The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

මත්ස්‍ය අපනයන "50% කින් ඉහළ ගිහින්" Empty මත්ස්‍ය අපනයන "50% කින් ඉහළ ගිහින්"

on Thu Dec 28, 2017 6:02 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya මිනිත්තු 49 පෙර

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් පණවනු ලැබ තිබුණ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව මේ වසරේ නොවැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි.

2017 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන් 28,685ක් බව ද අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන (Processing Centers) 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් සහ ඇසුරුම් මධ්‍යස්ථාන (Packaging Units) 16ක දායකත්වයෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් අපනයනය කිරීමේ ක්‍රියාදාමය "විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන" ලෙස ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දුන් බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලාංකික ධීවරයන් ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ නිරත වන බවට චෝදනා කරමින් යුරෝපා සංගම් රටවල් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන තහනමක් පණවා තිබුණි.

2014 ඔක්තෝබර් මාසයේ රාජපක්ෂ පාලනය සමයේ පණවන ලද එම තහනම 2016 ජුනි මාසයේදී යුරෝපා සංගමය විසින් ඉවත් කරනු ලැබිණ.

එම තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර බැඳීම අනුව තහනම් ධීවර කර්මාන්තවලට එරෙහිව ගෙන යන සටනට සහයෝගය දෙන බව සඳහන් කළේය.
'කෙලවලු පැටවුන් අල්ලන්න එපා'

අදාළ තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන සීයකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය වසරේ බීබීසී සිංහල සේවයට පැවසීය.

යුරෝපා මත්ස්‍ය තහනම පැවති කාලය තුළ චීනය, රුසියාව පමණක් නොව ඇමරිකාවට පවා ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනය ආනයනය කිරීමට උත්සාහ කළ නමුත් එම වැඩ පිළිවෙළ එතරම් සාර්ථක නොවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් (Tuna) පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇති බව සඳහන් කළේය.

එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බැවින් කෙලවලු පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum