The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියලේ අර්බුදය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියලේ අර්බුදය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියලේ අර්බුදය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියලේ අර්බුදය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියලේ අර්බුදය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියලේ අර්බුදය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියලේ අර්බුදය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියලේ අර්බුදය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියලේ අර්බුදය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියලේ අර්බුදය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියලේ අර්බුදය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියලේ අර්බුදය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියලේ අර්බුදය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියලේ අර්බුදය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියලේ අර්බුදය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියලේ අර්බුදය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියලේ අර්බුදය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියලේ අර්බුදය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියලේ අර්බුදය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියලේ අර්බුදය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියලේ අර්බුදය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියලේ අර්බුදය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියලේ අර්බුදය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියලේ අර්බුදය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියලේ අර්බුදය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියලේ අර්බුදය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියලේ අර්බුදය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියලේ අර්බුදය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියලේ අර්බුදය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියලේ අර්බුදය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියලේ අර්බුදය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියලේ අර්බුදය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියලේ අර්බුදය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියලේ අර්බුදය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියලේ අර්බුදය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියලේ අර්බුදය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියලේ අර්බුදය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියලේ අර්බුදය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියලේ අර්බුදය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියලේ අර්බුදය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියලේ අර්බුදය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියලේ අර්බුදය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියලේ අර්බුදය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියලේ අර්බුදය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියලේ අර්බුදය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියලේ අර්බුදය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියලේ අර්බුදය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියලේ අර්බුදය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියලේ අර්බුදය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියලේ අර්බුදය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    රුපියලේ අර්බුදය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියලේ අර්බුදය Empty රුපියලේ අර්බුදය

    Post by nihal123 Sun Sep 30, 2018 5:46 am

    රුපියලේ අර්බුදය
    වසන්ත ප්‍රිය රාමනායක

    ආයු අපේක්ෂාව අතින් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝ නොවන රෝගවලට ප්‍රතික්‍රියා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශ්‍රී ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන සිටීම ද ජයග්‍රහණයකි.

    සාමාන්‍ය දිනක වුව ද ප්‍රධාන මාර්ගය දෙස විනාඩි දහයක් බලාගෙන සිටින කෙනකුට කෝටි තුන හතර වටිනා වාහන කීපයක් දැකගත හැකිය. එසේම 2008 දී පැවැති 60%ක් වූ පොදු මගී ප්‍රවාහනය මේ වනවිට 40% දක්වා අඩුවී තිබේ. බොහෝ අය කුඩා කුඩා වාහන පාරට ගෙනැවිත් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගන්නා බව පෙනේ. මේ නිසා නාගරිකව කි. මීටර් 15ක ගමණක් යෑමට වුව ද පැය එකහමාරක පාරේ රස්තියාදුවක් දක්නට ලැබෙන තැනකට රට පත්ව ඇත. ලබා ඇති ජයග්‍රහණවල වගකීම සියලු ආණ්ඩුවලට බැර වන අතර පසුබෑම ද සමස්තයක් වශයෙන් කාටත් බාර ගැනීමට සිදුවී තිබේ.

    මෙවන් පසුබිමක අද ඇතිවී ඇති ආර්ථික අර්බුදය කුමක් ද? රුපියල මේ තරම් මස්තබාල්දු වෙමින් පවතින්නේ ඇයි?
    මොන අර්බුදයක් ද?

    “දැන් නරක කාලය අවසන්, ඉදිරියට උදාවී තිබෙන්නේ ජනතාවට සහන දෙන කාලයයි”

    ආණ්ඩුවේ සමහර නායකයන් ජනතාවට උත්තර බඳින්නේ එහෙමය. ජනාධිපතිවරයා නම් එසේ කියන්නේ නැත. ඔහු පසුගිය කැබිනට් රැස්වීමේ දී පවා සඳහන් කර තිබුණේ තෙල් මිල හා ජීවන වියදම් ප්‍රශ්නය නිසා ‘ජනතාවට අමාරුයි’ කියලාය. එයම පැවැසීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අපහසුතාවකට පත්විය. සමහර කැබිනට් සගයන් සංඛ්‍යාලේඛන ගොන්නක් ගෙනහැර පාමින් සජිත්ගේ මතය චප්ප කිරීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසානයේ ජනතාවගේ ජීවන වියදමේ ප්‍රශ්නය ගැන කතා කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එය ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ බව පැවැසේ. ඔහු මොන හේතුවක් මත එය කළා දැයි කියන්න දන්නේ නැත. ඔහුගේ පියාණන්ගෙන් නම් කිසිදිනෙක එවැන්නක් සිදුනොවේ. අවසානයේ ජීවන වියදම ගැන කතා කළ ජනාධිපති මෛත්‍රීට තනිව තම මතය තහවුරු කිරීමට සිදුවිය.

    මෙතැන ඇත්තේ ජනතාව අතරේ වැඩ කිරීම, ජනතා නාඩි හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ නමුත් ආණ්ඩුව තුළම ජනතාවට එතරම් අමාරුවක් නැති ගානට කල්පනා කරන පිරිසක් සිටින බව පෙනේ. ජනාධිපති මෛත්‍රී හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිතර නිතර ගමට යන නිසා, ජනතාව සමීප කරගන්නා නිසා ඔවුන්ට දැනෙන දේ අනෙක් අයට නොදැනෙන්නේ නොදැනුවත්කම හෝ උද්ධච්චකම නිසා දැයි කියන්න දන්නේ නැත.

    ඒ නිසා මේ අය ජනතාව ගැන කල්පනා කරන ක්‍රමයේ වෙනසක් තිබෙන බව පෙනේ. පුරා දශකයකට පසු ආණ්ඩුව ආර්ථික වර්ධනය වාර්තා කළේ 2017 වසරේදීය. එය 3.1%කි. මේ වසරේ එය යන්තමින් 3.8%ක් වත් වේ යැයි ආණ්ඩුවේ සමහරු උදම් අනමින් සිටිති. මෙය මේ කලාපයේ අඩුම වර්ධනයකි. වත්මන් වෙළෙඳපොළ ආර්ථිකය තුළ පිටරටට භාණ්ඩ පැටවීමෙන් (අපනයනයෙන්) තොරව අපේ වියදමට ඩොලර් ගලා එන්නේ නැත. ඒ අතින් බලන කල අප සිටින්නේ අඩුම අපනයන මට්ටමකය. එසේම වැඩි වැඩියෙන් පිටරටින් භාණ්ඩ ආනයනය කරන අවධියකය. එනම් පිටරටින් ඇ. ඩොලර් බිලියන 21ක භාණ්ඩ ආනයනය කරන විට අපට ලැබෙන්නේ ඇ. ඩො. බිලියන 10ක අපනයන ආදායමකි. ඉතිරි 11 සොයා ගන්නේ කෙසේ ද? ඒ සඳහා වැඩි වැඩියෙන් බදු අය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. මේ වනවිට සරුංගලය හා වෙසක් කූඩුව පවා පිටරටින් ගෙන්වන තැනකට රට පත්ව ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නම් වෙනම ප්‍රශ්නයකි. එහෙත් වාහන ආනයනයට දෙවැනි තැන ලැබීම ගැන ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැත.
    එක් අතකින් රස්තියාදුකාර ආනයන පිළිවෙතක් ගෙනයමින්, වක්‍ර බදු හා ඍජු බදු සමබර නොවන රටක බදු වැඩි කිරීමෙන් වියදම් පියවාගන්නා තැනට රජය පත්ව ඇත. මේ බදු බර වැඩියෙන් දැනෙන්නේ සාමාන්‍ය පන්තියේ දුගී දුප්පත් ජනතාවටය. රටේ බදු ආදායමින් සියයට 80ක වක්‍ර බදුවලින් සොයා ගන්නා විට අනිවාර්යයෙන්ම එය හිඟන්නාගේ, දුගියාගේ පොකැට්ටුවට තට්ටුවීමකි. මෙතැනට තෙල් මිල සූත්‍රය ද එක්වීමෙන් වැඩියෙන් රිදී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය. සුපර් මාකට්වලින් ක්‍රෙඩිට් කාඩ්වලින් බඩු ගන්නා දේශපාලනඥයන්ට මේ අමාරුව නොතේරීම ගැන පුදුම විය යුතු නැත.

    “මේ අවස්ථාවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ඇතැම් බදු ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථික හා සමාජ විෂමතා අතින් ගත් කල හානිකරය” - ජුවන් පැබ්ලෝ (එ.ජා. සංවිධානයේ විදේශ ණය, මානව හිමිකම් සහ සමාජ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ)

    මේ අතර ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය යන රටවල අනෙක් ආසියාතික රටවලට වඩා ආහාර මිල ගණන්වල ඉහළ මට්ටමක් පවතින බවත් මේ නිසා එම රටවල මන්දපෝෂණය බහුල වීමේ ඉඩකඩ පවතින බවත් සඳහන් කරන්නේ ද තවත් ලෝක බැංකු විද්වතුන් දෙදෙනෙකි. මෙය සඳහන් වන්නේ පසුගිය අගෝස්තු 28 වැනිදා නිකුත් වූ අග්නිදිග ආසියාවේ පෝෂ්‍යජනක ආහාර වියදම පිළිබඳ සමීක්ෂණ වාර්තාවේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ තර්ක කළ අය මේ වාර්තා කියවා ඇද්දැයි කියන්න දන්නේ නැත.
    මේ නිසා පසුගිය ආණ්ඩුවට බැණවදිමින් රාජපක්ෂ වෛරයෙන් පමණක් සියල්ල යටපත් කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ රජය මේ ආණ්ඩුවට රට බාරදෙන විට ඩොලරයට සාපේක්ෂව රුපියල පැවැතියේ රු. 131/- මට්ටමකය. මේ ලියන මොහොත වනවිට 171/- කි.

    රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න - “රුපියලේ අගය පාලනය කරන්නේ ආණ්ඩුව නොවෙයි. මහ බැංකුවයි.”

    එතකොට ආණ්ඩුවක් තියෙන්නේ කුමකටදැයි ජනතාවට පිළිතුරක් අවශ්‍යය. මේ අර්බුදය සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මහ බැංකුව කළ අනතුරු ඇඟවීම ගැන අද ආණ්ඩුව කියන්නේ කුමක් ද? මේ අතර රාජපක්ෂ යුගයේ 2012 වසරේ සියයට 12කින් රුපියල බාල්දු වූ බව ආණ්ඩුව කියයි. මේ කතා කරන්නේ එක අවුරුද්දක් ගැනය. සමස්ත චිත්‍රය එය නොවේ. රාජපක්ෂ යුගයේ වසර 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 3.56 කි. වර්තමාන රජයේ වසර 3යි මාස 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 9/- කි. එකට තුන් ගුණයකි. අනෙක් තර්කය ඉන්දියාව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව අපේ මුදල් ඒකකයේ මස්තබාල්දු වීමේ වේගය අඩු බවයි. මේ කියන රටවල අපනයන ආදායම මේ රටවල අපට වඩා බෙහෙවින්ම ඉහළය. ඒ නිසා එම රටවලට මුදලේ අවප්‍රමාණය අපට තරම් ප්‍රශ්නයක් නොවේ. උදාහරණ ලෙස ජපානයේ ණය බර සියයට දෙසිය ගුණයකටත් වඩා වැඩිය. අපේ සියයට 81 කි. එහෙත් ජපානයට වඩා අප පොහොසත් වන්නේ නැත.

    රුපියල බාල්දු වුවත් අපේ විදේශ සංචිතවල අඩුවක් නොමැති බවත් ඒවා රුපියල ස්ථාවර කරගැනීමට නොයොදන බවත් රජය පවසයි. එය පූර්ණ සත්‍යයක් නොවේ. ඊට හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසේ නොකරන මෙන් කොන්දේසියක් දමා තිබීම නිසාය. මේ වනවිට අපේ රුපියල ඉතියෝපියාව හා සිම්බාබ්වේ වැනි දූෂිත නොදියුණු රටවලටත් වඩා අඩු මට්ටමකට වැටී ඇතැයි විපක්ෂයේ තර්කයට රජය පිළිතුරු නොදෙන්නේ එහි සත්‍යතාවක් ඇති නිසා ද? එසේ නම් අප වෙත ළඟාවෙමින් පවතින බියජනක ආර්ථික අර්බුදය පැහැදිලිය.

    රුපියල අවප්‍රමාණය වීම නිසා 2015 සිට මේ දක්වා සිදුවී ඇති අලාභය නැතිනම් එකතු වී ඇති ණය බර රු. බිලියන 821 කි. එහෙත් රජය මෙම තර්කය පිළිගන්නේ නැත. රුපියලේ අගය පිරිහීමෙන් රටේ ණය බර බිලියන ගණනින් වැඩිවන බවට විපක්ෂය නඟන චෝදනාවට පසුගියදා මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙසේ පිළිතුරු දී තිබුණි.

    “ඔය චෝදනාවේ කිසිදු පදනමක් නැහැ. ඕක මිනිස්සු නොමඟ යවන්න කියන කතාවක්.” (2018.09.24 මාධ්‍ය)
    එහෙත් රාජ්‍ය ඇමැතිවරයා කරනු ලබන සඳහන සත්‍යයක් නොවන බව ‘2017 මහ බැංකු වාර්තාවෙන්ම’ සනාථ වේ.

    “කෙසේ වුව ද රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 9කින්, රු. බිලියන 2032ක් දක්වා රු. බිලියන 925.7කින් ඉහළ යෑමට හේතු වූයේ ශුද්ධ ණය ප්‍රමාණය ඉහළ යෑමත්, විදේශ මුදල් ඒකකවලට අදාළව රුපියල අවප්‍රමාණය වීමත් ය.” (2017 මහ බැංකු වාර්තාව)
    මේ වනවිට ආණ්ඩුව පිළිගන්නා ආකාරයට කොළඹ කොටස් වෙළෙඳපොළින් ඉවත් කරගෙන ඇති මුදල ඩොලර් දශලක්ෂ 450කි. එහෙත් මහ බැංකු බැඳුම්කරවලින් ඉවත් කරගෙන ඇති ගණන ගැන සඳහනක් නැත. 2015 මේ ආණ්ඩුව භාරගන්නා විට පැවැති ඇ.ඩො. බිලියන 3.4 බැඳුම්කරවලින් මේ වනවිට ඇත්තේ 1.5 කි. මෙහි සමස්ත චිත්‍රය රටේ අස්ථාවරත්වය හා එක ප්‍රතිපත්තියක් නොමැතිකමය. ජාත්‍යන්තර සාධකවලට අමතරව ඇතිවී තිබෙන මේ ප්‍රබල සාධකයට ආණ්ඩුව පිළිතුරු සොයාගත යුතුය.

    රුපියල අවප්‍රමාණය වීම හා තෙල් මිල සූත්‍රය නිසා ඉහළ යන බඩු මිල අබියස වෙළෙඳුන්ගෙන් සිදුවන ගසාකෑමට එරෙහිව රජයේ මැදිහත්වීමක් නොමැති තරම්ය. පිටි කිලෝවක් රු. 5/-කින් වැඩි වනවිට එක බනිස් ගෙඩියකින්ම ඒ රු. 5/- එකතු කර ගැනීමේ ගසා කෑමක් රටේ පවතී. තෙල් මිල රු. 10/-කින් වැඩි වනවිට ත්‍රීවීලර්කරුවෝ පළමු කි. මීටරයටම එම දහය එකතු කරති. සොයන්න ආණ්ඩුවක් නැති ගාණය. එහෙත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවක එම තත්ත්වය පාලනය කර ගැනීමටය. රුපියලේ හා තෙල් මිලේ ප්‍රශ්නය උග්‍ර වී තිබෙන්නේ ඒ නිසාය.

    කහටගස්දිගිලියේ පවුලක් මුරුංගා කොළ ආහාරයට ගැනීමේ පුවත ගැන ජනාධිපති මෛත්‍රී අතිශයින් කම්පාවට පත්විය. ඔහු මාධ්‍යයට දොස් කීවේ නැත. වහා ඒ ගැන සොයා බලා ඊට පිළියම් යෙදීමට නිව් යෝර්ක් යාමට ප්‍රථම කටයුතු යෙදීය. එහෙත් ආපදා කළමනාකරණ ඇමැතිවරයාට අනුව මුරුංගා මැල්ලුම ජපානයට පවා අපනයනය කරන සුඛෝපභෝගී ආහාරයකි. මාධ්‍ය එය හුවාදැක්වීම වරදකි. ඒ පවුලටත් සමෘද්ධි ලැබෙන නිසා “අපි සමෘද්ධි දෙනවා. පුළුවන් නම් කාපල්ලා, නැත්නම් නිකං හිටපල්ලා” වගේ කතාවක් මෙමඟින් ගම්‍ය වේ.

    වෙනස ඇත්තේ මෙතැනය. ජීවන වියදමේ ප්‍රශ්නය ජනතාවට වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් ඊට සංවේදී නොවීම නිසාය. ඒ අයගේ සංවේදී නහර කපලා වාගේය. මේ නිසා දුප්පත් මිනිසුන් ගැන කතා කරන ආණ්ඩුවේ සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස වගේ අයට ද පසුබැසීමට සිදුවී තිබේ. ජනාධිපති මෛත්‍රීට මේ ගැන හොඳින් තේරෙන බව පෙනේ. ඒ නිසා එතුමා වෙනසකට යා හැකිය. ඒ ඔහු අසංවේදීන්ගේ වළේ වැටීමට සූදානම් නොවන නිසාය. එහෙත් වෙනසක් සිදු නොවන්නේ නම් මේ අය වළේ වැටෙන විට හෙට දවසේ එතුමාට ද ඉවුරේ සිට ගැනීමට නොහැකිවනු ඇත.

    http://www.lankadeepa.lk/features/
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

    Post by serene Mon Oct 01, 2018 7:29 am

    Thanks Nihal.
    Will they do something to restore confidence back in to capital market.
    avatar
    mymoney


    Posts : 544
    Join date : 2014-08-06

    රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

    Post by mymoney Mon Oct 01, 2018 3:58 pm

    serene wrote:Thanks Nihal.
    Will they do something to restore confidence back in to capital market.

    https://forum.lankaninvestor.com/t3647-now-what-post-election?highlight=election#25554
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

    Post by serene Mon Oct 01, 2018 5:01 pm

    mymoney wrote:
    serene wrote:Thanks Nihal.
    Will they do something to restore confidence back in to capital market.

    https://forum.lankaninvestor.com/t3647-now-what-post-election?highlight=election#25554
    Thanks my money. Back then I should have put a FD.
    Things have really changed. Twisted Evil Twisted Evil
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

    Post by nihal123 Wed Oct 03, 2018 7:54 pm

    රු. 3.50 සිට රු. 170 දක්වා රුපියල අවප්‍ර‍මාණය වු නමුත්, රටේ ආර්ථික ප්‍ර‍ශ්න විසදී නෑ. ආර්ථික අර්බුදය ජය ගැනීම ‘නිසි කළමනාකරණයක්‘ අවශ්‍යයි.

    - කීර්ති තෙන්නකෝන් කියයි

    ‘අර්ථික කටයුතු පිළිබද අවසන් තීරණ ගැනීම සදහා National Economic Council නැතිනම් ජාතික අර්ථික කවුන්සිලය කියලා ආයතනයක් නිර්මාණය කර තිබෙනවා. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, මහ බැංකු අධිපති, ලේකම්වරු මෙහි සාමාජිකයින්. මෑත යුගයේ දැවැන්තම මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්නට ජාතික අර්ථික කවුන්සිලය ගත්ත ප්‍ර‍තිපත්ති තීරණ මොනවාද කියලා රටට පැහැදිලි කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

    එහිදී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා ,

    “නිදහස් ආර්ථිකය ආරම්භ වූ දා සිට අද දක්වා රු. 3.50 සිට රු. 170 දක්වා රුපියලේ අගය අව ප්‍ර‍මාණය වී තිබෙනවා. කාලයෙන් කාලයට රුපියලට තිබෙන ශත සීය අඩුවෙලා නෑ කියලා තර්ක ඉදිරිපත් කරපු මහාචාර්ය තිලක් රත්නකාර ගේ සිට හර්ෂ ද සිල්වා, එරාන් වික්‍ර‍මරත්න දක්වා දේශපාලන න්‍යාය පත්‍ර‍වලට වැඩ කරපු අය රුපියල අවප්‍ර‍මාණය ගැන මවපු සුරංගනා චිත්‍ර‍ ඇස් පනාපිට බිදවැටිලා තියෙනවා. ජාතික ආර්ථික කවුන්සිලයේ කවුරුවත්, අද පවතින අර්බුදය ගැන වචනයක් කියන්න කට අරින්නේ නෑ. අඩුම ගානේ පී.බී.ජයසුන්දර වැනි නිලධාරීන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමට හරි ඉදිරිපත් වුණා. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ආර්ථික විද්‍යා ඔස්තාර් ලා කියන පාස්කරලිංගම්, රත්වත්තේ ලා කවුරුත් රටට වගකියන්නේ නෑ. කරුණු පැහැදිලි කරන්නේ නෑ.

    රුපියල අවප්‍ර‍මාණය වීම වලක්වා ගැනීමට සංචිත බැහැර කිරීමට තමන් කටයුතු නොකරන බව දේශපාලනඥයින් කියනවා. නමුත්, එය සත්‍යයක් නොවෙයි. පසුගිය සති 3 තුල පමණක් රුපියල ආරක්ෂා කරන්න මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර තිබුණා. ඊයේ මහ බැංකුවේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තා 2018 ජනවාරි තිබුණ සංචිත ප්‍ර‍මාණයට වඩා ඩොලර් මිලියන 184 ක් අද අඩුවී තිබෙන බව. “

    2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත බිලියන 8 කි. පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතයේ වත්කම ඩොලර් මිලියන 8,590.87 කි. එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය කි. සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 කි. පසුගිය සතිය දක්වාම, දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍ර‍මාණයක් වෙළෙදපොළට එක් කොට තිබුණි. ඩොලර් මිලියන 500 ක් අතහැරිය පසුවත් රුපියල 9%කින් අවප්‍ර‍මාණය වී තිබේ.

    මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800 - 1000 ක් අතර ප්‍ර‍මාණයකි. ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය. මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ 13% කින් අවප්‍ර‍මාණය විය.

    වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය. මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ඩොලර් මිලියන 3.25 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත් එදා ද, 9% කින් රුපියල අවප්‍ර‍මාණයවීය. (මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා පුවත්පත් සාකච්ඡාවක දී පැවසූවේ ඩොලර් මිලියන 1.2 ක් මුදාහැරි බවයි. එය සත්‍ය නොවේ. 2015 මුදා හරිනු ලැබූ මුළු සංචිත ප්‍ර‍මාණය ඩොලර් මිලියන 3.25 කි.

    රුපියල තවදුරටත් බාල්දුවීම - අවසානය කොතැනද?

    “ලෝකයේ රටවල් හතක මුල්‍ය අනුපාතික අර්බුදයක් ඇතිවිය හැකි බව මෙයට මාස 1 ½ කට පෙර, ජපානයේ ‘නොමුරා‘ මුල්‍ය කළමනාකරණ ආයතනය පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ‘ලංකාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්ථානය, ඊජිප්තුව, තුරිකිය, යුක්රේනය‘ පිළිබද මේ වාර්තාවේ සදහන් වුනා. ජාතික ආර්ථික කවුන්සිලය, මහ බංකුව, මුදල් අමාත්‍යාංශය මේ වාර්තා ගනන් ගත්තේ නෑ. පිළියම් යෙදුවේ නෑ.

    සාමාන්‍යයෙන් ව්‍යවහාරයක් තියෙනවා ‘ආණ්ඩුවට වැඩිය රාජ්‍යය‘ ශක්තිමත් කියලා. අද ලංකාවේ තියෙන්නේ එහි විකෘතියක්. ‘රාජ්‍යයට වැඩිය ආණ්ඩුව ශක්තිමත්‘. වෙනත් රටක මෙවැනි තත්වයක් ඇති වුණාම වගකිව යුතු අය ගෙදර යවනවා. නමුත්, ලංකාවේ මේ අර්බුදයට වගකිව යුතු අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න සුරංගනා කථා කියනවා“ යැයි ද තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

    “2018 සිංහල-දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ බිද වැටීම ඇරඹුණේ රු. 155.75 ඉඳලා. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ඇතිවිය හැකි මුල්‍ය අර්බුයදයට දිගු කාලීන හෝ කෙටි කාලීන විසදුම් සෙව්වේ නෑ. එදා හිටපු මුදල් අමාත්‍යවරයා ‘කළු සල්ලි සුදු කරන ආර්ථිකයක්‘ ගැන සිහින මැව්වා. එදා රු. 131 ට තිබූ ඩොලරය රු. 105 දක්වා ශක්තිමත් කරන හැටි ගැන කථා කළා. අදත්, රටට කළු සල්ලි නම් එනවා. ඒවා ලැබෙන්නේ මහා භාණ්ඩාගාරයට නොවෙයි. දේශපාලනඥයින්ගේ ගිණුම්වලට.“

    “ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදුන් ණය සහන සදහා ලංකා රජය උපක්‍ර‍මික නොවන ව්‍යවසාය ඈවර කිරීම යටතේ හිල්ටන්, ලංකා හොස්පිට්ල් හා හයට් හෝටලය විකුණා දැමීමට යෝජනා කළා. 2014 ජනාධිපතිවරණ වේදිකාවේ දී ව්‍යාපාරික ප්‍ර‍ජාවට දුන් මේ පොරොන්දුව ඉටු කළේ නම් අවම වශයෙන් අද, භාණ්ඩාගාරයට/රටට ඩොලර් මිලියන 500 ක් පහසුවෙන්ම ලැබෙනවා. හිල්ටන් විකුණා දැමීමට යෝජනා වෙලා, දැන් අවුරුදු තුන හමාරක් වෙනවා. තවමත්, එය සිදුකරන්නට ‘කොමිස් මගින් පාලනයවන දේශපාලන-නිලධාරි ආර්ථික විශේෂඥයින්ට හැකිවී නෑ. “

    “ආයෝජන මණ්ඩලය හරහා යෝජනා වී තිබු විදුලිබල ව්‍යාපෘති 8 කින් එකක් හෝ ඇරඹීමට යහපාලන රජය අසමත් වුණා. යහපාලන රජයේ අවුරුදු 3 මාස 9 ට එක කිලෝ වෝට් එකක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. ලංකාවේ වැඩිම ආනයන වියදම තියෙන්නේ බොරතෙල් සදහා යි. පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය නමට පමණයි. මේ ආණ්ඩුව යටතේ විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් 250 කට වැඩි සංඛ්‍යාවක් ප්‍ර‍ධානය කර තිබෙනවා. හැබැයි තවම එකම කිලෝ වෝට් එකක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. සූර්ය බලශක්තිය ස්ථාපනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50 ක ණය ආධාරයට ගිවිසුම් අත්සන් කරන්න මාස 12 ක් ගියා. එහි ප්‍ර‍තිඑල අද රටම බුක්ති විදිනවා“ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

    මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු බැංකු විධායක රුසිරුපාල තෙන්නකෝන් මහතාද එක්ව සිටි අතර එහිදී කීර්ති තෙන්නකෝන් මහතා සහ රුසිරුපාල තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් ඇතුළත් හඩපට වලට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.

    කීර්ති තෙන්නකෝන් මහතාගේ හඩපටය - https://soundcloud.com/livemediasl/2018103a

    රුසිරුපාල තෙන්නකෝන් මහතාගේ හඩ පටය - https://soundcloud.com/liveme…/20181003-rusirupala-thennkoon
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රුපියලේ අර්බුදය Empty Re: රුපියලේ අර්බුදය

    Post by Ethical Trader Thu Oct 04, 2018 12:38 pm

    Thanks.

      Current date/time is Sat Jul 27, 2024 7:25 pm