රදර්ශනයේ විශේෂ ස්ථානයක් හිමි වී ඇත.

    අන්තර්ජාලයේ ඇති කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) GE ආයතනය විසින් එළිදක්වනු ලැබීය.

    මෙම බල්බය ඇතුළත සවි කර ඇති මයික්‍රෆෝනයෙන් සහ ස්පීකරයෙන් ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant) ,ඇලෙක්සා (Alexa) යන කෘතීම බුද්ධි පාලනය කළ හැකිය.
    3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාව

    මේ අතර ඇන්ඩ්රෝයිඩ් තාක්ෂණයෙන් පාලනය වන 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාවක් එළිදැක්වීමට අලුතින් ආරම්භ කරන ලද ආයතනයක් සමත් වී තිබේ. මෙලෙස සෙල්ෆි කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපය වටේට කරකවමින් එහි ඇති සියලුම වස්තූන් හෝ මිනිසෙකුගේ සම්පුර්ණ රූපය නැරඹිය හැකිය.
    බයිටන් (Byton) ආයතනය එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car)
    බයිටන් (Byton) ආයතනය විසින් එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car)

    මෙම නව මෝටර් රථය නිපදවීමට දායක වී ඇත්තේ BMW සහ 'ඇපල්' සමාගමෙන් අස්වී ගිය සේවකයන්ගේ දායකත්වයෙන් වීම විශේෂ කාරණයකි.

    මෙම මෝටර් රථයේ ඉදිරිපස විශාල ස්පර්ශ සංවේදී තිරයක් දක්නට ලැබෙන අතර සුක්කානම මැද තවත් කුඩා tablet පරිගණකයක් සවි කර ඇත. මෙම තිරය දහවල් කාලයේ දී දීප්තිමත් ලෙස දිස් වුණත්, අඳුර වැටෙද්දී ක්‍රමයෙන් එලිය අඩු වන ආකාරයට නිමවා ඇත.

    ඉදිරිපස ආසන පිටුපස කොටසේ තවත් තිර දෙකක් සවි කර ඇති අතර මෙම මෝටර් රථයේ පරමාර්ථය වී ඇත්තේ වාහනයෙන් එළියේ ඇති අත්දැකීම වාහනය තුළ දීම ලැබෙන්නට සැලැස්වීමය.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572786__99501672_mediaitem99501666
    Image copyright BYTON
    Image caption නවතම බයිටන් (Byton) විද්‍යුත් මෝටර් රථය

    බයිටන් ආයතනය සතු දත්තවලට අනුව මෙම රථය තත්පර පහක දී පැයට කිලෝමීටර 97 ක වේගයක් කරා ලඟා වේ.

    මෝටර් රථයේ ඉදිරිපස සවි කර ඇති තිරයේ නොයෙකුත් වීඩියෝ දර්ශන, දින දර්ශනය, මාර්ග සිතියම සහ පුද්ගල සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරනු ලැබේ.

    මෝටර් රථය ඇතුළත සවි කර ඇති කැමරා තුලින් එහි අසුන් ගන්නා පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ දත්ත විශාල තිරයේ පෙන්වා සිටින අතර, මෙහි රියදුරු අසුන එක් එක් පුද්ගලයාට සරිලන ආකාරයට ස්වයංක්‍රීයව හැඩ ගැසෙනු ඇත.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99572787__99501684_7ed8bfe5-0476-4f79-8e25-34e6122984a6
    Image copyright BYTON
    Image caption මෙම රථය 2019 දී නිෂ්පාදනයට නියමිත බවට ආයතනය පවසයි

    මෙම රථය ස්වයංක්‍රීය ධාවනයේ යෙදෙන අවස්ථාවේ හෝ නතර කර ඇති මොහොතක, මෙහි ඉදිරිපස අසුන් දෙක මුහුණට මුහුණ සිටින සේ හැරවිය හැකිය. එමගින් රථය තුළ සිටින සියලු දෙනාටම එකට එක් වී කතා බහක නියැලීමට ද හැකියාව ලැබේ.

    මෙම රථය විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන අතර මෙහි කෝෂ ආරෝපණය කිරීමට අවශ්‍ය බලය සහ එම මධ්‍යස්ථාන සොයා ගැනීම පිළිබඳව ගැටළු මතු වනු ඇතැයි අදහස් පළවී ඇත.

    මෙම රථය මාස කිහිපයකට පෙර එළිදැක්වූ 'ටෙස්ලා' විද්‍යුත් මෝටර් රථය හා සංසන්දනය කර අදහස් ප්‍රකාශ වී ඇති නමුත් බයිටන් ආයතනය පවසා සිටින්නේ මෙය ටෙස්ලා රථයට වඩා බොහෝ උපාංග වලින් සමන්විත සැබෑම 'ස්මාර්ට් මෝටර් රථයක්' (real smart car) බවය.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99573663__99501363_0a6f900e-293f-4e9c-9546-0cce1d514a0b
    Image caption මෝටර් රථයේ ඉදිරිපස ඇති විශාල ස්පර්ශ සංවේදී තිරය

    කෙසේ වුවත් මෙහි ඇති දීප්තිමත් ස්පර්ශ සංවේදී තිර හේතුවෙන් රථය ධාවනය කිරීමේදී රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීමෙන් අනතුරක් සිදු වීමේ ප්‍රවනතාවක් ඇති අතර මෙවැනි විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට වැයවන අති මහත් විදුලි බලය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයෝ පවසති.

    'ස්මාර්ට්' නිවසක් (Smart Home)?
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99573664__99475918_c10b677f-aef4-472d-a483-a15a1ae2a4ff
    Image copyright CROWNSTONE
    Image caption ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින

    නිවසක ඇතුළත බොහෝ දේවල් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.

    ඒ අතුරෙන් නිවසේ භාවිතා කරන ජලය ප්‍රමාණය මැනිය හැකි උපකරණයක්, උෂ්ණත්වය පාලනය කරන උපකරණයක්, ගෙතුළ වාතයේ තෙතමනය මැනිය හැකි උපාංගයක්, අධි තාක්ෂණයෙන් ක්‍රියා කරන දොර අගුල් වර්ග සහ නිවස කෙතරම් අපවිත්‍ර වී ඇත්දැයි සොයා දෙන උපාංගය බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

    ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින. මෙය ගෙහිමියාගේ ජංගම දුරකතනයේ ඇති 'බ්ලුටූත්' හරහා හෝ ඔහුගේ 'ස්මාර්ට්' දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ක්‍රියාත්මක වේ.

    'ස්මාර්ට්' සෝපාව (Smart Sofa)
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99573665__99476090_8003d0f3-85a5-4fda-b028-a87e6f32bccc
    Image copyright MILIBOO
    Image caption 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa)

    මිලිබු (Miliboo) ආයතනය හදුන්වා දුන් 'ස්මාර්ට්' සෝපාවෙන් වයර් කම්බි නොමැතිව තම ටැබ්ලට් පරිගණකය ආරෝපණය කර ගත හැකි අතර, පුද්ගලයෙකු අසුන් ගන්නා ඉරියව් හඳුනාගෙන ඔහු කොපමණ වේලාවක් රූපවාහිනිය ඉදිරියේ අසුන් ගෙන සිටියා දැයි සටහන් කර ගැනීමේ හැකියාවක් ඇත.
    විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය _99573672__99549656_lenovomiix630mobileproductivity
    Image copyright LENOVO
    Image caption ලැප් ටොප් සහ ටැබ්ලට් යන දෙවිදියටම භාවිතා කළ හැකි නවතම ලෙනොවෝ (Lenovo) පරිගණකය. මෙය එක් වරක් ආරෝපණය කළ පසු පැය විස්සක් පරිහරණය කළ හැකිය.

    එල්.ජී (LG), යමහා (Yamaha), නිසාන් (Nissan), ටොයෝටා (Toyota), හයිඋන්ඩායි (Hyundai) ඇතුළු තවත් ආයතන රැසක් විවිධ වර්ගයේ නව තාක්ෂණික උපාංග, දින හතරක් පුරා පැවැත්වුන මෙම ප්‍රදර්ශනයේදී වරින් වර එළිදැක්වූහ.

    ඒ අතර නැගී එන නව නිර්මාණකරුවන්ට තම හැකියාවන් එළිදැක්වීමට CES ප්‍රදර්ශනය කදිම තෝතැන්නක් වී තිබිණ.

      Current date/time is Sun Sep 01, 2024 6:07 am