The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රටට හංගන ණය අර්බුදය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රටට හංගන ණය අර්බුදය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රටට හංගන ණය අර්බුදය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රටට හංගන ණය අර්බුදය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රටට හංගන ණය අර්බුදය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රටට හංගන ණය අර්බුදය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රටට හංගන ණය අර්බුදය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රටට හංගන ණය අර්බුදය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රටට හංගන ණය අර්බුදය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රටට හංගන ණය අර්බුදය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රටට හංගන ණය අර්බුදය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රටට හංගන ණය අර්බුදය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රටට හංගන ණය අර්බුදය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රටට හංගන ණය අර්බුදය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රටට හංගන ණය අර්බුදය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රටට හංගන ණය අර්බුදය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රටට හංගන ණය අර්බුදය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රටට හංගන ණය අර්බුදය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රටට හංගන ණය අර්බුදය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රටට හංගන ණය අර්බුදය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රටට හංගන ණය අර්බුදය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රටට හංගන ණය අර්බුදය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රටට හංගන ණය අර්බුදය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රටට හංගන ණය අර්බුදය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රටට හංගන ණය අර්බුදය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රටට හංගන ණය අර්බුදය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රටට හංගන ණය අර්බුදය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රටට හංගන ණය අර්බුදය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රටට හංගන ණය අර්බුදය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රටට හංගන ණය අර්බුදය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රටට හංගන ණය අර්බුදය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රටට හංගන ණය අර්බුදය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රටට හංගන ණය අර්බුදය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රටට හංගන ණය අර්බුදය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රටට හංගන ණය අර්බුදය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රටට හංගන ණය අර්බුදය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රටට හංගන ණය අර්බුදය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රටට හංගන ණය අර්බුදය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රටට හංගන ණය අර්බුදය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රටට හංගන ණය අර්බුදය Empty රටට හංගන ණය අර්බුදය

    Post by nihal123 Wed Jul 05, 2017 5:07 pm

    රටට හංගන ණය අර්බුදය
    (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)

    රජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප‍්‍රශ්නය නිසා බව එම ප‍්‍රකාශවලින් හැඟ වේ. එබැවින් එම ප‍්‍රකාශවලින් ඉදිරිපත්ව ඇති කරුණු සහ පසුගිය කාලපරිච්ජේදය තුළ ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් සැබෑ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට අවස්ථාව සැලසේ.



    ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලූවක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප‍්‍රමාණය දේශීය වශයෙන් සම්පාදනයකර ගැනීමට නොහැකි වීමයි. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීම නිසා ආයෝජනය සඳහා යොදාගත හැකි අරමුදල්වල හිඟයක් පවතී.

    එවැනි තත්ත්වයක් තුළ විදේශ ආධාර සහ ණය මඟින් ආයෝජනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදුවේ. සංවර්ධනය වූ රටවල් පවා දේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය යොදාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ සංවර්ධනයේ මුල් අවස්ථාවේදී ආර්ථික සංවර්ධන සඳහා විදේශීය ණය ආධාර කරගෙන ඇත.

    මේ ආකාරයටම රජයේ වර්තන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් ප‍්‍රමාණවත් නොවනවිට, විශේෂයෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා දේශීය වශයෙන් ණය ලබාගැනීමටද රජයන් කටයුතු කරනු ලබයි. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය විසින් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මඟින් දේශීය වශයෙන් ණය ලබාගැනීම සිදු කෙරේ.

    සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද අරමුදල් අවශ්‍යතා පියවාගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට පෙළඹී ඇත. ලෝකයේ වැඩියෙන්ම ණය ලබාගෙන ඇති රජය වන්නේ ජපන් රජයයි. ජපන් රජය මේ වන විට එරට දළදේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250.40 ක ණය ලබාගෙන ඇති අතර ඉතාලියේ එම ප‍්‍රමාණය සියයට 132.6කි. සිංගප්පූරුවේ සියයට 112 ක් ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 106.10 ක් ද වේ. ලොකු කුඩා සෑම රටකම පාහේ රජයන් තම කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව ඉන් පැහැදිලි වේ.

    ශ‍්‍රී ලංකාව සංවර්ධන කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය මහාපරිමාණ වශයෙන් යොදාගැනීමට යොමු වූයේ 1977 වසරේදී නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමෙන් පසුවය. 1976 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12.6 ක් විය. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4.9 ක් විය. රටේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 17. 6 ක් විය. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 58.5 පමණක් විය.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ මුල් වසර වූ 1978 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16.3 ක් ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 14.5 ක් ද මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 30.9 ක් වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 72.5 ක් විය. නිදහස ලබාගැනීමේ සිට ඒ දක්වා කාලපරිච්ජේදය තුළ වාර්තා වූ ඉහළම ණය අනුපාතය එය විය.

    ඉන් වසර 11 කට පසු 1989 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 117.5 ක් දක්වා ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 156.2 ක් දක්වාද ඉහළ ගොස් මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 273. 8ක් දක්වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 108.7 ක් විය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වූ ඉහළම මට්ටම එයයි.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති රැසක් දීයත්කරනු ලැබීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අතිවිශාල ආයෝජන ප‍්‍රමාණයක් යෙදවීමට සිදුවූ අතර ඒ සඳහා රජය සතුව මුදල් නොතිබීම හේතුවෙන් මේ ආකාරයට දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග ඔස්සේ ණය ලබාගෙන එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට සිදු විය.

    රජයේ වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන විට රජයේ අයවැය ලේඛනයේ හිඟය එන්න එන්නම වැඩි වෙයි. ඒ සඳහා සමහර රාජ්‍ය නායකයන් කදිම උපාය මාර්ගයක් ලෙස සැලකුවේ රාජ්‍ය සම්පත් සහ ආයතන පෞද්ගලීකරණය කර ආදායම ලබා ගැනීමයි. 1991 දී එය ආරම්භ කළ අතර එය හඳුන්වාදෙනු ලැබුයේ ජනතාකරණය වශයෙනි. 1991 සිට 2005 දක්වා වසර 15 තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර රජයේ වියදම් ද පියවා ගැනීමට කටයුතු කරනු ලැබීය.



    චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිය පාලන කාලය තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර අයවැය සඳහා මුදල් සොයාගනු ලැබීය. 1997 වසරේ දී එමගින් ලැබුණු ආදායම රුපියල් මිලියන 22,499ක් විය. එම වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 62,732 ක් වූ අතර ඉන් තුනෙන් එකක්ම රාජ්‍ය දේපළ විකිණීම මඟින් සපයා ගැනීමට හැකිවිය. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන රජයට බලකර සිටියේ තවදුරටත් ණය ලබාදීමට නම් රජයේ දේපළ පෞද්ගලික අංශයට අලෙවි කිරීම අනිවාර්යය කොන්දේසියක් වියයුතු බවයි.

    රාජ්‍ය දේපළ අලෙවිකර රජයට ආදායම ලබා ගත්තද 1990 සිට 1995 දක්වා කාලපරිච්ජේදය පිරික්සීමේදී පැහැදිලි වන්නේ එම මුළු කාල පරිච්ජේදය තුළදීම රාජ්‍ය ණය ප‍්‍රමාණයේ අඩුවක් සිදුව නැති බවයි. 1990 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුයියල් බිලියන 310.7 ක් වූ අතර එය සෑම වසරකදීම අඛණ්ඩව වැඩි වී ගොස් 1995 දී රුපියල් බිලියන 635.6 ක් දක්වා ඉහළ ගියේය. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය දේපළ අලෙවිකරමින් ආදායම ලබා ගනිද්දී පවා සෑම රජයකටම සෑම වසරකදීම රජයේ වියදම් සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ණය ගැනීමටද සිදු වූ බවයි.

    2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.

    ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප‍්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප‍්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප‍්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.

    2014 දී රටේ මුුළු ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.

    කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප‍්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි. රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.

    වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.

    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.

    ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.

    මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක‍්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප‍්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප‍්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.

    මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.

    දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප‍්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)

    තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප‍්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප‍්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප‍්‍රමාණය නිසා සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප‍්‍රමාණය රුපියල අවප‍්‍රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.

    හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.

    වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප‍්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප‍්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.

    මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක‍්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.

      Current date/time is Sat Jul 27, 2024 8:20 am