- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
මේ අතර Candor Group විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජන, ඉතුරුම්, බැඳුම්කර වැනි සියලු ආයෝජන අවස්ථා අභිබවමින් ඉඩම්වල ආයෝජනය වැඩි ප්‍රතිලාභ ගෙන දී ඇති බවයි.
කොළඹ මහනගර සභා සීමාව තුල පර්චසයක් සඳහා වැඩිම මිලක් නියම වී ඇත්තේ කොළඹ 1,3 හා 7 ප්‍රදේශවල ඉඩම්වලටය. මේ අතර කොළඹ 9,13,14 හා 15 යන ප්‍රදේශවල ඉඩම් මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.
LankaPropertyWeb.com පවසන පරිදි කොළඹ 01 ජනාධිපති මන්දිරය ආසන්නයේ පර්චසයක වටිනාකම මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ වේ. මේ අතර පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා අලුතින් බිහිවන හෙක්ටයාර 269 ක භූමිභාගයෙහි ඉඩම් විකිණීම 2018 වසරේ සිට ආරම්භ වීමට නියමිතය. එහිදී එම ඉඩම් සඳහා කොපමණ මිලක් නියමවේද යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනා උනන්දු වී සිටිති.
කෙසේ වෙතත් පවතින නීතිරීතිවලට අනුව විදේශිකයින් හට ශ්‍රී ලංකාවේ ඉඩම් සින්නක්කරව මිල දී ගැනීමට නොහැකි වුවත් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී.
පවතින තත්ත්වය තුළ හිස් ඉඩමක් මිලදී ගෙන එහි නිවාසයක් තනනවාට වඩා මහල් නිවාස ඒකකයක් මිල දී ගැනීම වඩා ලාභදායී වී තිබේ.
http://biz.adaderana.lk/
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
CK wrote:where is the property bubble?