- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි
BBC Sandeshaya මිනිත්තු 55 පෙර
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස් වෙනි එක් දින සීමිත ඕවර තරගයේ ද ජයග්‍රහණය අත්කරගනිමින් එක් දින ශූරතාවලිය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළදී එක් දින ශූරතාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී පැවති එක් දින තරග දෙකක් ජයග්‍රහණය කළ නමුත්, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු යුවල, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබියදී එම තරගය ද ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව අට වෙනි ස්ථානය දරන ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොලොස් වෙනි ස්ථානය දරන සිම්බාබ්වේ කණ්ඩායමට මේ ආකාරයෙන් පරාජය වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය පළවෙමින් පවතී.
කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලැබීම අවධානයට බඳුන් වී තිබෙන එක් ප්‍රධාන කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතියේ බීබීසී සිංහල සේවයට පැවසීය.
මීට ඉහත දී තරග කිහිපයක් බංග්ලාදේශයට ද පරාජයවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව සංවාදයක් මතුවිය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි
දිනුවත් පැරදුනත් එකයි අපි " මැච් ෆික්සින් කොල්ලෝ " කියලා මුන් ටික ගෙදර යනවා.
අනේ මගේ කරගන්න බැරිඋන් වැඩටික කිය කිය දහස් ගනන් ඉට පස්සේ හුල්ලනවා
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates