The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට

    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට Empty පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට

    Post by Danidu Tue Jul 18, 2017 7:19 pm

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කරගැනීමට පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තර්ජනයට සමස්ත ලෝකයම මුහුණ පා සිටී. කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමට බලපාන ප‍්‍රධානම සාධකයයි. කාබන්ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යෑමට, වන විනාශය සහ ෆොසිල ඉන්ධන භාවිතය වැනි මිනිස් කි‍්‍රයාකාරකම් බලපා තිබේ. වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වශයෙන් පරිසරයට එක්වන්නට වූයේ කාර්මික විප්ලවයෙන් පසුවය. නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය වීමත් සමඟ එතෙක් පැවති කාබන්ඩයොක්සයිඩ් විමෝචනය මෙන් 40%කින් වර්ධනය විය. වසර 10,000කට ඉහත කොටස් මිලියනයකට කොටස් 280ක් වූ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය 2016 වනවිට කොටස් මිලියනයකට කොටස් 403 දක්වා ඉහළ ගොස් තිබේ.

    ගෝලීය උෂ්ණත්වය අවම කර ගැනීමට නම් පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය 2050 වනවිට 70%කින් පමණ අවම කර ගත යුතු බවට පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. එහෙයින් මෙම පාරිසරික විනාශය අවම කර ගැනීම සඳහා ලොව බොහෝ රටවල් විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට පියවර ගනිමින් සිටී. වායු දූෂණයට එක් ප‍්‍රධාන සාධකයක් වන ඉන්ධන දහනය අවම කර ගැනීම සඳහා ප‍්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, ජර්මනිය, චීනය, ඉන්දියාව, නෙදර්ලන්තය, රෝඩ්ස් දිවයින, කැනඩාව වැනි රටවල් පෙට‍්‍රල් සහ ඩීසල් මගින් ධාවනය කෙරෙන වාහන ඉදිරි දශක දෙක තුළ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අවධානය යොමුකර ඇත.

    චීනයේ වැඩිම වායු දූෂණය සිදුකෙරෙනුයේ වාහන මගින් නිකුත් කෙරෙන කාබන් ප‍්‍රමාණය හේතුවෙනි. 2012 වසරේ වායු දූෂණය හේතුවෙන් මියගිය චීන වැසියන් සංඛ්‍යාව මිලියනය ඉක්මවීය. එහෙයින් කඩිනමින්ම එයට විසඳුම් සෙවීමට චීන බලධාරීන් හට සිදු වී තිබේ. 2030 වනවිට පෙට‍්‍රල් හා ඩීසල් වාහන ධාවනයෙන් ඉවත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ එහෙයිනි.  

    නෙදර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය 2025 සිට ද ජර්මනිය හා ඉන්දියාව 2030 සිට ද ප‍්‍රංශය, ස්වීඩනය හා කොස්ටරිකාව 2040 සිට ද පෙට‍්‍රල් හා ඩීසල් වාහන තම රටවලින් ඉවත්කොට ඒ වෙනුවට විදුලි රථවාහන ආදේශ කිරීමට නියමිතය.  

    ප‍්‍රංශ පාරිසරික ඇමැති නිකලස් හුලෝ සඳහන් කරන ආකාරයට දැනට ප‍්‍රංශයේ භාවිත කෙරෙන පෙට‍්‍රල් හා ඩීසල් වාහන ප‍්‍රතිශතය 95.2%කි. විදුලි මෝටර් රථ 1.2%ක් හා හයිබි‍්‍රඩ් රථ 3.5%ක් පසුගිය කාලයේ ධාවනයට එක් කර තිබේ. 2019 වනවිට නව මාදිලියේ විදුලි මෝටර් රථ හඳුන්වා දීම ප‍්‍රංශ රජයේ අරමුණය. ක‍්‍රමයෙන් විදුලි වාහන ධාවනයට එක් කරමින් 2040 වනවිට පෙට‍්‍රල් හා ඩීසල් වාහන සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණය.

    අැමෙරිකාවේ ප‍්‍රාන්ත 8ක නුදුරේදීම වැඩි වශයෙන් විදුලි මෝටර් වාහන භාවිතයට ගැනීමට නියමිතය. 2014 සිට එරට පෙට‍්‍රල් වාහන අලෙවිය අවම වන්නට පටන් ගෙන තිබේ. 2050 වනවිට එකදු පෙට‍්‍රල් හෝ ඩීසල් වාහනයක් තම ප‍්‍රාන්තවල ධාවනය නොවනු ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.  

    1995 වසර වනවිට ලොව පුරා භාවිත වූ පෙට‍්‍රල් හා ඩීසල් මගී ප‍්‍රවාහන වාහන සංඛ්‍යාව වූයේ මිලියන 500කි. 2010 දී එය මිලියන 896 දක්වා ඉහළ ගියේය. 2015 වනවිට එය බිලියනයක් දක්වා වර්ධනය වී තිබූ අතර 2020 වනවිට එය බිලියන 1.2 දක්වා වර්ධනය වන බවට ගණන් බලා තිබේ. සියවසක කාලයක් තුළ භාවිතයට ගැනුණු වාහන සංඛ්‍යාව මිලියන 500ක් වුවද 20 වසරක් තුළ එය බිලියනයක් දක්වා වර්ධනය වීමෙන් පරිසරයට මුදා හැරුණු කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය කෙබඳුදැයි අනුමාන කළ හැකිය.

    2010 වසරේ ලොව පුරා අලෙවි කෙරුණු මගී ප‍්‍රවාහන වාහන සංඛ්‍යාව මිලියන 44.7කි. 2020 දී එය මිලියන 70.9 දක්වා වර්ධනය වනු ඇති බවට අනුමාන කර තිබේ. ලොව ප‍්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සියල්ල මේ වනවිට විදුලි මෝටර් වාහන නිෂ්පාදනයට යොමුවෙමින් සිටී. බී.එම්.ඩබ්ලිව්, ටොයෝටා, යමහා, චෙරි, ෂැවලේ, සිට්රන්, ෆියට්, ෆෝඩ්, හුන්ඩායි, ජේ.ඒ.සී. කේ.අයි.ඒ, බෙන්ස්, මිට්සුබිෂි, නිසාන්, පර්ජෝ, රෙනෝ, ටෙස්ලා, ෆෝක්ස්වැගන් වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් නව තාක්ෂණයෙන් යුතු විදුලි මෝටර් රථ මේ වනවිටත් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.  

    වොල්වෝ සමාගම සඳහන් කරනුයේ 2019 පසු තම ආයතනය විසින් විදුලි මෝටර් රථ හා හයිබ්‍රිඩ් මෝටර් රථ පමණක් නිෂ්පාදනය කරනු ලබන බවයි. දැනට පවතින පෙට‍්‍රල් හා ඩීසල් මෝටර් රථ පරිසර දූෂණය අවම කෙරෙන නවාංග එක් කරමින් 2025 වනතෙක් වෙළෙඳපළට නිකුත් කෙරෙන අතර පෙට‍්‍රල් හා ඩීසල් නව නිෂ්පාදන හඳුන්වා නොදීමට ද ඔවුහු අදහස් කරති.
     
    ටෙස්ලා සමාගම ලබන වසරේ විදුලි මෝටර් රථ ලක්ෂ පහක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදානමින් සිටී. 2020 සිට විදුලි වාහන මිලියනයක් වාර්ෂිකව වෙළෙඳපොළට නිකුත් කිරීම එම සමාගමේ අරමුණය. ෆොක්ස්වැගන් සමාගම 2020 වසරේ සිට විදුලිි මෝටර් රථ 100,000 බැගින් වාර්ෂිකව අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.  

    ටොයොටා සමාගම 2020 වනවිට වසරකට දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන මිලියන 1.5 බැගින් ලොව පුරා අලෙවි කිරීමට සූදානමින් සිටියි. එම සමාගම හයිඩ‍්‍රජන් වායුවෙන් ධාවනය කෙරෙන මෝටර් රථයක් පසුගියදා වෙළෙඳපළට නිකුත් කිරීමට කටයුතු කළේ ද පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙසිනි. 2017 පෙබරවාරි වනවිට මිරායි (අනාගතය) යනුවෙන් නම් කර ඇති මෙම වාහන 2840ක් ජපාන වෙළෙඳපළට නිකුත් කර තිබිණි. සම්පූර්ණයෙන් පිරවූ හයිඩ‍්‍රජන් ටැංකියකින් එය කිලෝමීටර් 502ක දුරක් ධාවනය කළ හැකිය. එය ඉන්ධන කෝෂ පද්ධතියක් සහිත මෝටර් රථයක් ලෙස හඳුන්වා තිබේ. සාමාන්‍ය ඉන්ධන වාහනයක හා හයිබ්‍රිඩ් වාහනයක තාක්ෂණය එක්කර නිර්මාණය වූවක් බැවින් එමගින් පරිසරයට මුදාහරිනු ලබන්නේ ජල වාෂ්ප පමණි.  

    ඊ.වී. නොහොත් විදුලි මෝටර් රථයේ විශේෂත්වය වනුයේ එය තාපය හෝ අහිතකර වායු පරිසරයට මුදා හරින්නේ සුළු ප‍්‍රමාණයක් වීමයි. විදුලි වාහනවලින් 100%ක් කිසිදු අහිතකර වායුවක් පරිසරයට මුදා නොහරින බවට මතයක් පැවතිය ද එය නිරවද්‍ය නොවේ. එය විදුලිය උත්පාදනයේදී යම් ප‍්‍රමාණයකට අහිතකර වායු නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් මෙම රථවලින් නිකුත් කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය 35% වැනි ප‍්‍රතිශතයක පවතී. ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව පෙට‍්‍රල් මගින් ධාවනය කෙරෙන මෝටර් රථයක් සැතපුම් 100ක දුරක් ධාවනය කිරීමේදී රාත්තල් 75ක පමණ බරින් යුත් කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහරින අතර විදුලි මෝටර් රථයක් සැතපුම් 100ක් ධාවනය කිරීමේදී නිකුත් කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය රාත්තල් 32කි. මෙම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ද අවම කර ගැනීම සඳහා නව ක‍්‍රමවේද අනුගමනය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇති අතර දැනට නිෂ්පාදයේ පවතින විදුලි මෝටර් රථ වන ෆියට් 500 ඊ, ෆෝඩ් ෆෝකස් ඉලෙක්ටි‍්‍රක්, කියා සෝල් ඊවී, වී.ඩබ්ලියු ඊ ගොල්ෆ්, වි ස්පාක් ඊවී, රෙනෝ සොයි, නිසාන් ලීෆ්, ටෙස්ලා මොඩ්ල් එස් යන වාහන මේ වනවිට ජනප්‍රියත්වයට පත්වී තිබේ.

    http://www.lankadeepa.lk/sunday/thaksalawa/
    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට Empty Re: පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට

    Post by Danidu Tue Jul 18, 2017 7:21 pm

    විදුලි මෝටර් රථ ගන්න අයට රජයෙන් මුදල් ගෙවනවා

    2019 වසරේ සිට Volvo සමාගම මුළුමනින්ම විද්‍යුත් ධාවන පද්ධතියක් තිබෙන මෝටර් රථ පමණක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජයේ කමිටු සාමාජික, මහිසංඛ අබේවික්‍රම මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසන ලදී .

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට ලෝක ප්‍රවණතාවය විදුලි මෝටර් රථ බවත්, සංවර්ධිත රටවල රජයයන් විසින් විදුලි මෝටර් රථ මිල දී ගන්නන් හට මිලෙන් 1/3 ක් හෝ 2/3 ක් වැනි මුදලක් ගෙවනු ලබන බවයි.

    තවද විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව මහිසංඛ අබේවික්‍රම මහතා මෙහිදී කියා සිටියේය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://youtu.be/vbJerPRqxCc
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට Empty Re: පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 18, 2017 8:01 pm


    Porsche may ditch diesel engines

    Car engine bans in Germany would put 600,000 jobs at risk


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 1:45 pm