The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කෝටි 15-20 වටිනා මොනවද මේ මොනාක්‌ රෙසිඩන්සිස්‌?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කෝටි 15-20 වටිනා මොනවද මේ  මොනාක්‌ රෙසිඩන්සිස්‌? Empty කෝටි 15-20 වටිනා මොනවද මේ මොනාක්‌ රෙසිඩන්සිස්‌?

    Post by nihal123 Sat Aug 05, 2017 2:47 pm

    මොනාක්‌ රෙසිඩන්සිස්‌
    Monarch යන නාම පදයට සිංහල තේරුම් රැසක්‌ තිබේ. ඊශ්වර දෙවියන් හඳුන්වනු ලබන්නේ මොනාක්‌ ලෙසය. මහරඡ්ජුරුවන්ට කියන නම් බොහෝ ගණනක්‌ අතරින් එකක්‌ වන්නේ මොනාක්‌ ය. මොනාක්‌ නාමය මේ දිනවල මේ රටේ ජන ව්‍යවහාරය තුළ බහුලව පවතී. ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගමක හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ විසින් විදේශ ඇමැති රවි කරුණානායක වෙනුවෙන් මුදල් ගෙවා මිලට ගත්තේ යෑයි කියන මොනාක්‌ රෙසිඩන්සිස්‌ නමැති සුඛෝපභෝගී එපාර්ට්‌මන් එකක්‌ පිළිබඳව බැඳුම්කර කොමිසමේ සාක්‍ෂිවලින් හෙළිදරව් වීමත් සමඟය.



    රවීට ලැබුණ එපාර්ට්‌මන්ට්‌ නිවාසයේ මුල් අයිතිකරු මුතුකුඩ ආරච්චිගේ විනෝදනී නමැත්තියක්‌ බව කියනු ලැබේ. ඇය මේ රටේ සුප්‍රකට කෝටිපතියකු වන නහීල් විඡේසූරියගේ දියණියය. පසු කාලයේදී ස්‌වර්ණවාහිනිය බවට පත් ETV රූපවාහිනි සංඛ්‍යාතයේ අයිතිකරු වන නහීල් මේ රටේ අධිකරණ ඉතිහාසයේ සුප්‍රසිද්ධ නඩුවකින් ජයගත් කෙනෙකි.

    ඒ මෙසේය. ETV රූපවාහිනියේ ප්‍රදර්ශනය කිරීම සඳහා නහීල් විඡේසූරිය වැඩසටහන් ලබා ගත්තේ විදේශික රූපවාහිනි සේවාවන්ගෙන් අනවසරයෙනි. බම්බලපිටියේ පිහිටි සිය විකාශනාගාරයේ වහල මත යෝධ Dish ඇන්ටනා තැන්පත් කළ ඔහු විදේශීය රූපවාහිනි තරංග අපේ අහස උඩින් යන විට ඒවා සිය Dish ඇන්ටෙනා මගින් ලබාගෙන රූපවාහිනී වැඩසටහන් බවට පරිවර්තනය කර ප්‍රදර්ශනය කළේය.

    මේ බව ආරංචි වූ එම වැඩසටහන්වල සැබෑ අයිතිකරුවෝ නහීල් විඡේසූරිය නීති විරෝධී ලෙස තම වැඩසටහන් අත්පත් කර ගන්නා බව කියමින් වන්දි ඉල්ලා නඩු දැමූහ. එහෙත් නහීල්ගේ තර්කය වූයේ අපේ අහස උඩින් යන තරංග අල්ලා ගැනීමට කාගෙන්වත් අවසරයක්‌ වුවමනා නැති බවය. අධිකරණය එම තර්කය පිළිගත් අතර නහීල් විඡේසූරිය නඩුවෙන් නිදහස්‌ විය. මෙය Landmark නඩු තීන්දුවකි. (කෙසේ වුවද මෙය මොනාක්‌ රෙසිඩන්සිස්‌ සිද්ධිය හා සම්බන්ධ නැති අතුරු කතාවකි. පාඨකයාට අමතර තොරතුරක්‌ දෙනු පිණිස මෙය මතක්‌ කරන ලදි.)

    සුපිරි නිවාස සංකීර්ණයේ ඇතුලත දර්ශනයක්‌
    මෙයට අවුරුදු 50 කට පෙර ෆ්ලැට්‌ එකක හෙවත් තට්‌ටු නිවාසයක ජීවත් වීම යනු කාලකන්නි අත්දැකීමකි. රජයේ සේවක මධ්‍යම පාන්තික ක්‌ලාක්‌ මහත්වරුන් සහ එම පවුල්වල උදවිය මේ රටේ පළමුවන රජයේ ෆ්ලැට්‌ වාසීහු වෙති. ආණ්‌ඩුවේ නිවාස දෙපාර්තමේන්තුව විසින් එම ෆ්ලැට්‌ සාදන ලද අතර මාසිකව වැටුපෙන් මුදල් කැපී ගොස්‌ අවුරුදු 30 කට පසු පදිංචිකරුවාට ෆ්ලැට්‌ එක හිමිවන පරිදි මෙකී නිවාස යෝජනා ක්‍රම සැලසුම් කරන ලදි.

    ඒ අතර පුද්ගලික මුදලාලිලා සතු වූ ෆ්ලැට්‌ කිහිපයක්‌ විය. ඉන් ප්‍රධානතම තට්‌ටු නිවාසය වූ කලි තිඹිරිගස්‌යායේ ඩික්‌මන් පාර සමඟ හයිලෙවල් පාර එකතුවන තැන පිහිටි බෝගල ෆ්ලැට්‌ස්‌ ය. මේ සියවසේ පළමුවන කාර්තුවේ දී බෝගල මිනිරන් පතල පටන්ගත් ධනවත් මුදලාලි විසින් සාදන ලද බෝගල තට්‌ටු නිවාසවල මුලින්ම පදිංචි වූවෝ ධනවත්තුය.

    තට්‌ටු නිවාස සෑදීමේ කර්මාන්තයට මේ රටේ පුද්ගලික අංශය හරියටම අවතීර්ණ වන්නේ 1990 න් පසුවය. ඒ වන විට ෆ්ලැට්‌ යන වචනයට ලැබී තිබුණේ ඉතා කාලකන්නි අර්ථකථනයකි. කසිප්පු කාරයන් සහ සූස්‌තිකාරයන් පිරුණු, ගහ බැණ ගන්නා ගැහැනුන්ගෙන් සපිරි, හොටු පෙරාගත් ළමයි හැම තැනම දුවන ලොකු තට්‌ටු ගොඩනැඟිල්ලක්‌ මේ අර්ථකථනය මගින් නිරූපණය කෙරිණ. එම ගොඩනැඟිල්ල ඉදිරිපිට පාරේ කත්කාරයෝත්, බත් කාරයෝත්. මාළු කාරයෝත්, සරුවත් කාරයෝත් ගමන්ගත්හ. මෙය පරිහානිගත නාගරීකරණයේ ජඩ දැක්‌මකි. ඒ අනුව ෆ්ලැට්‌ යන නම තවදුරටත් මාකට්‌ කිරීමට බැරි විය.

    ඒ බව දැනගත් බුද්ධිමත් ව්‍යාපාරිකයන් පිරිසක්‌ ෆ්ලැට්‌ යන නම වෙනුවට රෙසිඩන්සි යන නම යොදා තට්‌ටු නිවාස මාකට්‌ කරන්නට වූහ. එහෙත් රෙසිඩන්සි සංකල්පය ඉතා පුළුල් ය. රෙසිඩන්සි පිහිටි තට්‌ටු ගොඩනැඟිල්ලක්‌ හැම විටකම පිහිටියේ නගරයේ හොඳම තැනය. එහි මිල ඉතා වැඩි විය. ඒ නිසා ඒවා මිලදී ගැනීමට ආණ්‌ඩුවේ ක්‌ලාක්‌ලාට බැරි විය. ඒ වෙනුවට සල්ලි තිබෙන Posh අය එනම් දොස්‌තරලාද, ඉංජිනේරුවෝද, ක්‍රිකට්‌ ගහන කට්‌ටියද නීතිඥයෝ ද, ව්‍යාපාරිකයෝ ද, මැණික්‌ මුදලාලිලා ද ඒවා මිලට ගත්හ. ඒවායේ සිටි දරුවන් උගත්තේ ජාත්‍යන්තර පාසල්වලය. ඔවුන් කතා කළේ ඉංග්‍රීසිය.

    අර්ජුන ඇලෝෂියස්‌ විසින් රවි කරුණානායකට මිලදී ගෙන ඇත්තේ යයි කියන මොනාක්‌ රෙසිඩන්සිස්‌ නිවාසය මෙකී පරම්පරාවේ ගොඩනැඟිල්ලකි. මෙහි උස අඩි 371 කි. තට්‌ටු ගණන 30 කි. වසර 2005 සෑදීම අරඹන ලද මෙය 2007 දී නිම කරන ලදී. ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම සැලසුම් කළෝ සිංගප්පූරුවේ ජියාක්‌ චුවාන් පාරේ අංක 089264 දරන තැන පිහිටි Palmer and Turner ගෘහ නිර්මාණ ශිල්පී සමාගමය. ගොඩනැඟිල්ල සැලසුම් කිරීමට භාර ගන්නා අවස්‌ථාවේදී ඔවුහු චීනයේ විශාල තට්‌ටු ගොඩනැඟිලි 9 ක්‌ සැලසුම් කරමින් සිටියාහ. අද වන විට ඒ සියල්ල සාර්ථක ලෙස ඉදිකර අවසන් ය.

    මොනාක්‌ රෙසිඩන්සිස්‌ නිවාස සමූහය පිහිටා ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යාබදවය. මෙහි ඇති නිවාස කාමර 1, 2, 3, යනාදී වශයෙන් විවිධ ප්‍රමාණවලින් ලබාගත හැකිය. ඒවා සකලාංග සම්පූර්ණ තරු 5 පහසුකම් සහිතව නිමා කර තිබේ. ඒවායේ පොළවට අල්ලා ඇත්තේ පදම් කළ දැවය. නිවාස සමූහයට අයත් පිහිනුම් තටාකයක්‌, කායවර්ධනාගාරයක්‌ (Gym) හා සම්බාහනාගාරයක්‌ ඇත. පැය 24 පුරාම ගොඩනැඟිල්ලට ආරක්‍ෂාව සැපයේ. සමහරු මේවායේ ස්‌ථිර පදිංචිකරුවෝය. තවත් සමහරු කුලී නිවැසියෝ ය. තවත් සමහර සංචාරක සමාගම් මේ නිවාස මිලට ගෙන විදේශික සංචාරකයන්ට කුලියට දෙති. තනි කාමරයේ එපාර්ට්‌මන්ට්‌ එකක අඩුම කුලිය දිනකට ඩොලර් 140 කි. කාමර 2 ක එපාර්ට්‌මන්ට්‌ එකක්‌ ඩොලර් 160 කට දෙනු ලැබේ. ගෙයක සින්නක්‌කර මිල රුපියල් කෝටි 20 - 25 අතරය.

    කුලියට දීමෙන් ආදායමක්‌ ලැබීමේ අපේක්‍ෂාවෙන් මිලට ගන්නවා නම් Monarch රෙසිඩන්සි වැනි එපාර්ට්‌මන්ට්‌ එකක්‌ යනු පරම්පරා හතකට ජීවත් විය හැකි දේපළකි.

      Current date/time is Sat Jul 27, 2024 6:26 pm