The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක Empty ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක

    Post by Ethical Trader Fri Jul 14, 2017 11:35 am

    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක
    BBC Sandeshaya 2017 ජූලි 13
    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක _96923908_image1
    Image copyright Getty Images

    පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම්වලට පරාජය වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව ප්‍රබල ලෙස අවධානය යොමුවෙමින් පවතී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ එක් දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත්කෙරිණි.

    කණ්ඩායමේ දක්ෂතා පිරිහීමත් සමග ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් දක්වා ද ක්‍රිකට් පිළිබඳ සංවාදය පුළුල් විය.

    විශේෂයෙන්ම ක්‍රීඩකයන් දස දෙනෙකුගේ පමණ කළමනාකරු ලෙසින් ක්‍රියාකරන චාලි ඔස්ටින් සහ ඔහුගේ ව්‍යාපාරික සහකරුවන් යැයි ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දෙන ලද මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කණ්ඩායම තේරීමට "ඇඟිලි ගසන" බවට චෝදනා එල්ලවෙමින් තිබේ.

    පසුගිය අඟහරුවාදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ මහේල ජයවර්ධන එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

    මේ අතර කළමනාකරුවන්, අතීත ක්‍රියාකාරකම්, ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය සහ 2011 ලෝක කුසලානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ලොව පුරා කීර්ති නාමයක් උසුලන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙකු අතර වාග් සංග්‍රාමයක් ඇවිලී තිබේ.

    ලාහෝර් ප්‍රහාරය

    1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ 2011 දී ලෝක කුසලාන අවසාන මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙය වූ කුමාර් සංගක්කාර ඒ දෙදෙනාය.
    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක _96922758_helicopter
    Image copyright Getty Images
    Image caption ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි
    හමුදා හෙලිකොප්ටරය

    විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කණ්ඩායමේ සාමාජිකයන් මතු කළ විරෝධය නොතකා 2009 දී කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදවීම හේතුවෙන් ලහෝර් නුවරදී ත්‍රස්‌ත ප්‍රහාරයකට මුහුණ දුන් බවට කුමාර් සංගක්කාර, බදාදා (ජුලි 12) ප්‍රබල චෝදනාවක් එල්ල කළේය.

    කුමාර් සංගක්කාර ඒ බව සඳහන් කර තිබෙන්නේ ලන්ඩන් නුවර සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ සිටින මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

    "මං හිතන්නේ අපිව මැරෙන්නම කියල වගේ අපිව යැවුවේ. තාම මගේ ඇඟේ වෙඩි වැදුණු යකඩ කුඩු තියෙනවා. අපි බලන්න ඕන හරි වගකීමෙන් කළා ද කියල," යනුවෙන් ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    "ඒ ගැන පරීක්ෂණයක් කරන්න කාලේ හරි. අපි ඒවා ගැනත් බලන්න ඕනේ," යනුවෙන් ද ඔහු පැවසීය.

    කුමාර් සංගක්කාර ගේ එම ප්‍රකාශය පිළිබඳව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

    පකිස්තානය 'සහතික වුනා'

    ලහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න තමන්ගේ ද ස්ථාවරය බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

       අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයිපීඑල් තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ

       අමාත්‍ය අර්ජුන රණතුංග

    බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් පිරිසක් සමග එසේ ප්‍රතිචාරය පළ කළ අමාත්‍යවරයා, එම සංචාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවක ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා බව ද සඳහන් කළේය.

    "ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයිපීඑල් තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි," යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක _96922760_buswindscreen
    Image copyright Getty Images
    Image caption ප්‍රහාරයට ලක් වූ බස් රථයේ වීදුරුවෙන් අවට දිස් වූ අයුරු

    පාකිස්තාන බලධාරීන්ගේ ඉල්ලීම ප්‍රකාර එම සංචාරය සංවිධානය කළ බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ එවක ක්‍රීඩා අමාත්‍යවරයා වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නිසි ආරක්ෂාව සපයන බවට පාකිස්තානය සහතික වූ බව ද කියා සිටියේය.

    අදාළ සංචාරයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය සඳහා පාකිස්තානයේ සංචාරය කළ බව අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දී තිබේ.

    "ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න. ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයිපීඑල් තරගාවලිය යනකොට ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයිපීඑල් ඕනේ නැහැ කියලා," යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

    2011 ලෝක කුසලානය

    1996 ලෝක කුසලානය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව ගැටලු මතු වූ විට පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව අමතක කළ නොහැකි බව ද ඔහුගේ අදහසය.

    ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍ය රණතුංග, "අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කථා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් නීති පැනවිය යුතුයි. එක් ඒජන්තවරයකුට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි," යනුවෙන් ද සඳහන් කළේය.
    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක _96922762_india
    Image copyright Reuters
    Image caption 2011 ලෝක ක්‍රිකට් කුසලානයේදී ඉන්දියාවට කඩුලු හයක ජයග්‍රහණයක් අත්විය

    මේ අතර බදාදා ස්කයිප් සාකච්ඡාවකට එක්වූ කුමාර් සංගක්කාර ද ක්‍රීඩක කළමනාකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව පෙන්වා දී තිබේ.

    කෘෂිකර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරයකට අදාළව තමන් චාලි ඔස්ටින්ගේ හවුල්කරුවෙකු වනු හැරුනුකොට ඔහු සමග වෙනත් ව්‍යාපාරික සම්බන්ධතාවක් නැතැයි කුමාර් සංගක්කාර එම සාකච්ඡාවේදී අවධාරණය කළ බව ඊට එක්වූ ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

    කෙසේවෙතත්, පාකිස්තාන සංචාරය පිළිබඳව පරීක්ෂා කළ යුතු අතරම 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    "මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඉන්දියාවට එරෙහිව පැවති අවසාන මහා තරගයේ දී සංගක්කාරගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුම වෙනස් කිරීම පිළිබඳව ක්‍රීඩා විචාරකයෝ ඒ අවස්ථාවේ විමතිය පළ කළහ.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක Empty Re: ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 14, 2017 8:01 pm

    Cricket, Politics and Religions in Sri Lanka are on the same boat. Shocked
    (It is time, people to realize that all three are only there to take (gullible) people for a ride and amass enormous amount of wealth for individuals).
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක Empty Re: ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක

    Post by malanp Sat Jul 15, 2017 12:14 pm

    They talk about cricket as if poor Sri Lankans can eat cricket to feed themselves..


      Current date/time is Sun Sep 01, 2024 7:11 am