![උතුරු කොරියාව සහ න්‍යෂ්ඨික ප්‍රහාර: "නීති විරෝධී නියෝග පිළිපදින්නේ නෑ" _98818023_eb4a390d-58ba-49e3-bdd6-ce3e7d142dc3](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/7D51/production/_98818023_eb4a390d-58ba-49e3-bdd6-ce3e7d142dc3.jpg)
Image copyright Getty Images
Image caption "නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කළොත්, සිර දඬුවම් විඳින්න වේවි. මුළු ජීවිත කාලෙටම හිරගෙදර යන්න වෙන්නත් පුළුවන්"
න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන මෙන් ලැබෙන ඕනෑම "නීති විරෝධී" නියෝගයක් පිළි නොපදින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා පවසයි.
ඇමෙරිකානු මූලෝපායික අණ දෙන මධ්‍යස්ථානයේ (US Strategic Command) ප්‍රධානියා ලෙසින් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිය වගකීම බව සඳහන් කළ ගුවන් හමුදා ජනරාල් ජෝන් හයිටන් (John Hyten), න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරනු වෙනුවට නීත්‍යානුකූල විකල්පයක් තෝරා ගැනීමට හැකිවනු ඇතැයි යන්න සිය විශ්වාසය බව ද සඳහන් කළේය.
කැනඩාවේ පැවති ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සමුලුවක් (Halifax International Security Forum) අමතා දහස් දැක්වූ ජනරාල්වරයා, "අපි ඒ ගැන නිතරම සිතමින් ඉන්නේ. මේ වගේ වගකීමක් තියෙන කොට ඒ ගැන නොසිතා ඉන්නේ කොහොමද?" යනුවෙන් සඳහන් කළේය.
එමෙන්ම එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පෙරාතුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණු ඇතුළත් සන්නද්ධ ගැටුම් සම්බන්ධ එක්සත් ජනපද නීතිය තමන් හදාරා තිබෙන බවත් ජනරාල් ජෝන් හයිටන් පැවසීය.
![උතුරු කොරියාව සහ න්‍යෂ්ඨික ප්‍රහාර: "නීති විරෝධී නියෝග පිළිපදින්නේ නෑ" _98818025_e5039b72-90a3-4446-9b27-549d68233f0b](https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/CB71/production/_98818025_e5039b72-90a3-4446-9b27-549d68233f0b.jpg)
Image copyright un
එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා ඒ අදහස් පළ කළේ න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා සතුව පවතින බලය සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙනෙට් සභිකයන් සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුවය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකීම් විරහිත ආකාරයෙන් එවැනි ප්‍රහාරයකට නියෝග දෙනු ඇතැයි එහිදී ඇතැම් සෙනෙට් සභිකයෝ ප්‍රබල අවධානය පළ කළහ.
ඒ අතර තවත් සමහර සෙනෙට් සභිකයන් කියා සිටියේ නීතිඥයන්ගේ මැදිහත්වීම්වලින් තොරව එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබිය යුතු බවය.
උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනය කළහොත් එයට "ලෝකය මින් පෙර කිසි දිනෙක නොදුටු ආකාරයේ" ප්‍රතිචාරයක් දක්වන බවට ජනාධිපති ට්‍රම්ප් පසුගිය අගෝස්තු මාසයේ ප්‍රතිඥා දුන්නේය.
මාෂල් ටිටෝ ගේ න්‍යෂ්ඨික බංකරය
ඒ අතර පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ සෙනෙට් විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ රිපබ්ලිකන් පාක්ෂික සභාපති බොබ් කෝකර් (Bob Corker) සෙනෙට් සභිකවරයා, එක්සත් ජනපදය "තුන් වෙනි ලෝක යුද්ධයේ මාවත වෙත" කැන්දාගෙන යමින් සිටින බවට ජනාධිපතිවරයාට චෝදනා කළේය.
රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ණ බලතල හිමිවනේය යන්න පිළිබඳව සෙනෙට් සභිකයන් මෙන්ම විශේෂඥයන් ද එකඟවන නමුත්, "ප්‍රහාරයක් ඉතා ආසන්න" යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟවන අර්ථකථනයක් නොමැති බැවින් එහිදී ජනාධිපතිවරයාට තනිවම තීන්දු ගැනීමේ බලය හිමි නොවන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
"මම ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා. එතකොට කළ යුතු දේ කුමක්ද කියල ඔහු මට නියෝග කරාවි," ජනරාල් ජෝන් හයිටන් පැවසීය.
"ඒ නියෝගය නීති විරෝධී නම් ඔබ දන්නවද මොකක්ද සිද්ද වෙන්නේ කියල? 'ජනාධිපතිතුමනි, ඒක නීති විරෝධීයි' කියල මම ඔහුට කියනවා."
ඉන් අනතුරුව තමන් ඉදිරියේ පවතින විකල්ප පිළිබඳව තමන්ට සාකච්ඡා කළ හැකි බව ද ජනරාල්වරයා සඳහන් කළේය.
"නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කළොත්, සිර දඬුවම් විඳින්න වේවි. මුළු ජීවිත කාලෙටම හිරගෙදර යන්න වෙන්නත් පුළුවන්."
ජනරාල්වරයාගේ ප්‍රකාශය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නොමැත.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?